ණය ප්‍රමාණයෙන් ඩො. බිලියන 8ක සහනයක් ජනතාවට ලබාදීමට හැකි වුණා – ජනපති කුරුණෑගලදී කියයි

83

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට අදාළව ද්විපාර්ශ්වික ණය හිමියන් වෙතින් ඩොලර් බිලියන 05ක ණය පොලී සහනයක් සහ වාණිජ ණය හිමියන් එකඟ වී ඇති ආකාරයට ඩොලර් බිලියන 03ක ණය කපාහැරීමක් සිදුවන බවත් ඒ අනුව ගෙවීමට තිබූ ණය ප්‍රමාණයෙන් ඩොලර් බිලියන 08ක සහනයක් රටේ ජනතාවට ලබාදීමට හැකි වූ බව ඊයේ (05 දා) පෙරවරුවේ කුරුණෑගල වයඹ පළාත් ශ්‍රවණාගාරයේදී පැවැති උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ උත්සවය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එම ඔප්පු ප්‍රදාන උළෙලට පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු, අසංක නවරත්න, මංජුලා දිසානායක, සුමිත් උඩුකුඹුර, හිටපු ඇමැති අකිල විරාජ් කාරියවසම්, වයඹ ආණ්ඩුකාර නසීර් අහමඩ්, ජනපති ලේකම් සමන් ඒකනායක ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment