ඩීසල් නැවට ගෙවන්න අමාත්‍යාංශය ඩොලර් සොයයි

130

ආනයනය කරන ලද ඩීසල් මෙටි්‍රක් ටොන් 37,500 ක් අඩංගු නැවට ගෙවීම සඳහා ඩොලර් සොයා ගැනීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ඊයේ (1 දා) වනවිටත් උත්සාහ කරමින් සිටියේය.

මෙම නැව පසුගිය ජූලි 22 වැනිදා මෙරටට ළඟා වූ අතර එම නැවට දිනකට ඩොලර් 18,000 බැගින් ප්‍රමාද ගාස්තු ගෙවීමට ද සිදුවී තිබේ.

මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශ උසස් නිලධාරියකුගෙන් කළ විමසීමේදී ඔහු කියාසිටියේ ඇමරිකන් ඩොලර් මිලියන 51 ක් වන ඉන්ධන තොගය ලබා ගැනීම සඳහා පසුගිය සිකුරාදා (29 දා) ඩොලර් මිලියන 27 ක් ගෙවීමට කටයුතු කළ බවත්, ඉතිරි මුදල් ටික එකතු කරමින් සිටින බවත්ය.

මීට අමතරව ඉන්ධන නැව් 03 ක් පමණ ලබා ගැනීමට සුළු වශයෙන් ඩොලර් ගෙවා එම නැව් වෙන්කර ගැනීමට අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බව ද එම නිලධාරියා කියා සිටියේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment