ආසියාවේ පළමුවරට 5G හැකියාව ප්‍රදර්ශනය කළ විදුලි සංදේශ සේවා සම්පාදකයා ලෙසින් 2018 වසරේදී එම තාක්ෂණය පාරිභෝගිකයා වෙත පිදීමට කටයුතු කළ ඩයලොග් ආසිආටා පී.එල්.සී, එම තාක්ෂණ සැපයුමේ සුවිශේෂී මංසලකුණක් සටහන් කරමින් සිය 5G අත්හදා බැලීමේ ජාලය අත්විඳි මෙරට පාරිභෝගිකයන් ගණන 200,000 ඉක්මවා යෑම ඉකුත්දා සටහන් කරන ලදී.

මෙම 5G අත්හදාබැලීමේ ජාලය මගින් අධිවේගී ඩේටා භාවිතාවක් සඳහා අවස්ථාව සලසා දෙමින්, 1Gbps අප්ලෝඩ් සහ ඩවුන්ලෝඩ් වේගයක් සමගින් 5G තාක්ෂණයෙන් පිරිනැමෙන පරිපූර්ණ අන්තර්ජාල අත්දැකීම විඳගැනීමට අවස්ථාව සලසා දී ඇත්තේය. කලාපයේ අසමසම 5G අත්දැකීම පිරිනැමීම සඳහා අති නවීන තාක්ෂණික යටිතලයක් ගොඩනැගීමෙන් නොනැවතී, එම තක්ෂණය භාවිතා වන සිය පාරිභෝගිකයින් සඳහා ඩයලොග් ආසිආටා වෙතින් මාසිකව 5Gඊ ඩේටා නොමිලේ පිරිනැමීමද සුවිශේෂයි.

දේශිය වශයෙන් පමණක් නොව, ඉන්දියාව ඇතුළු ලොව පුරා ගමනාන්ත 50ක, 100කට අධික දුරකථන ජාල ඔස්සේ අධිවේගී 5G සබදතාවය අත්විඳීමට ඩයලොග් රෝමිං පාරිභෝගිකයන්හට දැන් අවස්ථාව හිමිවේ. මේ අතර ශ්‍රී ලංකාවේ දැවැන්තම 5G අත්හදාබැලීමේ ජාලය ගොඩනැගීමටද ඩයලොග් සමත්ව සිටියි. ඒ අනුව, කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රධාන නගර කිහිපයක්ම ආවරණය වන පරිදි, 70කට අධික ප්‍රදේශ ගණනක ඩයලොග් 5G අත්හදාබැලීමේ ජාලය ව්‍යාප්තව පවතී. අඅඅගාස්කදටගකනරැ5ට මගින් එම ප්‍රදේශ ලැයිස්තුව දැක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment