ඩොලර් ප්‍රශ්නය විසඳන්න මහ බැංකුවෙන් අලුත් වැඩක්

391
  • විදෙස් ශ‍්‍රමිකයන්ට මහ බැංකුවේ දිරිගැන්වීම්

රට මුහුණ දී සිටින උග‍්‍ර විදේශ විනිමය අර්බුදය සමනය කර ගැනීම සඳහා ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් නොයෙකුත් කි‍්‍රයාමාර්ග ගනිමින් සිටී. මේ අතරින් විදේශ විනිමය පේ‍්‍රෂණ වර්ධනය කර ගැනීමට ද මහ බැංකුව නොයෙකුත් දිරිගැන්වීම් සිදුකර ඇත. ඉන් එක කරුණක් වන්නේ ඇමෙරිකානු ඩොලරයකට වැඩිපුර රු. 10 ක අතිරේක දීමනාවක් ලබාදීමයි. එහෙත් මේ වනවිට විදේශ විනිමය අර්බුදය හමුවේ මෙරටට ලැබෙන ඩොලර් ප‍්‍රමාණය ඉතා සීමිත වී තිබෙන නිසා මේ වනවිට අපේ විදේශ විනිමය වෙළෙඳපොළ ඇත්තේ ඇමරිකානු ඩොලර් සඳහා අධික ඉල්ලූමකි. ඒ තුළ කලූ කඩයේ ඇමරිකානු ඩොලරයක් ගනුදෙනු වන මිල රු. 240 ද ඉක්මවා ගොස් තිබේ.මේ නිසා සිදුව ඇත්තේ ශී‍්‍ර ලංකා මහ බැංකුවේ නොයෙකුත් දිරිගැන්වීම් විදෙස්ගත ශ‍්‍රමිකයන්ට එතරම් ආකර්ෂණීය බවට පත් නොවීමයි.

  • නව ප‍්‍රතිපත්ති කි‍්‍රයාමාර්ග

පසුගිය සතියේ ශී‍්‍ර ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නව ප‍්‍රතිපත්ති කි‍්‍රයාමාර්ග කිහිපයක් හඳුන්වා දෙනු ලැබීය. එනම් ඉකුත් ජනවාරි 19 දින මහ බැංකුවේ මුදල් මණ්ඩලය රැස් වී ප‍්‍රධාන ප‍්‍රතිපත්ති කි‍්‍රයාමාර්ග කිහිපයක් ගත්තේය. මහ බැංකුව ප‍්‍රකාශයට පත් කළ එම ප‍්‍රතිපත්ති ක‍්‍රියාමාර්ග මෙසේය.

  1. ශී‍්‍ර ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය(SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 50 බැගින් පිළිවෙළින්, සියයට 5.50 සහ සියයට 6.50 දක්වා ඉහළ නැංවීම
  2. ඉන්ධන මිලදී ගැනීම් සඳහා වන අත්‍යවශ්‍ය ආනයන බිල්පත් මූල්‍යනය කිරීම බලපත‍්‍රලාභී බැංකු අතර ඔවුන්ගේ විදේශ විනිමය ලැබීම්වලට සමානුපාතිකව බෙදා හැරීම
  3. ශී‍්‍ර ලංකාවෙන් පිටත පදිංචි පුද්ගලයන්ට සපයනු ලබන සේවාවන් සඳහා විදේශ විනිමය පමණක් භාර ගන්නා ලෙස සියලූම ලියාපදිංචි සංචාරක ආයතනවලට අනිවාර්යය කිරීම
  4. විදේශ සේවා නියුක්තිකයන්ගේ පේ‍්‍රෂණ සඳහා දිරි දීමනා යෝජනා ක‍්‍රමය යටතේ විදේශ පේ‍්‍රෂණ සඳහා එ.ජ. ඩොලරයක් සඳහා රුපියල් 2.00 ක් වන දිරි දීමනාවට අමතරව ලබා දුන් එ.ජ ඩොලරයට රුපියල් 8.00 ක් වූ අමතර දිරි දීමනාව 2022 අපේ‍්‍රල් මස 30 වැනි දින දක්වා දීර්ඝ කිරීම, 2022 පෙබරවාරි මස 01 වැනි දින සිට කි‍්‍රයාත්මක වන පරිදි බලපත‍්‍රලාභී බැංකු සහ අනෙකුත් විධිමත් ක‍්‍රම ඔස්සේ රුපියල් ගිණුම් වෙත මුදල් පේ‍්‍රෂණය කිරීමේදී ශී‍්‍ර ලාංකික විදේශගත ශ‍්‍රමිකයන්ගෙන් අයකරනු ලබන ගනුදෙනු පිරිවැය එක් ගනුදෙනුවක් සඳහා රුපියල් 1,000 බැගින් ප‍්‍රතිපූර්ණය කිරීම සහ විදේශ ශ‍්‍රමිකයන්ගේ විදේශ ව්‍යවහාර මුදල් සහ රුපියල් තැන්පතු සඳහා ඉහළ පොලී අනුපාතික හඳුන්වා දීම

මහ බැංකුව අපේක්‍ෂා කරන්නේ මුදල් ප‍්‍රතිපත්ති සහ අනෙකුත් ප‍්‍රතිපත්ති කි‍්‍රයාමාර්ග මගින් සමස්ත ආර්ථිකයේ ස්ථායිතාව ශක්තිමත් කර ගැනීමටය. මේ අනුව ආර්ථිකයේ දැනට පවතින තත්ත්වය සහ අපේක්‍ෂිත සාර්ව ආර්ථික වර්ධනයන් සැලකිල්ලට ගනිමින් මේ නව ප‍්‍රතිපත්ති කි‍්‍රයාමාර්ග ගෙන තිබේ.

  • ඉහළ උද්ධමනය සහ බැංකු තැන්පතු

මේ වනවිට වේගයෙන් බඩු මිල ඉහළ යමින් උද්ධමනය වේගයෙන් ඉහළ යමින් තිබේ. එය තනි ඉලක්කමක සිට පසුගිය මාසයේදී ඉලක්කම් දෙකේ අගයක් දක්වා ඉහළ ගියේය. මේ නිසා බැංකුවල පවතින අඩු පොලී අනුපාත හමුවේ බැංකුවල මුදල් තැන්පත් කිරීම බෙහෙවින් අධෛර්යමත් වී තිබේ. ඒ නිසා බොහෝ දෙනා කොටස් වෙළෙඳපොළ වෙත යොමුව ඇති බවද පෙනෙන්නට ඇත. කෙසේ වෙතත් මහ බැංකුව සියයට 0.5 කින් සිය ප‍්‍රතිපත්තිමය පොලී අනුපාත වැඩි කිරීමට ගත් තීරණය හමුවේ විශේෂයෙන් තැන්පතු පොලී අනුපාතිකවල වැඩිවීමක් සිදුවනු ඇතැයි මහ බැංකුව අපේක්‍ෂා කරයි. එහෙත් ඉහළ උද්ධමනය හමුවේ තැන්පත් පොලී අනුපාත සුළු වශයෙන් ඉහළ යෑම එතරම් ආකර්ෂණීය නොවනු ඇත. කෙසේ හෝ මහ බැංකුව අපේක්‍ෂා කරන්නේ මේ පොලී අනුපාත වැඩි කිරීමේ තීරණය මගින් ඉතුරුම් දිරිමත් වනු ඇති බව සහ එමගින් ආනයන සඳහා හේතුවන පරිභෝජනය අධෛර්යවත් වනු ඇති බවයි. මේ අනුව ශී‍්‍ර ලංකා මහ බැංකුව සියලූම බැංකු සහ මූල්‍යායතන වෙත දැනුම් දී ඇත්තේ මේ පොලී අනුපාතික ඉහළ නැංවීම තැන්පතුකරුවන්ගේ පොලී අනුපාතික සඳහා ද කඩිනමින් කි‍්‍රයාත්මක කරන ලෙසයි.

  • වෙළෙඳපොළ පොලී අනුපාත වැඩිවීමේ බලපෑම

දැනට මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කරවල ශේෂය ද ඉහළ මට්ටමක පවතී. එහි අදහස භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීම හරහා විශාල ලෙස මහ බැංකුව විසින් රජයට මුදල් ලබාදී ඇති බවයි. මහ බැංකුවට විශාල වශයෙන් මුදල් මුද්‍රණය කර ඇති බවට චෝදනා නැගෙන්නේ ද මේ නිසාය. කෙසේ හෝ වෙළෙඳපොළ පොලී අනුපාතිකවල අපේක්‍ෂා කරන පරිදි වැඩිවීමක් වුවහොත් භාණ්ඩාගාර බැඳුම්කරවල ආයෝජනය සඳහා වෙළෙඳපොළ සහභාගිත්වය වැඩි වනු ඇත. එමගින් මහ බැංකුව සතු රජයේ භාණ්ඩාගාර බිල්පත් තොගය අඩුකර ගැනීමට ද හැකියාවක් ලැබෙනු ඇත. එහෙත් උද්ධමනයේ ඉහළ යෑමට සාපේක්‍ෂාව ජනතාවට ලැබෙනු ඇත්තේ සිය ඉතුරුම්වලට ඍණ මුර්ත පොලියකි. ජනයාට සිය ඉතුරුම්වලට උද්ධමනය අභිබවා ප‍්‍රතිලාභ ලබා ගැනීමට දුෂ්කර වී තිබේ. මේ වන විට පවතින උද්ධමනය සියයට 12 ද ඉක්මවා ගොස් තිබේ. මේ අධි උද්ධමන තත්ත්වය තාවකාලික එකක් වනු ඇතැයි ද පසුගිය බ‍්‍රහස්පතින්දා (20) මහ බැංකු මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේදී මහ බැංකු නිලධාරීන් ප‍්‍රකාශ කළේය. එහෙත් උද්ධමනය අඩු වීම යනු බඩු මිල අඩුවීම නොව බඩු මිල ඉහළ යන වේගය අඩුවීමක් පමණක් බවද අප මතක තබාගත යුතුව තිබේ. ඒ නිසා වැඩි වූ බඩු මිලෙහි අඩුවීමක් නම් අපේක්‍ෂා කිරීම දුෂ්කර ය.

