ඩයලොග් බලගැන්වීමෙන් ශ්‍රී ලංකා ඩිජිටල් අලෙවිකරණ සංගමය මගින් පවත්වන ‘ශ්‍රී ලංකා ඩිජිටල් අලෙවිකරණ සමුළුව 2023‘ ජුලි මාසයේදී

69
ඡායාරූපයේ (වමේ සිට දකුණට): ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ අලෙවි අංශයේ ඩිජිටල් අලෙවිකරණ ප්‍රධානී මොහොමඩ් ගසාලි මහතා, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ අලෙවි අංශයේ සාමාන්‍යාධිකාරී අශානි සේනාරත්න මහත්මිය, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ අලෙවි අංශයේ උප සභාපති . සන්නාම හා මාධ්‍ය හර්ෂ සමරනායක මහතා, ශ්‍රී ලංකා ඩිජිටල් අලෙවිකරණ සංගමයේ සභාපති උමේර් වොලිඩ් මහතා, ශ්‍රී ලංකා ඩිජිටල් අලෙවිකරණ සංගමයේ උප සභාපති අර්ජුන් ජෙගෙර් මහතා, ශ්‍රී ලංකා ඩිජිටල් අලෙවිකරණ සංගමයේ උප සභාපති ශෙහාන්

ශ්‍රී ලංකාවේ ඩිජිටල් අලෙවිකරුවන් සඳහා වන වෘත්තීය ආයතනය වන ශ්‍රී ලංකා ඩිජිටල් අලෙවිකරණ සංගමය (DMASL) සහ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා සමග එක්ව පවත්වනු ලබන ‘ශ්‍රී ලංකා ඩිජිටල් අලෙවිකරණ සමුළුව 2023‘ ජුලි 04 වෙනිදා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වීමට නියමිතය.

ලාංකේය පුනරුදය ශ්‍රී ලංකාව යළි පුබුදුවාලීම වෙනුවෙන් ඩිජිටල් තාක්ෂණයේ ප්‍රබලබව හුවාදැක්වීම’ මෙවර සමුළුවේ තේමාවයි. මෙම සමුළුව සඳහා Meta, Google, LinkedIn ඇතුළු කීර්තිමත් ගෝලීය සමාගම් නියෝජනය කරන දස දෙනෙකුට අධික කථිකයන් වැඩි පිරිසක් දේශන පැවැත්වීමට නියමිතයි. එසේම, මෙම සමුළුව අන්තර් ක්‍රියාකාරී සැසි තුනකින්ද සමන්විත වන අතර, මේ සඳහා සහභාගීවන්නන්ට ශ්‍රී ලංකාව සහ කලාපීය උදාහරණ ඉලක්ක කරගත් විශේෂ යථාර්ථවාදී සිද්ධි අධ්‍යයනයන් සඳහාද අවස්ථාව හිමිවනු ඇත. මේ සඳහා සහභාගී වන පිරිස්වලට ප්‍රශ්නෝත්තර සැසියක් හරහා කථිකයින් සමඟ සම්බන්ධ වී ඔවුන්ගේ පෞද්ගලික මත සහ අදහස් පළ කිරීමටත් අවස්ථාව හිමිවේ. මෙම සමුළුව සම්බන්ධයෙන් සිය අදහස් පළ කළ ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ අලෙවි අංශයේ සාමාන්‍යාධිකාරී අශානි සේනාරත්න මහත්මිය “මෙම සමුළුවේ තේමා අනුග්‍රාහකයා වශයෙන් ඩයලොග් සමාගම මෙරට ඩිජිටල් මාධ්‍ය ක්ෂේත්‍රය වර්ධනය කරමින් ඊට සහයෝගය ලබාදීම වෙනුවෙන් කැප වී සිටිනවා. මෙවැනි සමුළු සංවිධාන කිරීම හරහා ඩිජිටල් අලෙවිකරණයේ සම්පූර්ණ පරමාර්ථයෙන් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා වෘත්තීය විශේෂඥයන්, ව්‍යාපාර ආයතන සහ ව්‍යවසායකයන්ව සවිබලගැන්වීම වෙනුවෙන් ප්‍රබල කාර්යභාරයක් ඉටුකරනවා. ඩිජිටල් අලෙවිකරණ පිළිබඳ දැනුම එකිනෙකා සමඟ බෙදාගනිමින්, සාමූහිකත්වය වර්ධනය කර නවෝත්පාදනයට අතහිත දී දිරිගැන්වීමෙන් අපේ ක්ෂේත්‍රයේ අනාගතය සාමූහිකව ගොඩනගා ගැනීමට අපිට හැකියාව ලැබෙනවා” යැයි කියා සිටියාය.

advertistmentadvertistment
advertistmentadvertistment