ණය පොලී කඩිනමින් පහළ දමන්න – මහ බැංකු අධිපති සියලු බැංකුවලින් ඉල්ලයි

382

බැංකුවල ණය පොලී අනුපාත ප්‍රමාණවත් මට්ටමින් පහත හෙළීමට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සියලුම බැංකුවලින් ඉල්ලා සිටී.

ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංවිධානය වෙත ලිපියක් යවමින් මහ බැංකු අධිපතිවරයා මේ ඉල්ලීම කර ඇත. බැංකුවල සියලුම ණය වර්ගවලට අදාළව මේ ණය පොලී අනුපාත අඩු කිරීම සිදුකරන ලෙස ද හෙතෙම මෙම ලිපිය මගින් ඉල්ලා ඇත.

මේ උපදෙස් අනුව ක්‍රියා නොකර ප්‍රමාණවත් නොවන ලෙස ප්‍රමාද වී ණය පොලී අනුපාත අඩු කිරීමට බැංකු සහ මූල්‍ය අංශ කටයුතු කළහොත් ඊට මහ බැංකුවට නියාමන ක්‍රියාමාර්ග ගැනීමට සිදුවිය හැකි බව ද මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා තවදුරටත් එම ලිපිය මගින් දැනුම් දී ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත


advertistmentadvertistment