ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, 2025 නව වසරට එළඹෙන අසිරිමත් මොහොත කොළඹ ගාලුමුවදොර පිටියේදී සමරනු ලැබුවේ පෙරළිකාර ඩ්‍රෝන සංදර්ශනයකින් සනිටුහන් තබමිනි.
ITN නාලිකාවේ 31 රෑ අවුරුදු සැමරුම හා අත්වැල් බැඳ ගනිමින්, ඩ්‍රෝන යානා 400 කින් කොළඹ අහස් කුස ඒකාලෝකමත් කරමින් මෙම සංදර්ශනය පවත්වනු ලැබිණි. කිලෝමීටර් 5 ක් තරම් දුර ප්‍රමාණයක් ඇතුළත දැකගත හැකි වූ මෙම විස්මිත ආලෝක සංදර්ශනය, නව අවුරුදු උදාව ඩ්‍රෝන තාක්ෂණයෙන් සනිටුහන් තබන ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම අවස්ථාවද වෙයි.
‘අනාගතය අදයි’ යන ඩයලොග් සන්නාම පොරොන්දුව සැබෑවක් කරමින් තාක්ෂණික නවෝත්පාදන අත්දැකීම් ශ්‍රී ලාංකික ජනාතාවට පිරිනැමීමේ කැපවීම විදහා දක්වන ලද මෙම ඩ්‍රෝන සංදර්ශනය, ඒ මොහොතේ ගාලු මුවදොරට එක්රැස්ව සිටි 150,000 කට අධික ජනතාවට අමතරව, මිලියන 12කට අධික ශ්‍රී ලාංකිකයින්ට ඩිජිටල් හා සමාජ මාධ්‍ය ඔස්සේ දැකගැනීමට අවස්ථාව සලස්වා තිබිණි. නව අවුරුදු උදාව තාක්ෂණයේ මහිමයෙන් සනිටුහන් තැබූ මෙම අසිරිමත් අවස්ථාව ජනතාවගේ නොමද ආකර්ෂණයට පාත්‍ර වූවා පමණක් නොව, දෙස් විදෙස් මාධ්‍ය රැසක මෙන්ම සමාජ මාධ්‍යයන්හිද සුවිශාල අවධානය දිනා ගනිමින් ඒ පිළිබඳ වාර්තා සිය දහස් ගණනක් පළකර තිබුණි.
මෙම අසිරිමත් අවුරුදු සැමරුම පිළිබඳව, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන අලෙවි නිලධාරී ලසන්ත තෙවරප්පෙරුම මහතා අදහස් දැක්වූයේ ප්‍රමෝදයෙනි, “ඩයලොග් හි අපි, නිරතුරුවම උත්සාහ දරන්නේ අනාගත තාක්ෂණය කේන්ද්‍ර කරගත් නවතම අත්දැකීම් ශ්‍රී ලාංකිකයින්ට පිරිනැමීමටයි. 31 වැනිදා රාත්‍රියේ පැවැත්වූ ඩ්‍රෝන සංදර්ශනය, අපගේ එම කැපවීම විදහා දැක්වීමට සමත් වුණු අවස්ථාවක්. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට නව අවුරුදු උදාව මෙවැනි ඩ්‍රෝන සංදර්ශනයක් ඔස්සේ සැමරීමේ පුරෝගාමියා ලෙසින් අපගේ අරමුණ වුණේ, අපගේ ජනතාවට එකමුතුකමෙන් හා ප්‍රීතියෙන් යුතුව 2025 නව අවුරුද්ද සැමරිය හැකි අවස්ථාවක් නිර්මාණය කිරිමයි.”