ඩෙංගු රෝගීහු 70178 ක් මරණ 43 ක්

133

මෙම වසරේ (2023) මේ දක්වා ඩෙංගු රෝගීන් හැත්තෑ දහස් එකසිය හැත්තෑ අටදෙනකු හමුවී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

ගතවූ මෙම කාලයේදී ඩෙංගු මරණ 43 ක් සිදුව ඇත.

ඉන් සියයට 25 ක් ම පාසල් සිසු දරු දැරියන් බව ද එම ඒකකය පවසයි.

වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වනුයේ බස්නාහිර පළාතෙන් බවත්, එම සංඛ්‍යාව තිස්තුන්දහස් පන්සිය පනස් හතක් බවත් එම ඒකකය කියයි.

ඩෙංගු අධි අවදානම් කලාප 36 ක් වාර්තා වන බවත් එම ඒකකය පවසයි.

මේ අතර කොළඹ නගරය ආශ්‍රිතව මාස 3 ක ඩෙංගු මර්දන වැඩසටහනක් ආරම්භ කළ බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් විජයමුණි මහතා ‘දිවයින’ට පැවසීය.

කොළඹ ඉදිකිරීම් ස්ථාන, පාසල්, රජයේ කොඩනැඟිලි, රජයේ කාර්යාල, පෞද්ගලික කාර්යාල, ආගමික ස්ථාන සියයට 70 ක් ම ඩෙංගු බෝවන ස්ථාන බවට හඳුනාගෙන තිබෙනවා යැයි ද හෙතෙම කීය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment