ඩිල්ෂාන්ගේ වාර්තාව අවිශ්ක බිඳ දමයි – පන්දු 16 කදී අර්ධ ශතකයක්

334

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු අබුඩාබි විස්සයි-20 තරගාවලියේ ඩුබායි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව සාජා වොරියර්ස් කණ්ඩායම වෙනුවෙන් පන්දු 27 කදී ලකුණු 81 ක් ලබා ගනිමින් තරගාවලියේ දී කැපීපෙණෙන ඉනිමක් දියත් කිරීමට සමත්විය.

ඔහු පන්දු 27ක් කින් ලකුණු 81ක් ලබාගැනීමට සමත්වූ අතර, එම ඉනිම සඳහා දැවැන්ත හයේ පහර 8 ක් සහ හතරේ පහර 6ක් ඇතුළත් වූ අතර, එමගින් ඔහුගේ කණ්ඩායමට විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර දුන්නා පමණක් නොව, වාර්තා පොත්වල ඔහුගේ නම ද සටහන් කර ගැනීමට ද හැකිවිය.

අවිශ්ක පන්දු 16 කදී අර්ධ ශතකය ලබාගනිමින් එම තරගයේදී වාර්තා කිහිපයක් බිඳ දැමීය.

මෙය අබුඩාබි විස්සයි-20 ඉතිහාසයේ වේගවත්ම අර්ධ ශතකය වන අතර ශ්‍රී ලංකා පිතිකරුවකු විසින් රැස්කරන ලද වේගවත්ම විස්සයි – 20 අර්ධ ශතකයයි.

මීට පෙර ශ්‍රී ලංකා වාර්තාව තබා තිබුණේ සසෙක්ස් කණ්ඩායමට එරෙහිව පන්දු 18 කදී ලකුණු 50 ක් රැස් කළ ටී.එම්. ඩිල්ෂාන් විසිනි.

සිසිර ඉන්ද්‍රජිත්


advertistmentadvertistment