බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා ශ්වසන පරීක්ෂණ උපකරණ (බැලූන්) 150,000ක් දිවයිනේ සියලුම පොලිස් ස්ථාන වෙත බෙදාහැරීමට පොලිස් මූලස්ථානය කටයුතු කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ බුද්ධික මනතුංග මහතා පවසයි.
උත්සව සමයේ රිය අනතුරු බහුලව සිදුවන බවත්, බීමත් රියැදුරන් නිසා රිය අනතුරු යම් ප්‍රමාණයක් එම වකවානුවේ සිදුවන බවට නිරීක්ෂණය වීම නිසා බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම දියත් කර ඇති බවත් හෙතෙම කියයි.
මගී ප්‍රවාහන බස්රථ ඇතුළු සියලුම වාහන පරීක්ෂා කිරීම් උත්සව සමය අවසන්වන තෙක් පැය 24 පුරා දිවයිනම ආවරණය වන පරිදි සිදුකිරීමට පොලිස් ස්ථානවලට උපදෙස් දී ඇතැයි ද මනතුංග මහතා කියා සිටී.
මෙම විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක වන කාලසීමාව තුළ අපරික්ෂාකාරී හා නොසැලකිලිමත් ලෙස හෝ මාර්ග නීති උල්ලංඝනය කරමින් ධාවනයේ යෙදෙන වාහන සම්බන්ධයෙන් ‘119’ හෝ 1997 අංක වෙත තොරතුරු ලබාදීමට හැකි බවද මනතුංග මහතා පවසයි.
චමින්ද සිල්වා