සැකකාර පොලිස් නිලධාරියා අත්අඩංගුවට
අධික ලෙස බීමත්ව පොලිස් පරීක්ෂකවරයකු පදවාගෙන ගිය මෝටර් රථයකට බත්තරමුල්ල ප්‍රදේශයේදී ත්‍රිරෝද රථ රියැදුරකු හැපී මරුමුවට පත්වී තිබේ.
මහරගම පොලිස් ස්ථානයට අනුයුක්ත අදාළ පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා ‘දිවයින’ ට ඊයේ (04 වැනිදා) පැවසීය.
පොලිස් පරීක්ෂකවරයා පැදවූ මෝටර් රථය තවත් මෝටර් රථයක හැපී ත්‍රිරෝද රථයේ ගැටී ඇතැයි හෙළිවූ බව පරීක්ෂණ සිදුකරන තලංගම පොලිසිය පවසයි.
සැකකාර පොලිස් පරීක්ෂකවරයා අවමඟුල් නිවසකට සහභාගිවී නැවත පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුවී තිබිණි.
සැකකාර පොලිස් පරීක්ෂකවරයා කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහැර තිබේ. මේ පිළිබඳව තලංගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි. අනතුරින් මියගොස් ඇත්තේ බියගම, මල්වාන පදිංචිව සිටි 54 හැවිරිදි අයෙකි.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, යූ. කේ. අබේරත්න සහ ඇන්ටන් ප්‍රනාන්දු