  • සංචාරකයන්ගෙන් විදේශ මුදල් අයකිරීම අනිවාර්ය කිරීම

මේ ප‍්‍රතිපත්ති කි‍්‍රයාමාර්ග අතර මේ වනවිට වඩාත් අවධානයට ලක්වී ඇත්තේ විදේශිකයන්ට සපයන සේවා සඳහා විදේශ මුදල් පමණක් භාර ගන්නා ලෙස ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් සංචාරක ආයතනවලට අනිවාර්ය කිරීමයි. ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් බැංකු හා මූල්‍යායතන නියාමනය කළත් සංචාරක ආයතන නියාමනය කරන්නේ නැත. ඒ සඳහා හැකියාව සහ බලය ඇත්තේ ශී‍්‍ර ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට ය. ඒ අනුව එම අධිකාරිය තම ආයතනය යටතේ ලියාපදිංචි සංචාරක හෝටල් ඇතුළු ආයතනවලට මහ බැංකුවේ මේ උපදෙස් අනුව කටයුතු කරන ලෙස ඉදිරියේදී දැනුම් දීමක් කරනු ඇතැයි සිතිය හැකිය. මේ අනුව සංචාරක හෝටල් ඇතුළු සංචාරක ආයතන විසින් විදේශ සංචාරකයන්ගෙන් විදේශ මුදලින්ම ඉපයීම් ලබාගෙන ඒ මුදල දින දෙක තුනක් ඇතුළත බැංකුගත කළ යුතුව තිබේ. විදේශිකයන් මෙරටට රැගෙන එන විදේශ මුදල් රටේ නිල විදේශ විනිමය ලැබීම සඳහා වාර්තා වනු ඇත්තේ එවිට ය. එසේ නැත්නම් විදේශිකයන් මෙරටට රැගෙන එන විදේශ මුදල් ද අවිධිමත් මාර්ග ඔස්සේ රටේ නිල විනිමය අනුපාතයට වඩා වැඩි අනුපාතයකට සංචාරක හෝටල් හරහාම මාරු කෙරෙන බවද දැනගන්නට ඇත. ඒ අනුව බැංකුවලින් මාරු කර ලබා ගන්නවාට වඩා වැඩි රුපියල් ප‍්‍රමාණයක් ලැබීමට විදේශිකයන්ට ද හැකිව තිබේ. මෙසේ විදෙස් සංචාරකයන් නවාතැන් ගන්නා සංචාරක හෝටල් මගින්ම එම විදේශ මුදල් මාරු කර ගැනීමට පහසුකම් සලසන බවද දැනගන්නට ඇත. මෙවැනි තත්ත්වයක් නිර්මාණය වී ඇත්තේ නිල විනිමය අනුපාතයට වඩා සැලකිය යුතු ලෙස වැඩි අගයකට කලූකඩයේ විදේශ මුදල් හුවමාරු වෙමින් තිබීමයි. මහ බැංකුවේ මේ නව තීරණය කොතරම් දුරට ප‍්‍රායෝගිකව කි‍්‍රයාත්මක කළ හැකි ද ඒ සඳහා කි‍්‍රයාත්මක කරන ක‍්‍රමවේදය කුමක්ද යන්න තවමත් පැහැදිලි නැත. මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා පවසන්නේ ඉදිරියේදී සංචාරක හෝටල්වලට ද විදේශ මුදල් ගනුදෙනු සිදුකිරීම සඳහා නව අනුපාතයක් හඳුන්වා දෙන බවයි. ඒ අනුව සංචාරකයන්ට එම අනුපාතයට තමන් සතු විදේශ මුදල් අදාළ සංචාරක හෝටල් මගින්ම රුපියල් බවට අවශ්‍ය නම් මාරු කරගත හැකිය. එය බොහෝ විට ඩොලරයේ කලූ කඩ මිල සහ බැංකුවල පවතින නිල විනිමය අනුපාතය අතර අගයක් බව සිතිය හැකිය. කෙසේ වෙතත් මහ බැංකුවේ නව තීරණයට සංචාරක ආයතන කොතරම් අනුකූල කර ගැනීමට හැකිවනු ඇති ද යන ප‍්‍රශ්නය තිබේ. ඊට අමතරව සංචාරකයන්ට සේවා සපයන සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි නොවූ ආයතන ද රට පුරාම තිබේ. ඒවා මගින් මේ තීරණය කි‍්‍රයාත්මක කිරීම දුෂ්කර ය. මහ බැංකුවේ මේ නව තීරණය කි‍්‍රයාත්මක කිරීමේ ක‍්‍රමවේදය ගැන ඉදිරියේදී වඩාත් නිශ්චිතව උපදෙස් නිකුත් වනු ඇතැයි ද අපට සිතිය හැකිය. කෙසේ හෝ මේ තීරණය නිසා මෙරටට එන විදෙස් සංචාරකයා අපහසුවට සහ කිසිදු පීඩාවට පත් නොවීමට අප වගබලා ගත යුතුව තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment