ණය නොවී දියුණු වෙන දහම් මග

52

දිළිඳුකම, ණය ගැනීම හා ඒ තුළ හට ගන්නා දුක පිළිබදව බුදු රජාණන් වහන්සේ අංගුත්තර නිකායේ ඡුක්ක නිපාතයේ ධම්මික වග්ගයේ ඉණ සූත‍්‍රයෙහි දේශනා කරති.

 අපි මනුෂ්‍යයෝ වෙමු. මනුෂ්‍ය ලෝකය කාම ලෝකයකි. අප මනුෂ්‍යයන් වී උපත ලද්දේ කම් සැප විදීමට අප තුළ පැවැති බලවත් කැමැත්තයි. අප කම් සැප විදීමේ ලෝලත්වයෙන් පෙළෙන්නෝ වෙති. ඇස් පිනවන්නට, කන් සනහන්නට, නාසය ආග‍්‍රාණයට, දිව රස කරනට, කය සැනසීමට අපි නිති වෙහෙසෙමු. කොතරම් ලැබුණ ද තෘප්තිමත් නොවෙමු. කම් සැප විදීමේ ලෝලත්වයෙන් ම දිවි ගෙවමු. කම් සැප විදීමේ ලෝලත්වය නිසා, කෙතරම් ඉ`දුරන් පිනවූවත් තෘප්තිමත් නොවන නිසා මේ මිනිසා දිළින්දෙකි. දුප්පතෙකි. දිළිදුකම දුකකි.

 දිළි`දුකම නිසා අපි ණය ගන්නෙමු. එයද දුකකි. ණයට පොලිය එකතු වෙයි. එය ද දුකකි. ණය නොගෙවූ විට චෝදනා ලැබෙයි. එයද දුකකි. ණය ගෙවා ගත නොහැකි වූ විට සැ`ගව යයි. එවිට ණයකරුවන් ඔහු ලූ‍හුබ`දියි. මේ ණයකරුවන් ලූ‍හුබැ`දීම ද දුකකි. ණයකරුවන් ලූ‍හුබැ`ද අල්වාගෙන ණය නොගෙවූ නිසා ද`ඩුවම් කරයි. හිරේ විලංගුවේ දමයි. එයද දුකකි. මේ අයුරින් උන් වහන්සේ ණය ගැනීම හා ඒ හා සම්බන්ධව ගොඩනැගෙන දුක් වැළැක් දේශනා කරයි. ණය ගැනීම ලෞකික සුවය නැති කරයි. ලෝකෝත්තර සුවය දුරු කරයි.

 බුදු රජාණන් වහන්සේ දිළිදු බව ලෙස අර්ථ කථනය කරනුයේ අශ‍්‍රද්ධා, (රත්නත‍්‍රය කෙරෙහි පැහැදීමක් නැති බව) හිරිය (පව් කරන්නට ලජ්ජා නැති කම) ඔත්තප්ප (පව් කිරීමට භය නැති කම) වීර්ය නැති බව (කුසල් කිරීමෙහි වීර්ය නැති බව කුසලෙහි කම්මැලි වීම) ප‍්‍රඥාව නැති බව (කුසල් කිරීමෙහි ප‍්‍රඥාව නොමැති වීම) ආදි වූ කරුණු පැවතීම දිළි`දුකම ලෙස දක්වයි. මේ කරුණුවලින් යුතු පුද්ගලයා කයින්, වචනයෙන්, මනසින් වැරදි කරයි සතුන් මරයි. සොරකම් කරයි. වැරදි අයුරින් ඉ`දුරන් පිනවයි. මදයට ප‍්‍රමාදයට හේතුවන මත්පැන් මත්ද්‍රව්‍ය පරිහරණය කරයි. බොරු, කේළාම්, පරුෂ වචන හිස් වචන කියයි. දැඩි ලෝභය, ව්‍යාපාදය (දැඩි තරහ) තමන්ට අලාභයක් කළ අය මැරීමේ පෙලීමේ චේතනාව, මිත්‍යා දෘෂ්ටිය (ලාභය උදෙසා ධර්මය අධර්මය ලෙස දකියි. අධර්මය ධර්මය ලෙස දකියි. විනය අවිනය ලෙස දකියි. අවිනය විනය ලෙස දකියි.) මේ අයුරින් කටයුතු කිරීම ණය ගැනීමයි. එසේ වැරදි කරමින් එය සමාජයෙන් සැ`ගවීමට වෙර දරයි. එය ණය ස`දහා පොලිය සෑදීමයි. මෙසේ වරදේ බැ`දුණ විට අනෙක් අය චෝදනා කරයි. එමෙන්ම මෙයින් සැ`ගවෙන්නට කොහෝ හෝ සැ`ග වුණද තමා කළ දේ තම හදවතින් ඉවත් කළ නොහැක. නිතර නිතර එය ම සිහිවෙයි. එය ලූ‍හුබැ`දීමයි. පව්කම් කොට තිරිසන් ලෝකයක සතර අපායක වැටී දුක් වි`දියි. එය ද`ඩුවමයි.

