ඩොලරය ඊයේ රු. 285 ට යයි

172

මෙරට ප‍්‍රධාන පෙළේ වාණිජ බැංකුවල දෛනික විනිමය අනුපාත අගයන් අනුව ඊයේ (21දා* ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රු.285 දක්වා වාර්තා ගත ලෙස ඉහළ ගොස් තිබිණි.

මේ අනුව මෙරට බලපත‍්‍රලාභී වාණිජ බැංකු සිය දෛනික විනිමය අනුපාත අගයන් සටහන් කිරීමේදී ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගයන් රු.280 සිට රු.285 දක්වාවූ මිල ගණන් සටහන් කර තිබිණි.

කෙසේ වෙතත් වාණිජ බැංකු බොහොමයක් ඊයේ ප‍්‍රකාශයට පත්කර තිබු ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රු.280 කි. මේ අතර ඊයේ දිනයේ ශ‍්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිල විනිමය අනුපාත අගයන් අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රු.274.99 ක් විය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment