‘ඩොප්ලර්’ රේඩාර් යන්ත්‍රයක් ජයිකා ආධාරයෙන් ලංකාවට

2190

ශ්‍රී ලංකාවට බලවත් අඩුපාඩුවක්ව පැවති කෙටිකාලීන වර්ෂා අනාවැකි පළ කළ හැකි ‘ඩොප්ලර් රේඩාර්’ යන්ත්‍රයක් ජයිකා :න්‍සජ්* ආධාර මත මේ වසර නිමාවීමට පෙර මෙරටට ලැබෙන බවත් ලබන දෙසැම්බර් මාසයේදී එය ස්වාධීන කිරීමට සිවිල් ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන බවත් කාලගුණ විiා අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසීය.

මෙම රේඩාර් යන්ත්‍රය පුත්තලම ප්‍රදේශයේ ස්ථාපිත කරන බවද පොතුවිල් ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට නියමිත දෙවැනි ‘ඩොප්ලර් රේඩාර්’ යන්ත්‍රය ප්‍රතිපාදන නොමැතිකමින් සිදුනොවන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ 7දා කාලගුණ විiා දෙපාර්තමේන්තු පරිශ්‍රයේ පැවති මාධ්‍ය වැඩමුළුවකට එක්වෙමිනි. මෙවැනි ‘ඩොප්ලර් රේඩාර්’ මගින් කෙටි කාලයකදී අධික වැසිපතනයක් ලැබේ නම් ඒ පිළිබඳව අනාවැකි පළ කළ හැකි බවද ශ්‍රී ලංකාවේ සමස්ත භූමි භාගය ආවරණය කිරීම සඳහා එවැනි රේඩාර් පද්ධති දෙකක් අවශ්‍ය බවද වැඩමුළුවට එක්වූ කාලගුණ විiාඥ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසීය. ගොංගලේ කන්දේ ඉදිවූ අසාර්ථක ‘ඩොප්ලර් රේඩාර්’ පද්ධතිය පිළිබඳව දැන් කතා කර ඵලක් නැති බවද ඊට වියදම් වූ රුපියල් මිලියන 323ක මුදල ලෝක කාලගුණ විiා සංගමයෙන් අය කරගෙන නැවත ශ්‍රී ලංකා භාණ්ඩාගාරයට ලබාදී ඇති බවද අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා මෙහිදී පැවසීය.

ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment