ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්
වත්තල, හේකිත්ත හන්දියේ ඊයේ (22දා* පෙරවරුවේ රථ වාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියකු හප්පා තුවාල සිදුකිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් 35 හැවිරිදි ව්‍යාපාරිකයා වත්තල මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අද (23දා* දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබේ.
තුවාල ලැබූ පොලිස් නිලධාරියා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර තිබේ.
මෙලෙස රෝහල් ගතකර ඇත්තේ වත්තල පොලිසියේ රථවාහන විමර්ශන අංශයට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන් ගාමිණී (45592* මහතාය.

අනතුර සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇති ව්‍යාපාරිකයා සිය මෝටර් රථයෙන් ජාඇල සිට කොටහේන ප‍්‍රදේශයට ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය කියයි. රථය පදවන විට තමාට නින්ද ගිය බවත්, එහිදී මෙම අනතුර සිදුවූ බවත් ප‍්‍රශ්න කිරීමේදී ව්‍යාපාරිකයා පැවසූ බව පොලිසිය පවසයි.
අදාළ පොලිස් නිලධාරියා අනතුරට ලක්වන ආකාරය සීසීටීවී කැමරාවක සටහන් වී තිබේ.
රථ වාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියා සිටි ස්ථානයට ඉදිරියෙන් පැමිණි මෝටර් රථයක් එක්වරම ඔහුගේ ඇෙඟ් හැපී ඉදිරියට ධාවනය වන අයුරු එම සීසීටීවී දර්ශනයේ දැක්වේ.
අනතුරින් පසුව බිම ඇද වැටී ඇති පොලිස් නිලධාරියා සෙසු නිලධාරීන් සහ ජනතාවගේ සහයෝගය ඇතිව රෝහල් ගත කිරීමට පියවරගෙන තිබිණි.
මේ පිළිබඳව වත්තල පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ලලිත් සිලෝගම මහතාගේ උපදෙස් මත රථ වාහන විමර්ශන අංශයේ ස්ථානාධිපති උ.පො.ප. ඉමල්ක සංජීව මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් කොස්තාපල්වරුන් වන මධුසර (92472*, සමන් (73728*, ආනන්ද (31216*, සේනානායක (77202* යන නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ සිදුකරති.