 මෙම සූත‍්‍ර දේශනාව තුළින් අපට දෙන ආදර්ශයක් වෙයි. එනම් දිළිඳුකම නැති කර ලත් විට ණය ගැනීමක් නැත. ණය ගැනීමක් නැති විට, පොලිය වැඩිවීමක් නැත. පොලිය වැඩිවීමක් නොමැති විට, චෝදනා නැත. චෝදනා නැති විට ලූ‍හුබැ`දීමක් නැත. ලූ‍හු බැ`දීමක් නැති විට ද`ඩුවම් නැත යන අදහසයි.

 අශ‍්‍රද්ධාව, හිරිය, ඔත්තප්පය, අවිර්ය, මුළාව දිළිඳුකම නම් ශ‍්‍රද්ධාව, අහිරිය (පවට ලජ්ජා වීම) අනොත්තප්ප (පවට බිය වීම) වීර්ය, ප‍්‍රඥාව පොහොසත් බවයි. කෙනකු තුළ ලෞකික, පාර ලෞකික, ලෝකොත්තර දියුණුව උදා කරවීමට මෙම ගුණයන් තිබිය යුතුයි. මේ ගුණ ඇති විට පුද්ගල සංවර්ධනය ගොඩ නැගෙයි. එවන් පුද්ගලයන් රාශියක් වූ විට එය ගමකි. රටකි. ඒ තුළින් ගම දියුණු වෙයි. රට දියුණු වෙයි. මෙලොව සතුටින් වෙසෙයි. මෙලොව සතුටින් විසූ විට ඒ සතුටින්ම

 මියගොස් පරලොව මනුෂ්‍ය, දිව්‍ය, බ‍්‍රහ්ම ලෝකවල උපදී පාරලෞකික දියුණුව ලබයි. මෙය වඩාත් සංවර්ධනය වීම තුළ ලෝකොත්තර දියුණුව ලබයි. එසේනම් ස්වයං පෝෂිත බව පිණිස, පෙහොසත් බව පිණිස, සංවර්ධනය පිණිස මේ කරුණු අනුගමනය කළ යුතුයි.

 බුද්ධ, ධම්ම, සංඝ යන රත්නත‍්‍රය කෙරෙහි ශ‍්‍රද්ධාව ගොඩ නගා ගත යුතුයි. ශ‍්‍රද්ධාව යනු පැහැදීමයි. ප‍්‍රසාදයයි. විශ්වාසයයි. එම ශ‍්‍රද්ධාව යනු බුදු ගුණ, දහම් ගුණ, සඟ ගුණ හ`දුනාගෙන ඒ ගුණ පිළිපැදීමයි. මේ ගුණ සියල්ලම නොවෙයි එක ගුණයක් අපේ ජීවිතවලට යොදාගත හැකිනම් ඒ තුළින් දිවිමග දියුණු කර ගත හැකිය. රහසින් වත් පව් නොකිරීම, සියලූ‍ පූජාවට සුදුස්සෙකු වීම,කෙළෙස් වසඟ නොවීම (අරහං ) අලස නොවීම, ආහාරයෙහි පමණ දැනීම, නින්දෙහි ප‍්‍රමාණය දැනීම, වීර්ය (ආචරණ ධර්ම) ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුළ ගමන් කිරීම ( සුගතො) මෛත‍්‍රිය, කරුණාව, දයාව පැවතීම (අනුත්තරො පුරිදම්ම සාරති ) ආදි ගුණ අපට නිරන්තරයෙන් භාවිතා කළ හැකි ය. ධර්මය ගැන ප‍්‍රසාදය යනු බුදු බණ අනුගමනය කිරීමයි. සංඝයා ගැන පැහැදීම යනු සංඝ ගුණ අනුගමනය කිරීමයි.

 කායික, වාචසික, මානසික අකුසල් කිරීමේ දී ලජ්ජා විය යුතුයි. බිය විය යුතුයි. ලජ්ජා බිය නැති විට පාපය යහපත්ය සිතා පාපයෙහි නිරත වෙයි. පාපයට ලැබෙන ප‍්‍රතිඵලයත් පාපී වෙයි. සතුට පලා යයි. දුක, සන්තාපය, අසහනය, අසතුට තුළ දිවි ගෙවයි. මෙලොව අසතුටුයි නම් පරලොව අසතුටු වෙයි. පව් තුළින් මෙලොව තැවෙයි. පරලොව තැවෙයි. දෙලොවම තැවෙයි.අපායේ ඉපිද වඩවඩාත් තැවෙයි.

 තමන්ට පිහිට තමන් පමණි. අනුන්ගෙන් ඒ පිහිට අපේක්ෂා කළ නොහැක. තමන්ට තමන් පහනක් වන්න, තමන්ගේ ආලෝකය තමන් වන්න, තමන්ට තමන්ගේ සරණ පමණයි. වෙන කිසිවෙකුගෙන් සරණක් ලැබිය නොහැක. ඒ නිසා වීර්ය ගුණය තිබිය යුතුයි. නොලැබුන දේ පිළිබඳව පසුතැවිලිවනවාට වඩා වීර්යයෙන් යුතුව කටයුතු කළොත් දියුණුව ලබා ගත හැකි ය. දැන් ?,උදේ, දහවල්, බඩ පිරුණා බඩගිනියි. ආදී වශයෙන් විවිධ කරුණු ගෙනහැර දක්වා වැඩ වැරීම සුදුසු නැත. අසනීපයක් හැදෙන්න ඇති විට අසනීප වුනොත් වැඩ අතපසු වේයැයි වැඩ කළ යුතු ය. අසනීපයක් සුව වූ විට අසනීප වූ කාලයේ අතපසු වූ කටයුතු ඇතැයි වැඩ කළ යුතුයි. ගමනක් යෑමට ඇති විටක ගමන ගිය පසු අතපසු වේ යැයි සිතා වැඩ කළ යුතුයි. ගමනක් ගොස් ආ පසු ගමන ගිය අවස්ථාවේ අතපසු වූ දේ කළ යුතු යැයි වැඩ කළ යුතු ය. බඩ ගිනි වූ විට පෙර ගත් ආහාරයේ ශක්තිය ඇතැයි වැඩ කළ යුතුයි. බඩ පිරුණ විට මා ගත් ආහාරයේ ශක්තිය නැති වීමට පෙර වැඩ කළ යුතුයි සිතා වැඩ කළ යුතු ය. මේ අයුරින් හැම මොහෝතේම වැඩ කළ යුතුයි.

 ගැටලූ‍ දෙස බැලිය යුත්තේ ප‍්‍රඥාවෙනි. ගැටලූ‍ව, ගැටලූ‍ව ඇති වීමට බල පෑ හේතුව, ගැටලූ‍ව විසදීම, ගැටළුව විසදීමට ඇති මග ආදී වශයෙන් බැලීම ප‍්‍රඥාවයි.

 මේ අයුරින් කටයුතු කරයි නම් ණය කඳු සමතලා කළ හැක. මෙලොව දියුණුව ලද හැකි ය. පරලොව දියුණුව ලද හැකි ය. ලොකෝත්තර දියුණුව ලද හැකි ය. මේ බුදු මඟ යමු.

 ශාස්ත‍්‍රපති, අධ්‍යාපනපති  – විල්ඔය පඤ්ඤාතිලක ස්ථවිර

advertistmentadvertistment