ඩෙන්මාර්කය සමාරම්භක ජය ලබද්දී ඉතාලිය අපරාජිතව ඉදිරියට

132

යූරෝ කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටය පෙරේදා (26 වැනිදා) ආරම්භ කෙරිණි. එ් අනුව එම වටය ආරම්භ කරමින් පෙරේදා සහ ඊයේ (27 වැනිදා* පැවැති තරග දෙකේදී ඩෙන්මාර්කය සහ ඉතාලිය ජය වාර්තා කිරීමට සමත් විය.
 
 16 දෙනාගේ වටය ආරම්භ කරමින් පෙරේදා වේල්සය සහ ඩෙන්මාර්කය අතර පැවැත්විණි. එහිදී ගෝල 4-0ක් ලෙස විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ඩෙන්මාර්කය සමත් විය. තරගාවලියේ මූලික වටයේදී එ් කාණ්ඩායෙන් දෙවැනි ස්ථානයට පත්වෙමින් අවසන් 16 දෙනාගේ වටයට පිවිසීමට වේල්සය සමත් වී සිටි අතර මූලික වටයේදී බී කාණ්ඩයෙන් දෙවැනි ස්ථානයට පත්වෙමින් අවසන් 16 දෙනාගේ වටයට පිවිසීමට ඩෙන්මාර්කය සමත්වී සිටියේය.
 
 අදාළ වටයේ දෙවැනි තරගය ලෙසින් ඉතාලිය සහ ඔස්ටි‍්‍රයාව අතර තරගය පැවැති අතර එහිදී ගෝල 2-1ක් ලෙස ජය වාර්තා කිරීමට ඉතාලි කණ්ඩායම සමත් විය. මූලික වටයේදී එ් කාණ්ඩයෙන් පෙරමුණ ගනිමින් අපරාජිතව අවසන් 16 දෙනාගේ
 
 වටයට පිවිසීමට ඉතාලිය සමත්වී සිටි අතර මූලික වටයේදී සී කාණ්ඩයෙන් දෙවැනි ස්ථානයට පත්වෙමින් අවසන් 16 දෙනාගේ
 
 වටයට පිවිසීමට ඔස්ටි‍්‍රයාව සමත්විය.

advertistmentadvertistment
advertistmentadvertistment