බුද්ධි අංශ හෙළිකර ගනී
ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින ප්‍රධානම පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙරට ආගමික ස්ථාන රැසක් ඉදිකිරීම සඳහා රුපියල් කෝටි ගණනින් මුදල් වැයකර තිබෙන බවට තොරතුරු බුද්ධි අංශ මගින් අනාවරණය කරගෙන ඇත.
මෙම මුස්ලිම් ජාතික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට අයත් ව්‍යාපාරික ස්ථාන කීපයක් ද මේ වන විට පොලිසිය සොයාගෙන ඇති අතර ඒවා රජයට පවරා ගැනීමේ කටයුතු මේ වන විට ක්‍රියාත්මක කර තිබේ. ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටිමින් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මෙරටට මහා පරිමාණයෙන් හෙරොයින් එවන බව පොලිසිය පවසයි.
මෙම ජාවාරම්කරුගේ ගෝලයන් සහ සමීප ඥාතීන් විසින් රටේ විවිධ පළාත්වල ඉදිකර ඇති එම සියලුම ආගමික ස්ථාන මේ වන විට හඳුනාගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.
හේමන්ත රන්දුණු