ලෝකයේ සියලු ඡන්ද ව්‍යාපාර අතර අග්‍රගන්‍ය රාජකීයයා ලෙස සැලකෙන ඇමරිකන් ජනාධිපතිවරණය අද ආරම්භ වෙයි. මේ ජනාධිපතිවරණයෙන් ජය ගන්නා මිනිසා හෝ ගැහැනිය ලෝකයේ වඩාත්ම බලසම්පන්න මිනිසා හෝ ගැහැනිය බවට පත්වන්නේය. ඔහු හෝ ඇය බි්‍රතාන්‍යයේ චාල්ස් රජුටත් වඩා බලවත්ය. දෙවැනි එළිසබත් රැජණ ජීවත්ව සිටියේ නම් ඇයට ද වඩා බලවත්ය. මේ ධනවාදී ලෝකය තුළ ඇමරිකන් ජනාධිපතිට කළ නොහැක්කක් නොමැත. තුන්වන ලෝක යුද්ධය බොහෝ දුරට තීරණය කරනු ලබන්නේ ඇමරිකන් ජනාධිපති විසිනි. තුන්වන ලෝක යුද්ධයේ අවසන් ජයග්‍රාහකයා ලෙස බොහෝ දුරට ජය වාර්තා කරනු ඇත්තේ ද ඇමරිකන් ජනාධිපතිමය. ලෝකයේ ධනවත්ම රට ඇමරිකාවය. ලෝකයේ යුද අවි වැඩියෙන් ම තිබෙන රට ඇමරිකාවය. වැඩිම උගතුන් පිරිසක් සිටින රට ද ඇමරිකාවය. මේ නිසා ඇමරිකන් ජනාධිපතිවරණය ලෝකයේ තීරණාත්මක සාධකය බවට පත්වේ. එයට බැරි ලෝකය භ්‍රමණය වන අත හෝ පෘථිවි ගෝලයේ ආනතිය වෙනස් කිරීමට පමණි.
ඇමරිකාවේ 47 වන විධායක ජනාධිපති තෝරා ගැනීම සඳහා මෙවර ජනාධිපතිවරණය පැවැත්වේ. එසේම මෙහිදී ඇමරිකාවේ 50 වන උප ජනාධිපති පත්වන්නේ ද මෙවර ඡන්දයෙනි. ජනාධිපතිවරුන් 47ක් පත්වෙද්දී උප ජනාධිපතිවරුන් 50ක් පත් වූයේ කෙසේ ද එය සිදුවුණේ බොහෝ විට උප ජනාධිපතිවරයකුගේ අභාවය නිසා හෝ උප ජනාධිපතිවරයකු ජනාධිපති වීමෙන්ය. එවැනි අවස්ථා 3ක් ඇමරිකන් උප ජනාධිපති ඉතිහාසයේ තිබේ. ඉන්දියානු සම්භවයක් ඇති 60 හැවිරිදි කමලා හැරිස් සහ තනිකරම ඇමරිකන් සුද්දෙකු වන 78 හැවිරිදි ඩොනල්ඩ් ට්‍රම්ප් මෙවර ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්‍ෂකයන් දෙදෙනාය. මේ දෙදෙනාට අමතරව තවත් ප්‍රධාන අපේක්‍ෂකයන් තිදෙනෙක් ද අප්‍රධාන අපේක්‍ෂකයන් සිය ගණනක් ද මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙති. අවුරුදු තිහ හතළිහක පටන් ඇමරිකන් ජනාධිපතිවරණ ඉතිහාසයේ අපේක්‍ෂකයන්ගේ තත්ත්වය මෙසේය. ඩොනල්ඩ් ට්‍රම්ප් යනු තනිකරම ජාතිකවාදියෙකි. ඔහු සුදු හමට සහ ධවල සම්බවයකට මහත්සේ ගරු කරන අතර වෙන රටවලින් එන සංක්‍රාමිකයන්ට අප්‍රිය කරන එසේ ම ඔහු වෙන රටවල තිබෙන යුද්ධවලට හෝ අනිකුත් ආරවුල්වලට මැදිහත් වීමට කැමති නැත. මෙයට පෙර ජනාධිපති වූ අවස්ථාවේදී ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනත් රටවල යුද පෙරමුණුවල සිටි සියලු ඇමරිකානු සෙබළුන් සිය රටට ගෙන්වා ගත්තේය. මේ නිසා ඇෆ්ගනිස්ථානයේ බලය නැවත වතාවක් තලේබාන් සංවිධානය අතට ගියේය. ඉරාකය නැවත වතාවක් ගෝත්‍රික සටන්කාමීන් අතට පත්වී කැබලිවලට කැඩී චෞර රාජ්‍යයක් බවට පත් විය. අද ඉරාකය නමැති රට තවදුරටත් එතැන නැත. එතැන තිබෙන්නේ කැබලි වුණු රාජ්‍යක් පමණි. සංක්‍රාමිකයන් ඇමරිකාවට පැමිණ ඇමරිකන් ජනතාවගේ රැකියා අවස්ථා උදුරා ගන්නා බව ට්‍රම්ප්ගේ මතය වේ. එවිට ඇමරිකානුවන්ගේ ජීවන මට්ටම පහළ බසින බව ඔහු පෙන්වා දෙයි. ඔහුට සාපේක්‍ෂව ඔහු කියන සියලු දේ නිවැරැදිය. ඒ නිසා ට්‍රම්ප් වටා ජාතිකවාදී ජන ගඟක් හැම විටම ගලයි. ජාතිකවාදයට මාකට් එකක් නැති බව ලංකාව වැනි රටවල මතය වේ. එහෙත් ඇමරිකානු දේශපාලනය මෙන්ම ඉන්දියානු දේශපාලනයේ ද ප්‍රමුඛ වෙළෙඳ භාණ්ඩය වන්නේ ජාතිකවාදයයි. කමලා හැරිස් යනු අන්තර්ජාතිකවාදියෙකි. ඇගේ මතවාදය සකස්වී තිබෙන්නේ මුළු ලොවම එක රටක් සහ සියලු මනුෂ්‍යන් එක ජාතියක්ය යන උධෘතය යටතේය. ඇය සංක්‍රාමිකයන්ට විරුද්ධ නැත. ජාතිකවාදයට පක්‍ෂ නැත. ඇමරිකාව බලගතු රටක් බැවින් ලෝකයේ සාධාරණය වෙනුවෙන් පෙනී සිටින මුලාදෑනියා බව ඇගේ මතය වෙයි. මේ නිසා මෙවර ඇමරිකන් ජනාධිපතිවරණ වේදිකාවේ ගැටෙනු ඇත්තේ ජාතිකවාදී කඩුව සහ අන්තර්ජාතිකවාදී කඩුවය. අපට හැඟෙන පරිදි මේ සටනින් මෙවර දිනන්නේ ඩොලන්ඩ් ට්‍රම්ප්ය. හැබැයි වර්තමාන ඇමරිකන් ජනාධිපති ජෝ බයිඩන් ට්‍රම්ප්ට එරෙහිව මෙවර ඇමරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටියේ නම් පිස්සු බම්ප් වන තත්ත්වයක් හටගනී.
ඇමරිකානුවා යනු ව්‍යාප්තවාදී ඕනෑම රටක් තමන්ට වැඩිම බලය ලැබෙන විට ව්‍යාප්තවාදියෙක් බවට පත්වෙයි. උදාහරණයක් වශයෙන් ලෙනින්ගේ රුසියාව බලවත් වූ විට අහළ පහළ සිටින සියලු රටවල් ඒ රටට ඈඳාගෙන එක්සත් සමාජවාදී සෝවියට් සමූහාණ්ඩුව සෑදීමට හැකි විය. ප්‍රංශය තමන්ට බලය තිබූ කාලයේදී අහළ පහළ රටවල් සියල්ල ආක්‍රමණය කළේය. ස්පාඤ්ඤය ලෝක බලවතා සිටි කාලයේ රටවල් ගණනාවක් ආක්‍රමණය කර තමන් යටතට ගත්තේය. අද නන්නත්තාරවී සිටින පෘතුගාලය ද එක් කලෙක ඉහළම බලවතෙකි. එකල ඔව්හු ලංකාව ද යටත් කර ගත්හ. අපේ කලාපයේ සිටින අංක එකේ ව්‍යාප්තවාදියා ඉන්දියාවය. ඉන්දියානු බෝඩරයේ සිටින චීනය ද ව්‍යාප්තවාදී රටකි. ඇමරිකාව කොතරම් ව්‍යාප්තවාදී රටක් ද යත් තමන්ට අවශ්‍ය කරන පාරිභෝගික භාණ්ඩ නිපදවීම සඳහා මෙවැනි රටවල් යොදාගත්තේය. උදාහරණයක් වශයෙන් ඇමරිකාවට කෙසෙල් සපයනු ලබන්නේ කැරිබියානු රටවල් සමූහයක් මගිනි. ඒවා “කෙසෙල් ගෙඩි ජනරජ” ලෙස හඳුන්වනු ලැබේ. මේ රටවල ප්‍රධානම සහ එකම කර්මාන්තය ඇමරිකාවට කෙසෙල් ගෙඩි යැවීමය. යම් හෙයකින් ඇමරිකාව මේ රටවල්වලින් කෙසෙල් ගෙඩි මිලට නොගත්තොත් මේ රටවල ජනතාවට සිදුවන්නේ කෙසෙල් ගෙඩි සමග මීපාසානම් අනුභව කිරීමටය. පත්වන කෙනාගේ මීළඟ නිල කාලය තුළ අලුත් ඇමරිකාවක් බිහිවීමට ඉඩ තිබේ. එය තවදුරටත් ව්‍යාපාරික වූද, තවදුරටත් කාර්මික වූද ධවල සේනාංකයක් වනවා ඇත.