ඩයලොග්, OnMobile ආයතනය සමඟ එක්ව ONMO නමින් මොබයිල් Cloud ගේමිං මාධ්‍යය හඳුන්වාදෙයි

68

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම මොබයිල් විනෝදාස්වාද සේවාවන් සඳහා සුපතල මුල් පෙළේ ජාත්‍යන්තර ආයතනයක් වන OnMobile සමඟ එක්ව ඩයලොග් පාරිභෝගිකයන්ට ONMO (www.onmo.dgl.lk) නමින් අද්විතීය ගේමිං අත්දැකීමක් හඳුන්වාදීමට කටයුතු කර තිබේ.

Cloud streaming” Social Esports සහ Artificial Intelligence (AI) තාක්ෂණයේ සුසංයෝගයෙන් සැදුම් ලත් ONMO මොබයිල් ගේමිං මාධ්‍යය ඔස්සේ ඩයලොග් පාරිභෝගිකයන්ට Action, Arcade, Racing, Adventure, Puzzles යනාදී කාණ්ඩ ඇතුළුව සෑම සතියකම මෙම මාධ්‍යයට එක් කරන නවතම ගේම්ස් තරග කිරීමට අවස්ථාව හිමිවේ.

ONMO ගේමිං හරහා වෙනස්ම ආකාරයක ගේමිං අත්දැකීමක් ලබාගැනීම වෙනුවෙන් මසකට රු. 399/- ක් සහ අදාළ බදු අය වේ. AI තාක්ෂණයෙන් නිර්මාණය වී ඇති අභියෝගාත්මක තරග රටාවන්ගෙන් යුත් ONMO ගේමිං හරහා සෑම කෙනෙකුටම සමාජ මාධ්‍යයක් ඔස්සේ Esports අත්දැකීමක් හිමිවේ. මෙහි තරග කලින් ඩවුන්ලෝඩ් කිරීම අවශ්‍ය නොවන අතර, පහසුවෙන් ක්‍රීඩා කළ හැක.සමාජයේ ඕනෑම කෙනෙකුට ක්‍රීඩා කළ හැකි මෙහි පවතින ක්‍රීඩා, කෙටි කාලයක් ඇතුළත තරග කර අවසන් කළ හැකි, මැනවින් නිර්මාණය වූ ගේමිං අවස්ථාවන්ගෙන් සැකසී තිබෙන අතර, Virtual ප්‍රතිලාභ ඇතුළු තවත් බොහෝ විශේෂාංගවලින් සමන්විතයි.


advertistmentadvertistment