ඩෙවෝන් පුතා ධීවරයින්ගේ දේහයන් රැගෙන එයි

415


මුහුදේ පාවී ආ බෝතලයක තිබූ දියර වර්ගයක් පානය කිරීමෙන් ජීවිතක්ෂයට පත් ඩෙවෝන් පුතා 5 ධීවර යාත්‍රාවේ ධීවරයින් හතරදෙනාගේ දේහයන් රැගත් බහුදින ධීවර යාත්‍රාව තංගල්ල ධීවර වරායට අද(03) උදේ 7.30 ට පමණ පැමිණ ඇත.

තංගල්ල ගොඩැල්ලවෙල පදිංචි තිදරු පියෙකු වූ එම්.ජේ. නයනකාන්ත (42) වැලිගම ජයරළපුර පදිංචි එක්දරු පියෙකු වූ එම්.ජී.සුජිත් සංජීව (32) තංගල්ල ගොයම්බොක්ක මුතුමාල මාවතේ පදිංචි පැතුම් දිල්ශාන් ජයසූරිය (23) මැද මහනුවර ප්‍රදේශයේ උපත ලබා තංගල්ල ගොඩැල්ලවෙල ප්‍රදේශයේ පදිංචි සිටින ආර්.බී.ජී. ප්‍රදීප් නිශාන්ත (34) යන ධීවරයින් හතර දෙනාගේ දේහයන් ඩෙවෝන් 5 ධීවර යාත්‍රාවේ අධිශීතකරණය තුල තැන්පත් කර තිබේ.

තංගල්ල මහේස්ත්‍රාත් ශාමලා භුතාවත්ත මහත්මිය තංගල්ල ධීවර වරායට පැමිණ ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකලාය.

advertistmentadvertistment
advertistmentadvertistment