ඩෙංගු කොවිඞ් වලටත් වඩා මාරාන්තිකයි – වැළඳුන විට අන් අයටත් පවසන්න

139

* තද රතු හෝ කළු පැහැති දියර වර්ග නොදිය යුතුය
 
 * උණ පාලනය කළ යුත්තේ පැරසිටමෝල් වලින් පමණි
 
 * කොවිඞ් හමුවේ ඩෙංගු රෝගය යටපත් නොකළ යුතුය
 
 කොවිඞ්  රෝගයට එන්නත් සොයාගත්තද” ඩෙංගු රෝගයට තවම එන්නත් සොයාගෙන නැත
 
 ඩෙංගු වැළඳුනහොත් මරණයට පත්වීමට ඇති හැකියාව කොවිඞ්වලට වඩා ඉතා ඉහළය
 
 දරුවන්ට ඩෙංගු ඇතිවීම පාලනය කළ හැක්කේ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමෙනි
 
 වරක් ඇතිවන ඩෙංගු රෝගයට  වඩා දෙවැනි වර ඇතිවන ඩෙංගු රෝගය අනතුරුදායකය


 කොවිඞ් වෛරසයේ විවිධ ප‍්‍රභේද මතුවන විට ඊට මාරාන්තික බියකින් පසුවන අප ඊටත් වඩා මාරාන්තික වෛරස රෝගයක් අප අවට පරිසරයේ තබාගෙන සිටින බව මොහොතක් හෝ සිතුවාදැයි කියා විමසාබැලිය යුතු කාලය යළි උදා වී ඇත’

 ඩෙල්ටා” ඇල්ෆා” ඔමික්‍රෝන් ආදී ලෙසින් කොරෝනා වෛරසයේ ප‍්‍රභේද ගැන පවසමින් ඊට මුහුණදීමට ගතයුතු පියවර ගැන සිතන අප ඩෙංගු නමැති කොවිඞ් රෝගයට වඩා දෙතුන් ගුණයකින් මාරාන්තික වෛරස රෝගය දෙස දක්වන්නේ ඉතා අඩු සැලකිල්ලකි’

 කොවිඞ් රෝගයට එන්නත් සොයාගත්තද” ඩෙංගු රෝගයට තවම එන්නත් සොයාගෙන නැත’ නමුත් අප කොවිඞ් තරම් ඩෙංගු රෝගයට බියක් දක්වන්නේ නැත’

 මන්දයත් එය පුද්ගලයාගෙන් පුද්ගලයාට ක්‍ෂණිකව පැතිර යන්නේ නැති නිසාත්” රෝගය වැළඳුන විට නිරෝධායනය විය යුතු නැති නිසාත් විය හැකිය’

 ඩෙංගු හැදෙන්නේ ඩෙංගු මදුරුවාගෙන් යැයි කියමින් අපි එය ඉතා සැහැල්ලූවට ගන්නෙමු’ නමුත් ඩෙංගු වැළඳුනහොත් මරණයට පත්වීමට ඇති හැකියාව කොවිඞ්වලට වඩා ඉතා ඉහළය’ එනිසා කොවිඞ් හමුවේ ඩෙංගු රෝගය යටපත් නොකළ යුතුය’

 ඩෙංගු රෝග ලක්‍ෂණ

 ඩෙංගු රෝගයේදී ද කොවිඞ් රෝගයේදී මෙන් උණ” හිසරදය” හන්දිවේදනාව” බඬේ කැක්කුම” කැස්ස” සෙම්ප‍්‍රතිශ්‍යාව යන රෝග ලක්‍ෂණ මතු වේ’

 එනිසා පැය 24 කට වඩා කාලයක් උණ පවතී නම් වහාම රුධිර පරීක්‍ෂාවකට යොමු වී මතුව ඇති රෝගය හඳුනාගැනීම වැදගත් ය’

 ඩෙංගු දරුවෙකුට වැළඳුන විට ඩෙංගු දරුවෙකුට වැළඳුන විට දෙමාපියන් සහ වැඩිහිටියන් තුළ ඇතිවන්නේ කිව නොහැකි තරම් බියකි’

 එනිසා දරුවා වහාම රෝහල්ගත කිරීමට දෙමාපියන් යොමු වේ’ එය නිවැරදි පිළිවෙතකි’ නමුත් ඩෙංගු වැළඳුනු සෑම දරුවෙක්ම රෝහල් ගතකළ යුතු නැත’

 දරුවා විවේකීව තබාගෙන වෛද්‍ය උපදෙස් මත දරුවාගේ බරට අනුව දියර වර්ග ලබාදෙමින් නිවසේම ප‍්‍රතිකාර කළ හැකිය’ එහිදී දියර වර්ග ලෙස සුප්” කැඳ” තැඹිලි” දෙහි” දොඩම්” ජීවනී වැනි පාන වර්ග දිය හැකිය’ තද රතු හෝ කළු පැහැති දියර වර්ග නොදිය යුතුය’ ඊට හේතුව ඩෙංගු රක්තපාතයක් ඇති වුවහොත් මෙවැනි දියරවර්ග නිසා එය මුත‍්‍රා මගින් නිවැරදිව හඳුනාගැනීමට අපහසු වේ’

 පැරසිටමෝල් ලබාදීම

 බොහෝ දෙමාපියෝ ඩෙංගු නිසා දරුවාගේ මතුව ඇති උණ අඩු කිරීමට පැරසිටමෝල් වලට අමතරව අධිමාත‍්‍රා ඖෂධ හෝ දිනකට වැඩි වාර ගණනක් පැරසිටමෝල් ලබාදීමට උත්සාහ කරති’ එය භයානකය’

 උණ ඉක්මණින් අඩු කිරීමට පැරසිටමෝල් නොවන ඖෂධ දරුවන්ට ලබා නොදිය යුතුය’ උණ පාලනය කළ යුත්තේ පැරසිටමෝල් වලින් පමණි’

 දරුවාගේ ශරීර උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 102 ට වඩා වැඩිවීම හෝ එම අගයට පත්වීම වළක්වා ගැනීම පැරසිටමෝල් වලින් කළ හැකිය’ ඒ සඳහා දරුවා විවේකීව තැබීම” දියර වර්ග පානයට දීම” නිසිලෙස සිදුකිරීම ඉතා වැදගත් ය’

 ඩෙංගු පාලනය

 දරුවන්ට ඩෙංගු ඇතිවීම පාලනය කළ හැක්කේ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමෙනි’ එනම් ජලය එක්රැුස්වන තැන් විනාශ කිරීමෙනි’

 විශේෂයෙන්ම ශීතකරණයේ නිතර ජලය රැුඳී පවතී නම් ඒවා ඉවත්කළ යුතුය’

 අප නොදැනුවත්ව ඩෙංගු මදුරුවන් බිත්තර දමන ස්ථානයක් ලෙස ශීතකරණයෙන් පිටතට කාන්දුවන ජලය එක්රැස්වන තැන් හඳුනාගෙන ඇත’

 දරුවන් සවසට සෙල්ලම් කිරීමට එළිමහනට යනවිට අත්පා ආවරණය වන ලෙස දිග ඇඳුම් ඇන්දවීම කළ යුතුය’

 වරක් ඇතිවන ඩෙංගු රෝගයට වඩා දෙවැනි වර ඇතිවන ඩෙංගු රෝගය අනතුරුදායකය’ එනිසා වරක් දරුවාට ඩෙංගු රෝගය මතු වුනි නම් නැවත වරක් ඩෙංගු රෝගය ඇතිවීමට ඇති හැකියාව සම්පූර්ණයෙන් නැතිකර දැමීමට දෙමාපියන් අවධානය යොමුකළ යුතුය’

 එසේම ඩෙංගු රෝගය ඇතිවීම පාලනයට සහ අන් දරුවන් ඉන් බේරාගැනීමට කළ හැකි හොඳම ක‍්‍රියාව වන්නේ තම දරුවාට ඩෙංගු වැළඳුනි නම් අවට අයට ද ඒ බව පැවසීමය’ එවිට ඩෙංගු රෝගය ඇතිවීමට ඇති ඉඩකඩ අහුරා දැමිය හැකිය’

 එසේම ඉන් අන් අයත්” තම අවට ප‍්‍රදේශයේ ඩෙංගු අවදානමක් ඇති බව දැනුවත්වීම නිසා ඩෙංගු මර්දනය සඳහා පියවර ගැනීමට යොමු වේ’ මෙය ඩෙංගු පාලනය සඳහා ඇති හොඳම සංනිවේදන ක‍්‍රමයකි’

 කොළඹ වෛද්‍යපීඨයේ මහාචාර්ය
 රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය
 ප‍්‍රසාද් චතුරංග

advertistmentadvertistment
advertistmentadvertistment