ටෙලි නාට්‍ය හා චිත‍්‍රපට අධ්‍යක්‍ෂ සුමිත් රෝහණ සමුගනී

166

නව පරපුරේ කුසලතා පූර්ණ චිත‍්‍රපට හා ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂවරයකු ලෙස කටයුතු කළ සුමිත් රෝහණ තිත්තවැල්ගල මහතා කොවිඞ් නිව්මෝනියා තත්ත්වයට පත්වීමෙන් පෙරේදා (21දා) රාත‍්‍රි අභාවප‍්‍රාප්ත විය.

 මියයන විට 48 වියේ පසු වූ තිත්තවැල්ගල මහතා බිමල් ජයකොඩි, ජයනී සේනානායක, දමිතා අබේරත්න, ජගත් බෙනරගම ඇතුළු පිරිසක් රඟපෑ විචාරක ප‍්‍රසාදයට පාත‍්‍ර වූ ‘ස්තුතියි නැවත එන්න’ හා ‘පුංචි අන්දරේ’ ඇතුළු තවත් චිත‍්‍රපට කිහිපයක් අධ්‍යක්‍ෂණය කළේය. ‘සිරිපාල බාප්පා’ ඇතුළු කෙටි කතා සංග‍්‍රහය ඇතුළු පොත් කිහිපයක්ද සුමිත් විසින් ලියා තිබේ. මන්දස්මිතා ද සිල්වා මහත්මියගේ

 ස්වාමිපුරුෂයා වූ ඒ මහතා උමංගා සත්සරණී, උදුන්, නේසර, සුදීල පුතුන් දෙදෙනාගේ හා දියණියකගේ පියාණන් වේ. කළුතර මහගෙදර කළුමුල්ලේ පදිංචිව සිටි ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ සවස සිදුකිරීමට නියමිතව තිබු බව ඒ මහතාගේ චිත‍්‍රපටවල සහය අධ්‍යක්‍ෂවරයකු ලෙස කටයුතු කළ නලින් සම්පත් මාගොඩගේ මහතා පැවසීය.

 තිත්තවැල්ගල මහතාගේ අභාවයෙන් කුසලතා පුර්ණ කලාකරුවකු රටට අහිමි වී ඇතැයි නිදහස් කලා සන්ධානය නිකුත් කර ඇති ශෝක පණිවුඩයක දැක්වේ.

advertistmentadvertistment