ඩිස්නිලන්තයේ මකර අනුරුවක් ගිනිගෙන විනාශ වේ

176

අධික පිරිසක් රැස්ව සිටියදී ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පිහිටි ඩිස්නිලන්තයේ තිබෙන දැවැන්ත මකර අනුරුවක් ඉකුත් සෙනසුරාදා (22) රාත්‍රියේ හදිසියේ ගිනිගෙන විනාශ වීම හේතුවෙන් රැස්ව සිටි පිරිස ඉවත් කර ගින්න නිවීම සඳහා ගිනි නිවන හමුදාව කැඳවීමට ඩිස්නිලන්ත කාර්ය මණ්ඩලය විසින් පියවර ගෙන තිබේ. ‘මැලේෆිෂන්’ නමැති අඩි 45ක් පමණ (මීටර් 13ක්) උසැති ගින්දර පිට කරන මකර අනුරුව මෙසේ ගිනිගෙන දැවී ගොස් ඇත.

මකර අනුරුවට ගිනි ගැනීමත් සමගම අසළ සිටි ජනතාව හිස් ලූ ලූ අත දිවගොස් ඇති අතර මෙම අනතුරෙන් පසු ඩිස්නිලන්තයේ කොටසක් වසා දැමීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබේ. අනතුරෙන් කිසිවකුට ජීවිත හානියක් සිදුව නොමැත.


advertistmentadvertistment