ඩොලර් ටි‍්‍රලියන දෙකක් පුච්චා ඇමෙරිකාව කාබුල් හැරයාම

355

දිනය 2001 සැප්තැම්බර් මස එකොළොස් වැනිදාය. ඇමෙරිකාවේ ඊසාන දිග ප‍්‍රදේශයක් වූ කැලිෆෝනියා ජනපදයේ සිට ගමන් අරඹා තිබූ ඇමෙරිකන් එයාලයින්ස් සහ යුනයිටඞ් එයාලයින්ස් යන සමාගම්වලට අයත් ගුවන් යානා දෙකක් පැහැරගත් ඔසාමා බින් ලාඩන්ගේ අනුගාමික අල්කයිඩා ත‍්‍රස්තවාදීන් නිව්යෝර්ක් නගරයේ උතුරු කුලූනේ සහ දකුණු කුලූනේ හප්පා මහා විනාශයක් කළහ. මෑන්හැටන් නගරයේ පිහිටි මහල් හතළිස් හතකින් සමන්විත මෙම ගොඩනැ`ගිල්ල ඇමෙරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැ`ගිලි සංකීර්ණය විය. අවට පිහිටි තවත් සුවිශාල ගොඩනැ`ගිලි දහයක් ද මෙම මහා ප‍්‍රහාරයෙන් විනාශ වූ බව කියැවේ. තවත් ටික වේලාවකින් තුන්වැනි ගුවන් යානය ද පැහැර ගැනීමට ලක් විය. එය ඇමෙරිකන් එයාලයින්ස් සමාගමේ අංක 77 ගුවන් යානයකි. එහි ඉලක්කය වූවේ ඇමෙරිකානු යුද්ධ මධ්‍යස්ථානය වූ පෙන්ටගනයයි. ඇමෙරිකානු රාජ්‍ය මේ ප‍්‍රහාරය නිසා මරණ බයෙන් වෙව්ලන්නට විය. මේ ප‍්‍රහාරයට වසර විස්සක් සම්පූර්ණ වන්නේ ලබන සැප්තැම්බර් 21 වැනිදාටය. එල්ලවූ ත‍්‍රස්ත ප‍්‍රහාරයේ 20 වෙනි සංවත්සරයට සමගාමීව ඇෆ්ගනිස්තානයෙන් සියලූම ඇමෙරිකානු සෙබළුන් ඉවත් කෙරෙනු ඇත.

පසුගිය අපේ‍්‍රල් මාසයේ 15 වැනිදා ‘‘ඇමෙරිකාවේ දීර්ඝතම යුද්ධය අවසන් කරන්නට දැන් කාලයයි,” යනුවෙන් ජනාධිපති ජෝ බයිඩන් ප‍්‍රකාශ කර සිටියේය. සැප්තැම්බර් ප‍්‍රහාරයෙන් සති කිහිපයක් ඉක්ම යද්දී ඇමෙරිකාවේ මූලිකත්වයෙන් ඇෆ්ගනිස්තානයට බෝම්බ හෙළීම ඇරඹිණි. එහෙත් වසර විස්සකට පසුව අද සිදුවන්නේ කුමක්ද? ඇමෙරිකානු හමුදාව ඉවත්වූ වහාම කාබුල් පාලනයද බොහෝවිට තලේබාන් සංවිධානය සතුවීමය. ඇමෙරිකාව පුරා වසර 20ක් තිස්සේ ඇෆ්ගන් යුද්ධය ස`දහා ඩොලර් ටි‍්‍රලියන දෙකක් වැයකර හමුදා ජීවිතද දහස් ගණනක් බිලිදී තිබුනද ලබා ගත්තේ කවර ප‍්‍රතිලාභයක්ද? 2001ටත් වඩා තලේබාන් සංවිධානය ශක්තිමත් වී තිබීමයි. අවසානයේ ටි‍්‍රලියන දෙකක් පුච්චා දමා වෙඩි වැදුණු තුවාලය සමගින් ඇමෙරිකාව කාබුල් නුවරින් පිටව යනු ඇත. වෙනදා තලේබාන් විරෝධී ඉන්දියාව දැන් කටාරයට ගොස්  ඇෆ්ගන් තලේබාන් නායකයන් හමුවී සාකච්ඡුා පවත්වන්නේ කුමන හේතුව නිසාද? ඉදිරියේ කාබුල් ආණ්ඩුව යළිත් ඇෆ්ගන් ජනාධිපති අෂ්රෆ් ඝානි ගෙන් ගිලිහෙන බව දන්නා නිසාය. පසුගිය ජුනි 27 වැනිදා නිකුත්වූ වාර්තාවක දැක්වුණේ පැය 12ක් ඇතුළත  ඇෆ්ගනිස්තානයේ දිස්ත‍්‍රික්ක 12ක් තලේබාන් පාලනයට නතුවී ඇති බවයි.
 
 මීට මාස කිහිපයකට පෙර ඇමෙරිකානු ආරක්ෂක සංවිධානයක් හෙළිකර තිබුණේ ඇෆ්ගනිස්තානයේ දිස්ත‍්‍රික්ක 325යින් 76ක තාලිබාන් බලය පතුරවා ඇති බවයි. එහෙත් සතියෙන් සතිය භූමියේ පාලනය උඩුයටිකුරු වේ.
 
 තාලිබාන් සංවිධානයේ ප‍්‍රකට නායක මුල්ලා ඕමාර් 2013 දී මරණයට පත් වූවත් එම සංවිධානය බිඳ වැටුණේ නැත. මෑත වසර කිහිපය තුළ සිදුවූ සටන්වලින් තාලිබාන් සංවිධානයට සිය සාමාජිකයන් කොපමණ සංඛ්‍යාවක් අහිමි වී ඇත්දැයි යන්න පැහැදිලි නොමැත. ආයුධ සන්නද්ධ පුද්ගලයන් 60,000ක් පමණ ඔවුන් සතුව ඇතැයි විශ්වාස කෙරේ. 2018 ජුලි වන විට ඇෆ්ගන් භූමියේ කළ මෙහෙයුම් වලින් ඇමෙරිකානු සෙබළුන් 2300ක් මරණයට පත්ව තිබූ අතර තුවාල ලැබූ පිරිස විසි දහස ඉක්මවයි. ඇෆ්ගන් යුද්ධය නිසා මිනිස් ජීවිත දස දහස් ගණනක් අහිමි වූ අතර ඉන් වැඩි දෙනා සාමාන්‍ය වැසියන් ය. තවත් විශාල පිරිසක් තුවාල ලැබූ අතර විශාල පිරිසක් අවතැන් වූහ.
 
 ඇෆ්ගන් යුද්ධයේ පාර්ශ්වකරුවෝ බොහෝය. එය කෙලින්ම ලෝක බල අරගලයේ ගිනි බිෙ`දන භූමියකි. 2018 වසරේ මාර්තු මාසයේදී එවක ඇෆ්ගනිස්තානයේ රඳවා සිටින ඇමෙරිකානු හමුදාවේ ප‍්‍රධානියා වූ ජනරාල් ජෝන් නිකොල්සන් ප‍්‍රකාශ කළේ රුසියාව අවි ආයුධ මගින් පවා තාලිබාන් කැරලිකරුවන්ට ආධාර කරන බවයි. තජිකිස්තාන් දේශසීමාව ඔස්සේ තාලිබාන් ව්‍යාපාරය සඳහා රහසිගතව අවි සැපයෙන බව සඳහන් කළ ඇමෙරිකානු ජෙනරාල්වරයා එහෙත් එය කොපමණ ප‍්‍රමාණයකින් සිදුව ඇද්ද යන්න තමාට කිව නොහැකි බවත් සඳහන් කළේය.
 
 ප‍්‍රකට ඇමෙරිකානු මාධ්‍යවේදියකු මෙන්ම ඇෆ්ගන් යුද්ධය ගැන ග‍්‍රන්ථ ගණනාවක් රචනා කළ ස්ටීව් කෝල් පවසන්නේ 2001 සැප්තැම්බර් ප‍්‍රහාරයට පෙරත් කාබුල් තලේබාන් ආණ්ඩුව දැමීම ස`දහා ප‍්‍රහාරයක් කිරීමට ජනපති ජෝජ් බුෂ් තීරණය කර තිබූ බවයි. එහෙත් බිල් ක්ලින්ටන් රජය පවතින සමයේ ඇමෙරිකානු ස්ථාවරය මෙය නොවීය. 1997 දී ඇමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රොබින් රෆල් ප‍්‍රකට ඇෆ්ගන් යුධ නායක   (උතුරු සන්ධානයේ) අහමඞ් ෂා මෂුඞ්ට ප‍්‍රකාශ කර තිබුණේ තලේබාන්වරුන්ට යටත්වී සාමය උදාකරලීමට සහය වන ලෙසයි. එහිදී අහමඞ් ෂා මෂුඞ් නියම පිළිතුරක් ලබා දී තිබිණි. මගේ පාලන ප‍්‍රදේශය මගේ තොප්පියේ ප‍්‍රමාණයට පැමිණෙන තුරු තමා කිසිම විටක තලේබාන්වරුන්ට යටත් නොවන බවය. ඇත්තෙන්ම ඒ කාලයේ ෂා ගේ කණ්ඩායමට ඉන්දියාවෙන් සහය ලැබිණි. නමුත් දැන් ඉන්දියාව වෙනස්ව ඇත. පාකිස්තාන ආරක්ෂක උපදේශක මොයීඞ් යුෂුෆ් පවසා තිබුණේ ඉන්දියාව තලේබාන්වරුන් සමග සාකච්ඡුා පැවැත්වීම මගින් ඔවුන්ගේ ලජ්ජා නැතිකම ලොවටම හෙළිවන බවයි. දශක කිහිපයකට පෙර තජික්වරුන් සමග සබ`දතා පැවැත්වූ ඉන්දියාව දැන් පශ්තුන් සරණ සොයයි. මේ සියල්ල සිදු කරන්නේ පකිස්තානයට එරෙහි තීරක බලයක් ගොඩනැගීමටය. ඇමෙරිකාව ඇෆ්ගන් දේශයෙන් පිටව යෑම ඉන්දියාවට ප‍්‍රශ්නයකි. එනිසාම අකමැත්තෙන් වුවද තලේබාන්වරු සමග එක`ගතා ඇතිකර ගැනීමට උත්සහ කරයි. මීට පෙර හෙළිව තිබුණේ රෝ ඔත්තු සේවය අයිසිස්වරුන් හා සබ`දතා පවත්වන බවය.
 
 1996 පසුව අහමඞ් ෂා මෂුඞ් ගේ කණ්ඩායමට සහය ලබා දීම ස`දහා ඉන්දියාව ටජිකිස්තානයේ හමුදා ක`දවුරු දෙකක් පිහිටුවා තිබිණි. ඉන්දියාව උතුරු දිග සන්ධානයට සුළු අවි, මෝටාර්, ආහාර, ඖෂධ, හමුදා නිල ඇඳුම් සැපයූ අතර ලන්ඩන් නුවර සිටින මෂුඞ් ගේ සහෝදරයා එනම් වාලි මෂුඞ් හරහා නොමසුරුව මුදල් ලබා දුන්නේය. එසේම ඉන්දියාව එම්.අයි.8 වර්ගයේ හෙළිකොප්ටර දෙකක් පරිත්‍යාග කර තිබිණි. තජිකිස්තානයේ ෆාර්කොර් හි ඉන්දියාව හමුදා රෝහලක් ඉදිකර තිබුනේ ෂා ගේ අනුගාමිකයන්ට වෛද්‍ය ආධාර ලබා දීම ස`දහාය. 2001 සැප්තැම්බර් 09 වැනිදා අල්කයිඩා මරාගෙන මැරෙන ප‍්‍රහාරයට ලක්වූ මෂුඞ් සිය අවසන් හුස්ම හෙළනු ලැබුවේද මෙම රෝහලේය. ඝාතනයට මාස පහකට පෙර මෂුඞ් දිල්ලියේ දින හතරක සංචාරයක නිරතවිය. කෙසේ නමුත් දැන් ඉන්දියාව මෂුඞ් මරා දැමීමට කුමන්ත‍්‍රණය කළ කණ්ඩායම් සමග එක්වී ඇත. එනිසාම පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් පවසන්නේ තම රට අස්ථාවර කිරීම ස`දහා ඉන්දියාව ඇෆ්ගන් භූමිය උපයෝගී කරගන්නා බවයි. ඉන්දියාව මේ වන විට ඇෆ්ගනිස්තානයේ ඩොලර් බිලියන තුනක ආයෝජන කර ඇත. එරට පාර්ලිමේන්තු ගොඩනැ`ගිල්ල ඉදිකළේද දිල්ලියේ ආධාර වලිනි. මීට දින කිහිපයකට පෙර කාබුල් නුවර ඉන්දීය තානාපති කාර්යාලය නිවේදනය කර සිටියේ ඇෆ්ගනිස්තානයේ සේවය කරන ඉන්දියානුවන් වඩා ආරක්ෂිතව කටයුතු කිරීම වැදගත් බවයි. තලේබාන් සංවිධානය වේගයෙන් එරට දිස්ත‍්‍රික්ක අත්පත් කර ගනිද්දී ඉන්දියානුවන් අනාරක්ෂිත වී ඇති බවත් ඔවුන් පැහැරගැනීමට ලක්වීමේ අවධානම වැඩි බවත් ඉන්දීය තානාපති කාර්යාලය නිවේදනය කර ඇත. ඉන්දියානුවන් තුන්දහසක් පමණ ඇෆ්ගන් දේශයේ විවිධ සංවර්ධන කරයුතු වල නිරතව සිටිති. එරට දිස්ත‍්‍රික්ක 34ක ඉන්දීය ආධාර ලබන ව්‍යාපෘති 400ක් ක‍්‍රියාත්මක වන අතර ඒවායේ මේ ඉන්දියානුවෝ සේවය කරති. ඇමෙරිකාව කාබුල් හැර ගියද ඉන්දියාවට කාබුල් හැර යන්නට නොහැකිය. එය දෙකොන විල්ලකුවක් මෙනි. දිල්ලි ආණ්ඩුව තලේබාන් බලය වැඩි වීම ගැන වඩා කල්පනාකාරී වන්නේ ඒ හරහා කාශ්මීරය අවුල තවත් දිගැස්සීමට ඉඩ ඇති නිසාය. තලේබාන්වරුන්ගේ නොම`ද ආශිර්වාදය කාශ්මීර මුස්ලිම් සටන්කාමීත්වයට හිමිවන අතර කාබුල් නුවර සිටම සටන්කරුවන් පොම්ප කරනු ඇත. දිල්ලියේ බලවත්ම හිසරදය වන්නේ මෙයයි. කාශ්මීර සටනට පාකිස්තානයේ නොම`ද සහය ලැබේ. 2019 අගෝස්තුවේදී කාශ්මීරයට දී තිබූ විශේෂ තත්ත්වය ඉවත් කිරීමට නරේන්ද්‍ර මෝදී පාලනය ගත් තීන්දුව ඉස්ලාමාබාද් ආණ්ඩුව කොහෙත්ම සතුටු කළේ නැත.
 
