ණය ප්‍රතිව්‍යුහගතකරණයට චීන එකඟතාව

207

අපේ ප්‍රධාන ණයකරුවා චීනය ඉතා ඉක්මනින් ශ්‍රී ලංකා වරාය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ඔවුන්ගේ එකඟතාව ලබාදෙනු ඇතැයි අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

දැනට එම සාකච්ඡා අවසන් අදියරේ පවතී.

ඒ අනුව නුදුරේ දී මූල්‍ය අරමුදලේ ගිවිසුමට යන්න ශ්‍රී ලංකාවට හැකිවනු ඇති බව ද ඔහු සඳහන් කරයි.

ඉන්දියාව ණය ප්‍රතිව්‍යුහගතකරණයට සිය එකඟතාව ලබාදී ඇති බව ද රාජ්‍ය ඇමති සියඹලාපිටිය මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා මෙසේ ද කීය.

ණය ප්‍රතිව්‍යුහගතකරණ සම්බන්ධයෙන් කිසිම ප්‍රශ්නයක් නෑ. අපි මීට පෙර 16 වතාවක් අයිඑම්එෆ් ගිහින් තියෙනවා. එම 16 වතාවෙ ම අයිඑම්එෆ් ගියේ හරි වෙලාවේ නෙවෙයි. යායුතු වෙලාව පසු කරලා වසරකටත් වඩා ගියාට පසුවයි. ණය නොගෙවන බව ප්‍රකාශ කරලා තමයි මෙවර අයිඑම්එෆ් ගියේ. ඒ දෙකේ ලොකු වෙනසක් තියෙනවා. ඒ නිසා අපි මුහුණ දුන් තත්ත්වයන් එක්ක ඒ කාලසීමාව ප්‍රමාදයක් නෙවෙයි. අපට ඉතාම ඉක්මනට අප බලාපොරොත්තු වන ඉලක්කයට යා හැකියි. මෙය ඉතා සාර්ථක තත්ත්වයක් බව කිව හැකියි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත


advertistmentadvertistment