ඩේවිස් කුසලාන ඉතාලියට

94

ඒමන්ති මාරඹේ

ස්පාඤ්ඤයේ මලගා නගරයේ දී පසුගියදා නිමාවූ ඩේවිස් කුසලාන ටෙනිස් ශූරතා තරගාවලියේ අවසන් මහා තරගයේදී තරග වට 2-0කින් ඔස්ටේ්‍රලියාව පැරදවූ ඉතාලි ටෙනිස් කණ්ඩායම ශූරතා කුසලානය දිනා ගත්තේය.

මෙහිදී ඉතාලි ටෙනිස් කණඩායමේ මැට්ටියෝ ආනල්ඩ් ඔස්ටේ්‍රලියානු ක්‍රීඩක ඇලෙක්සෙයි පොපිරින් 7-5, 2-6 හා 6-4 වශයෙන් පරාජය කර ඇති අතර ඉතාලියේ ජැන්නික් සිනර් විසින් ඔස්ටේ්‍රලියාවේ ඇලෙක්ස් ඩී මයිනොර් 6-3 හා 6-2 වශයෙන් පරාජය කරමින් මෙම කුසලානය දිනා ගෙන තිබේ. ඉතාලි ටෙනිස් කණ්ඩායම ඉතිහාසයේ ඩේවිස් කුසලානය දිනාගත් දෙවැනි අවස්ථාව මෙය සේ සැළකේ. අන්තර්ජාතික ටෙනිස් සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ඩේවිස් කුසලාන ටෙනිස් තරගාවලිය සඳහා ලොව පුරා රටවල් 140කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරන පිරිමි ටෙනිස් කණ්ඩායම් සහභාගි වේ.

advertistmentadvertistment
advertistmentadvertistment