 වසර විස්සකට පසු ඇමෙරිකානු හමුදාව බැග්රාම් ගුවන් ක`දවුරද හැර දමා ගොස් ඇත. එහි වෙසෙන ඇෆ්ගන් දිස්ත‍්‍රික්ක බලධාරියා පවසන්නේ ඇමෙරිකානුවන් පිටව යෑමට පෙර කිසිම දැනුම් දීමක් නොකළ බවයි. ඔවුන් රාත‍්‍රියේම පිටව ගොසින් ආණ්ඩුකාර කාර්යාලයටවත් දනුම් දීලා නැහැ යනුවෙන් එම ප‍්‍රකාශකයා ස`දහන් කර තිබිණි. බැග්රාම් ගුවන් ක`දවුර වර්ග කිලෝමීටර් 07ක් පුරා පැතිර ඇති අතර එහි ගුවන් පථ දෙකකි. ඇ`දන් 50ක රෝහලක් ද ඇත. වෙනම නගරයක් ලෙස එම ක`දවුර පැවතියද අද එහි ගේට්ටු මුර කරන්නේ ඇෆ්ගන් භටයෝය. තව ටික දිනකින් මේ ක`දවුරත් තලේබාන්වරුන් අතට පත්වෙයිද? කාබුල් නුවරට කිලෝමීටර් 40ක් ඈතින් පිහිටි මේ ක`දවුරට ඇමෙරිකානු ජනපතිවරුන් පවා පැමිණ තම සෙබළුන් දිරිමත් කළ අයුරු අපට මතකය. නමුත් හෙට දිනයේ සිදු වන්නේ කුමක්ද? තලේබාන්වරු නැවත මේ කඳවුර අල්ලා ගතහොත් එය ඇමෙරිකාවට දැරිය නොහැකි සරදමකි. ඇෆ්ගනිස්තානයේ හිටපු ජනපති හමීඞ් කාර්සයි පවසන්නේ ඇමෙරිකාව කාබුල් නුවරදී පරාජයට පත්ව ඇති බවයි. ඇත්තෙන්ම  ඇෆ්ගනිස්තානය අධිරාජ්‍යයන්ගේ සොහොන් බිම යැයි විරුදාවලිය ලබා ඇත්තේ ඒ නිසාය.

advertistmentadvertistment
advertistmentadvertistment