ණැන ගුණ දෙන සකල කලාවම රැකදෙන සරස්වතිය

465

උතුම් ශ‍්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ හින්දු දේව මෑණියන් වහන්සේ නමකි. උතුම් ශ‍්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ දැනුමට, සංගීතයට කලාවට ප‍්‍රඥාව සහ ඉගෙනීමට අධිපති දේව මෑණියන් වහන්සේ ලෙස සැලකෙයි. උතුම් ශ‍්‍රී සරස්වතී දේව මෑණියන් ”ත‍්‍රිදේවි” ලෙසින් හැඳින්වෙන උතුම් ශ‍්‍රී සරස්වතී දේව මෑණියන්, උතුම් ශ‍්‍රී ලක්ෂ්මි දේව මෑණියන් සහ උතුම් ශ‍්‍රී පාර්වතී දේව මෑණියන්ගෙන් උතුම් ශ‍්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේයි. මෙම උතුම් ත‍්‍රිදේවීන් උතුම් ශ‍්‍රී බ‍්‍රහ්ම දෙවියන්ට, උතුම් ශ‍්‍රී විෂ්ණු දෙවියන්ට සහ උතුම් ශ‍්‍රී ශිව දෙවියන් වහන්සේලාට පිළිවෙළින් නිර්මාණය කිරීමටත්, ආරක්ෂා කර පවත්වාගෙන යෑමටත් සහ ලෝකයේ ප‍්‍රතිජනන චක‍්‍රයටත් උපකාර වේ.

 උතුම් ශ‍්‍රී සරස්වතී දේවමෑණියන් වහන්සේ ගැන මුලින්ම සඳහන් වන්නේ ඍග්වේදයේ ය. හින්දු සම්ප‍්‍රදායේ වෛදික යුගයේ සිට මේ දක්වාම උතුම් ශ‍්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ ඉතා සුවිශේෂී දේව මාතාවකි. උතුම් ශ‍්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේට ගෞරව දැක්වීමට ”වසන්ත් පන්චමි” නම උත්සවය (වසන්තයේ පස් වන දිනය) සමහර හින්දු බැතිමතුන් සමරනු ලබයි. එම දිනය ඔවුන් සලකුණු කරන්නේ කුඩා දරුවන්ට අක්ෂර මාලාව නිවැරදිව ලිවීමට උදවු කිරීමටයි. උතුම් ශ‍්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ හින්දු බැතිමතුන්ගෙන් පමණක් නොව බටහිර සහ මධ්‍ය ඉන්දීය ජෛන බැතිමතුන් සහ සමහර බෞද්ධ සම්ප‍්‍රදායන්ද උතුම් ශ‍්‍රී සරස්වතී දේව මෑණියන් හට ගෞරව පුද පූජා පවත්වති.

 උතුම් ශ‍්‍රී සරස්වතී දේවමෑණියන් වහන්සේ ඉන්දියාවේ පමණක් නොව දැනුමට, සංගීතයට සහ කලාවට අධිපති දේව මෑණියන් වහන්සේ ලෙසින් නේපාලයේ, ජපානයේ යම් ප‍්‍රදේශවල, වියට්නාමයේ, ඉන්දුනීසියාවේ, මියන්මාරයේ සහ ශ‍්‍රී ලංකාවේ දී වැඳුම් පිදුම් ලබති.

 ”සර” යන පදයෙහි සංස්කෘත අර්ථය වන්නේ හරය, සාරය වැනි අර්ථයන්ය. ”ස්ව” යන පදයෙහි සංස්කෘත අර්ථය වන්නේ තමා වැනි අර්ථයන්ය. මෙම පද දෙක සන්ධි කිරීමෙන් සරස්වතී යන නාමයෙහි අර්ථය ”ආත්ම ඥානයට නියමුවන්නිය” යන අර්ථයයි. සංස්කෘත භාෂාව සමඟ බැඳී පවතින ”සුරස-වති” යන්නෙහි අර්ථය ”ජලය බහුලව පවතින” යන්නයි.

 ”සරස්වතී” යන නාමපදය ගංගා සඳහා සහ ඉතා වැදගත් දේව මෑණියන් වහන්සේ නමක් වන උතුම් සරස්වතී දේව මෑණියන් උදෙසාද සෘග් වේදයේ ආරම්භක පාඨයන්හි භාවිත කර ඇත. ඉන්දියාවේ වයඹ දිග ප‍්‍රදේශවල ගංගා සරස්වතී නදිය, ද්‍රිෂද්වති නදිය ලෙසින් ගංගා නම් කොට ඇත. එනම් උතුම් ශ‍්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ ගංගාවලට අධිපති දේව මෑණියන් වහන්සේ නමක් ලෙසින්ද අර්ථ දක්වයි. සෘග් වේදයේ දෙවන පොතෙහි සඳහන් වන පරිදි උතුම් ශ‍්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ මෑණිවරුන්ගේත්, ගංගාවන්ගේත්, දේවදූන්ගේත් ශ්‍රේෂ්ඨතමයන් වේ.

 උත්තම මෑණියන් වහන්සේද, උත්තම ගංගාවද, උත්තම දේව මෑණියන් වහන්සේද ”සරස්වතී” ලෙසින් හැඳින්වේ. අප මෙහි කීර්තියක් නැත්තවුන් ලෙසින් සිටින සහ දයාබර මෑනියණනි ඔබ අප හට කීර්තිය ලබා දෙනු මැනවි.

 -ඍග්වේද 2.41.6

 ඍග්වේදයේ 10 වන ග‍්‍රන්ථයෙහි පහතින් දැක්වෙන පරිදි උතුම් ශ‍්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේට වන්දමාන කර ඇත්තේ සුවපත් කරන, බහුල බලයන් පවිත‍්‍ර කරන සහ ජලය ගලා යෑමට අධිපති දේවමෑණියන් වහන්සේ නමක් ලෙසින්ය.

 ජලය වේවා, මෑණියන් වේවා, අප පිරිසිදු කරයි,

 ගිතෙල් සමගින් පිරිසිදු වන ඔවුන්, අපව ද ගිතෙල් සමග පිරිසිදු කරයි,

 මෙම උතුම් ශ‍්‍රී දේවමෑණියන් වහන්සේ කෙලෙස්වලින් මුදා ගැනීමටයි,

 මම ඔවුන්ගෙන් පිරිසිදුව සහ පවිත‍්‍රව නැගී සිටිමි.

 -ඍග්වේද 10.17 ජෝන් මුයිර් විසින් පරිවර්තනය කර ඇත.

 ඍග්වේදයේ 10 වන ග‍්‍රන්ථයේ ඇති දේව ගීතවල දැක්වෙන්නේ, උතුම් ශ‍්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ දැනටමත් ”ඥානයෙහි අයිතිකාරිය” බව ප‍්‍රසිද්ධියේ පැවසේ. ඍග් වේදයට පසුව ලියවුණු වේද ග‍්‍රන්ථ සහ බ‍්‍රාහ්මණ ග‍්‍රන්ථවල උතුම් ශ‍්‍රී සරස්වතී දේව මෑණියන්ගේ වැදගත්කම විදහා දක්වා ඇත. උතුම් ශ‍්‍රී සරස්වතී දේව මෑණියන්ගේ ශ‍්‍රී නාමයෙහි අර්ථය ”පාරිශුද්ධ වූ ජලය,” ”පාරිශුද්ධ කරන්නීය,” ” කථනය පිරිසිදු කරන්නීය,” ” ඥානය පාරිශුද්ධ කරන්නීය” වැනි අර්ථයන්ගේ සිට අවසානයේ අධ්‍යාත්මික සංකල්ප වන ඥානය, කලාව, සංගීතය, ස්වාරමධුර්ය, ධ්‍යානය, භාෂාව, අලංකාර ශාස්ත‍්‍ර, කථිකත්වය, නිර්මාණාත්මක ක‍්‍රියාවන්ට සහ ඕනෑම යහපත් දෙයක හරය සහ පුද්ගලයෙකුගේ ජීවනය පාරිශුද්ධ කිරීමට මෙම උතුම් ශ‍්‍රී සරස්වතී දේව මෑණියන් මූර්තිමත්ව සිටී. උපනිෂද් සහ ධර්ම ශාස්ත‍්‍ර ග‍්‍රන්ථවල උතුම් ශ‍්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේගෙන් යටහත් ලෙස අයැද සිටින්නේ පාඨකයාට සිල්වත් ලෙස භාවනා කිරීමටත්, සිල්වත් ලාභද, තේරුම සහ එක් එක් කාර්යයන්ගේ සහ ක‍්‍රියාවන්ගේ හරයත් නගා දෙන ලෙසයි.

 හින්දු සාහිත්‍යයේ උතුම් ශ‍්‍රී සරස්වතී දේව මෑණියන්ට බොහෝ නාමයන් භාවිතා කරයි. ඒවා නම් ”බ‍්‍රහ්ණනි” (උතුම් බ‍්‍රහ්ම දෙවියන්ගේ ශක්තිය), ”බ‍්‍රහ්මී” (දේව මෑණිවරුන්ගේ ශාස්ත‍්‍රය), ”භාරදී” (දේව මෑණිවරුන්ගේ ඉතිහාසය), ”වාණි” සහ ”වාචි” (මෙම දෙකම පිළිවෙළින් ගීත, සංගීත සහ තාලවල ගලා යෑමත්, සුභාෂිත කථනයත් ය.), ”වර්ණේශ්වරි” (අක්ෂරවල දේව මෑණියන්), ”කවිජිහ්වග‍්‍රවාශිනි” (කවියන්ගේ දිවෙහි වැජඹෙන බැවින්).

 තෙලිඟු භාෂාවෙන් උතුම් ශ‍්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේට ”චාදුවුල තල්ලි,” ”ශාරදා” ලෙසින් හැඳින්වේ. කොන්කනි භාෂාවෙන් උතුම් ශ‍්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේට ”ශාරදා,” ”වීනපනි,” ”පුස්තක ධරිනි” යනුවෙන් හැඳින්වෙන අතර වෙනස් ලෙස ”ශරදී”, ”ශාරදාම්බ”, ”වාණි”, වීනාපනි” ලෙසින් ප‍්‍රසිද්ධ දේවස්ථානයක් වන ”ශ‍්‍රින්ගෙරි” දේවස්ථානයේ සඳහන් වී ඇත. දෙමළ භාෂාවෙන් උතුම් ශ‍්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේව ”කලයිමංගල්,” ”කලයිවාණි,” ”වාණි”, ”භාරති” යන නම්වලින් හඳුන්වනු ලබයි. උතුම් ශ‍්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේව ”ශාරදා” නාමයෙන් හැඳින්වෙන අතර එහි අර්ථය සරත් සෘතුවට ප‍්‍රිය කරන්නී යන්නයි. ”වීණා පුස්තක ධරණී” ලෙසින් උතුම් ශ‍්‍රී සරස්වතී දේව මෑණියන් හඳුන්වන්නේ වීනාවක් සහ පොතක් දරාසිටින බැවින්ය. තවද ”වාක්දේවි,” ”වාග්දේවි,” ”වාණි” ලෙසින් හැඳින්වෙන අතර මේවා සියල්ලගේම අර්ථය කථනයයි. උතුම් ශ‍්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ හඳුන්වන තවත් නාමයන් මෙසේයි; ”වරධානයගී” (වරයන් ලබා ලබා දෙන්නීය), ”සාවිත‍්‍රි” (උතුම් ශ‍්‍රී බ‍්‍රහ්ම දෙවියන්ගේ භාර්යාව), ”ගයත‍්‍රී” (වේදයින්ගේ මව).

 ඉන්දියානු සාහිත්‍යයේ ආදී කාලීන සහ මධ්‍ය කාලීන යුගවලට අයත් ක‍්‍රි.පූ. 1000 වර්ෂ සහ ක‍්‍රි.ව.1500 දක්වා කාලයේ සෑම මූලාශ‍්‍රයකම පාහේ උතුම් ශ‍්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ පිළිබඳව සඳහන්ව ඇත. හින්දු සංස්කෘතියට අනුව වෛදික යුගයේ සිට වර්තමානය දක්වා උතුම් ශ‍්‍රී සරස්වතී දේවමෑණියන් වහන්සේ ඉතා වැදගත් දේව මාතාවක් ලෙස වැඩ සිටියි. හින්දු වීර කාව්‍යයක් වන මහාභාරතයේ ශාන්ති පර්වයේ උතුම් ශ‍්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ වේද ජනයාගේ මව ලෙසින් දක්වා ඇත. පසුව උතුම් බ‍්‍රහ්ම දෙවියන් ලෝකය මැවීමේදී උතුම් ශ‍්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ දිව්‍යමය නිර්මාණාත්මක සංධ්වනියට ප‍්‍රාදුර්භූත වී ඇත. තෛත‍්‍රිය බ‍්‍රාහ්මණයේ දෙවන ග‍්‍රන්ථයේ දැක්වෙන්නේ උතුම් ශ‍්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ දක්ෂ කථනයෙහි සහ කනට මිහිරි සංගීතයේ මව බවයි. උතුම් ශ‍්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ උතුම් බ‍්‍රහ්ම දෙවියන්ගේ ක‍්‍රියාකාරී ශක්තියයි. උතුම් ශ‍්‍රී සරස්වතී දේව මෑණියන් පිළිබඳ කුඩා ග‍්‍රන්ථයන්වල සඳහන් වේ. එනම්; ක‍්‍රි.ව.8 වන සියවසයේ පමණ ලියවුණු සාරදා තිලක වැනි පොත්පත්ය.

 කථනයට අධිපති දේව මෑණියන් වහන්සේ අප හට නිවැරදි කථිකත්වයක් ලබා ගැනීමට ශක්තිය ලබා දෙත්වා,

 ඕතොමෝ නව සඳ කේශකලාපයෙහි පැළඳ සිටින්නීය,

 ඕතොමෝ උත්කෘෂ්ට ප‍්‍රභාවක් සමග දිලිසෙයි,

 ඕතොමෝ සුදු නෙළුමක් මත වාඩි වී හාන්සි වී සිටින්නීය,

 සහ ඕතොමෝගේ අත්වලින් තද රතු පැහැ තුඩු වත කරන්නීය,

 උතුම් දේව මෑණියන්ගේ කැමැත්තට අනුව ලියන උපකරණ වල දීප්තිය සහ පොත් නිපදවී ඇත.

 – උතුම් සරස්වතී දේව මෑණියන් සඳහා, සාරදා තිලක

 උතුම් ශ‍්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ බෞද්ධ ප‍්‍රතිමා ශිල්පවල ප‍්‍රමුඛ දේව මෑණියන් වහන්සේ නමක් වේ. උදාහරණයක් ලෙස බෞද්ධ දෙවි දේවතාවන් අතර වැඩ සිටින ”සාධනමාලා” දේව මෑණියන් වහන්සේ සංකේතාත්මකව හින්දු ප‍්‍රාදේශීය ප‍්‍රතිමා ශිල්පවලට සමාන වේ. නමුත් හොඳින් දන්නා උතුම් ශ‍්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ පිළිබඳ වචනයෙන් දක්වන විස්තරවලට අසමාන බවක් දක්වයි.

 උතුම් ශ‍්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ නිර්මල සුදු පැහැයෙන් යුතු වස්ත‍්‍රයකින් සැරසී සිටිනු බොහෝ විට දැකිය හැකි අතර සුදු පැහැ නෙළුමක් මත හිඳගෙන සිටිනු දැකිය හැක. මෙයින් ආලෝකය, ඥානය සහ සත්‍යය නිරූපනය වේ. උතුම් ශ‍්‍රී සරස්වතී දේව මෑණියන් විසින් ඥානය මූර්තිමත් කිරීම පමණක් නොව උසස් යථාර්ථය අත්දැකීම ද නිරූපනය කරයි. උතුම් ශ‍්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ සුදු පැහැති තේමාවන් යටතේ නිරූපනය වන අතර සුදු පැහැ වස්ත‍්‍ර, සුදු පැහැ නෙලූම් මල්, සුදු පැහැ හංසයන් ද නිරූපනය වේ. සුදු පැහැයෙන් සත්ත්ව ගුණ හෙවත් පාරිශුද්ධභාවය, සත්‍යය දැනුම සඳහා විචක්ෂණ බුද්ධිය, ප‍්‍රඥාව සහ විදර්ශනාවයි.

 උතුම් ශ‍්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ අත් සතරක් සමග බොහෝ විට දැකිය හැකි වුවත් ඇතැම් විට අත් දෙකක් සමග ද දැකිය හැකි වේ. උතුම් ශ‍්‍රී සරස්වතී දේවමෑණියන් වහන්සේ අත් සතරක් සමග නිරූපනය වන විට එම අත්වලින් උතුම් ශ‍්‍රී බ‍්‍රහ්ම දෙවියන් අත් සතරෙන් වහන්සේ දර්පනය වේ. එනම් එම නිරූපනය වන්නේ, මනස් (මනස, සංවේදන), බුද්ධි (බුද්ධිය, තර්කනය), චිත්ත (පරිකල්පනය, නිර්මාණශීලිත්වය) සහ අහම්කාර (ස්වයං විඥානය, අහංකාරය). උතුම් ශ‍්‍රී බ‍්‍රහ්ම දෙවියන් වහන්සේ භාවාත්මක බව නිරූපනය කරන අතර උතුම් ශ‍්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ අභිනය සහ යථාර්ථය නිරූපනය කරති.

 උතුම් ශ‍්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ අත් සතරෙන් දරා සිටින අංගයන් රූපාත්මක අර්ථයක් ලබා දේ. උතුම් ශ‍්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ අත් සතරෙන් පොතක්, මල් මාලයක් හෝ නවගුණ වැලක්, ජලය සහිත කළයක් සහ වීණාවක් හෝ සිතාරයක් දරා සිටිති. පොතෙන් අර්ථවත් වන්නේ විශ්වය, ධර්මාචාර්ය, සර්වකාලීන සහ සත්‍යය දැනුම සමග සෑම ආකාරයකම දැනුමයි. මල් මාලය හෝ නවගුණ වැලෙන් නියෝජනය වන්නේ භාවනා කිරීමේ ශක්තිය, ඇතුල් මනසිකාරය සහ ආධ්‍යාත්මිකතාවයයි. ජලය පිරි කළයෙන් නිරූපනය වන්නේ වැරදි දැනුමේ සිට නිවැරදි දැනුම දක්වා දැනුම නිවැරදි කිරීමයි, අපැහැදිලිත්වයේ සිට පැහැදිලිතාවට ගෙන ඒමයි. නිරවශ්‍ය බවේ සිට සාරවත්භාවයට ගෙන ඒමයි. උතුම් ශ‍්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ වඩාත් ප‍්‍රසිද්ධ අංගය වන්නේ වීණාවයි. එය සියලූම විද්‍යාවන් සහ කලාවන් නියෝජනය කරයි. එලෙසින්ම උතුම් ශ‍්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ වීණාව දරා සිටීම සංකේතවත් කරන්නේ දැනුම ප‍්‍රකාශ කිරීමෙන් එකමුතු බව නිර්මාණය වන බවයි. උතුම් ශ‍්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ සමග අනුරාගය බැඳී පවතී. සංගීත රිද්මයේ ඇති ආදරය සහ එය හැඟීම් සහ සංවේදී බව රැුඳී සංගීත සහ කථනයන් සියල්ල නිරූපනය වේ.

 බොහෝ විට උතුම් ශ‍්‍රී සරස්වතී දේව මෑණියන්ගේ පාදය ආසන්නයේ හංසයෙකු දැකිය හැක. හින්දු පුරාණොක්තිවලට අනුව හංසයා යනු ඉතා පාරිශුද්ධ පක්ෂියකු වන අතර හංසයා කිරි සහ ජලය මිශ‍්‍රණයකින් දියෙන් කිරි වෙන් කරගෙන කිරි පානය කළ හැකි පක්ෂියකු ලෙසින් සැලකෙයි. එම සංකේතයෙන් පැහැදිලි වන්නේ නරකෙන් හොඳත්, බාහිර පෙනුමෙන් හරයත්, තාවකාලික දෙයින් බොහෝ කල්පවතින දෙයත් වෙන්කර ගත හැකි බවය. උතුම් ශ‍්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේගේ හංසයින් සමග ඇති බැඳීම නිසා ඕතොමෝ ”හංසවාහිනී” ලෙසින් ද හැඳින්වේ. එහි තේරුම නම් හංසයා වාහනය කර ගත්තීය යන්නයි. එවැනිම හංසයා යන සංකේතයෙන් ආධ්‍යාත්මික පරිපූර්ණත්වය, උත්තරීතර බව සහ මෝක්ෂය ද අදහස් වේ.

 ඇතැම් විට මයුරා හෙවත් මොණරෙකුද උතුම් ශ‍්‍රී සරස්වතී දේව මෑණියන්ගේ සම මට්ටමෙන් පේනවා ඇත. මොණරා මගින් සංකේතවත් කරන්නේ වර්ණවත් උත්කර්ශයත්, නර්තනයේ සැමරුමත්, සහ – සර්පයින් විනාශ කරන්නා වන නිසාවෙනි.

 උතුම් ශ‍්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේගේ චිත‍්‍රයෙන් දැක්වීම්වලදී උතුම් ශ‍්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ ගංගාවක් ආසන්නයේ වැඩ වෙසෙනු දැකිය හැකි අතර එය උතුම් ශ‍්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ ගංගාවකට අධිපති දේව මෑණියන් වහන්සේ නමක් ලෙසින් සලකුණු බැවිනි.

 ඉන්දියාවේ වින්ද්‍යා, ඔඩිෂ, බටහිර බෙංගාලය සහ ඇසෑම් වැනි ප‍්‍රදේශවලත්, නැගෙනහිර නේපාලයේ ප‍්‍රදේශවලත් උතුම් ශ‍්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ ”දේවි මහත්මය” දේවපුරාණොක්තියේ උතුම් ”ත‍්‍රිදේවි” ලෙසින් උපහාර ලබන උතුම් ශ‍්‍රී මහාකාලි දේවමෑණියන් වහන්සේ, උතුම් ශ‍්‍රී මහාලක්ෂ්මි දේවමෑණියන් වහන්සේ සහ උතුම් ශ‍්‍රී මහා සරස්වතී දේවමෑණියන් වහන්සේ නම් දේව මෑණියන් වහන්සේලා අතුරින් උතුම් ශ‍්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේයි. මෙය ඉතා වෙනස් හින්දු පුරාවෘත්තයක් වන අතර එය හින්දු ජනයාගේ උතුම් දෙවියන් ත‍්‍රිත්වයත් (උතුම් ශ‍්‍රී බ‍්‍රහ්ම දෙවියන්, උතුම් ශ‍්‍රී විෂ්ණු දෙවියන් සහ උතුම් ශ‍්‍රී ශිව දෙවියන් වහන්සේ) සහ උතුම් ශ‍්‍රී දේව මෑණියන් වහන්සේලා ත‍්‍රිත්වයත් (උතුම් ශ‍්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ, උතුම් ශ‍්‍රී ලක්ෂ්මි දේව මෑණියන් වහන්සේ සහ උතුම් ශ‍්‍රී පාර්වතී දේව මෑණියන් වහන්සේ) ජීවයට පැමිණීම පිළිබඳ විස්තර කරයි. විවිධ පුරාණ පාඨයන් උතුම් ශ‍්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ සඳහා මහා සරස්වතී පුරාවෘත්තයට පුද කර ඇත.

 උතුම් ශ‍්‍රී මහා සරස්වතී දේව මෑණියන් වහන්සේ පිළිබඳ චිත‍්‍රයෙන් විස්තර දැක්වීමේදී ඕතොමෝ අත් අටක් නිරූපනය කරන අතර වීණාවක් දරමින් සුදු පහ නෙලූම් මලක් මත වැඩ හිඳ සිටිනු දැකිය හැක.

 උතුම් ශ‍්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේගේ ධ්‍යාන ශ්ලෝකය ”දේවි මහත්මය” හි පස් වන පරිච්ෙඡ්දය ආරම්භයේදීම සඳහන් කර ඇත:

 උතුම් ශ‍්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ නෙලූම් මල මත හිඳ සීනුවක්, ත‍්‍රිශුලයක්, නගුල් දතක්, සංඛයක්, මුසුලක්, වක‍්‍රායුධයක්, දුන්නක් සහ ඊතලයක් සිටින ඕතොමෝ ප‍්‍රභාවත් වන්නේ වසන්ත අහසේ පුන් සඳ දිලූලන්නා මෙනි. උතුම් ශ‍්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ උතුම් ගෞරියගෙන් උපන් අතර තුන් ලෝකයේ ස්ථිර පාදම ද වේ. අපි මෙලෙසින් උතුම් ශ‍්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේට අපගේ උපහාරය දක්වන්නේ ඔබ වහන්සේ සුම්භ ඇතුළු අසුරයින් විනාශ කළ හෙයිනි.

 උතුම් ශ‍්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ තවත් හින්දු පුරාවෘත්තයක් වන ”නවදුර්ගාස්” හිද සඳහන් වේ. උතුම් දුර්ගා නව ආකාර බව පැවසේ. උතුම් දුර්ගා දේව මෑණියන් නැගෙනහිර දිග ඉන්දියාවේ අති ප‍්‍රබල සහ තරමක් භයානක දේව මෑණියන් වහන්සේ නමක් ලෙසින් සැලකේ. මෙම ප‍්‍රදේශවල ජනයා නවරාත‍්‍රි උත්සව සමයේ විශේෂ සැමරුම් ඇත.

 මහවිද්‍ය නීල සරස්වතී

 නීල සරස්වතී දේව මෑණියන් වහන්සේ යනු ටිබෙටයේ සහ ඉන්දියාවේ සමහර ප‍්‍රදේශවල දේව මෑණියන් වහන්සේ නමක් වන ”මහවිද්‍ය ටාරා” දේව මෑණියන්ගේ එක ආකාරයක් බව සඳහන් වේ. නීල සරස්වතී දේව මෑණියන් වහන්සේ සම්ප‍්‍රදායික උතුම් ශ‍්‍රී සරස්වතී දේව මෑණියන්ට වඩා වෙනස් දේව මෑණියන් වහන්සේ නමකි. නමුත් තාන්ත‍්‍රික සාහිත්‍යයේ දැනුමට සහ නිර්මාණශීලි ශක්තියට ඕතොමෝ අධිපති වේ. එක් හින්දු පාසලක විද්‍යමානවීම්වල දැක්වෙන්නේ උතුම් ශ‍්‍රී නීල සරස්වතී දේව මෑණියන් වහන්සේ ”උග‍්‍ර” (කිපුණු සුළු, චණ්ඩ, විනාශකාරී යන අදහස් ලබා දේ.) ලෙසිනි, නමුත් අනෙකුත් බොහෝ විද්‍යමානවීම්වල දැක්වෙන්නේ උතුම් ශ‍්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ ”සෞම්‍ය” (සන්සුන්, කාරුණික, සාරවත් යන අදහස ලබා දේ.) ලෙසිනි. උතුම් ශ‍්‍රී නීල සරස්වතී දේව මෑණියන් වහන්සේ සඳහා තාන්ත‍්‍රික සාහිත්‍යයේ නාමයන් 100ක් පමණ භාවිත කර ඇත. උතුම් ශ‍්‍රී නීල සරස්වතී දේව මෑණියන් වහන්සේ වන්දනා මාන කිරීම සඳහා වෙනම ධ්‍යාන ශ්ලෝක සහ මන්ත‍්‍ර ”තන්ත‍්‍රසාර” හි සඳහන්ව ඇත.

 උතුම් ශ‍්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ සඳහා වෙන් වුණු දේවස්ථාන රාශියක් ලොව පුරා පිහිටා ඇත. එයින් විශිෂ්ට දේවාලයක් වන්නේ ගෝදාවරී නදී තෙරේ බසරෝන් හි පිහිටි ඥාන සරස්වතී දේවස්ථානයයි. වග‍්‍රල් සරස්වතී දේවස්ථානය සහ ශ‍්‍රී සරස්වතී ක්ශේත්රමු දේවස්ථාන තෙළංගා හි මේදක් ප‍්‍රදේශයේ පිහිටා ඇත. තවත් බොහෝ සරස්වතී/ශාරදා බැතිමතුන් වන්දමාන කරන වැදගත් ස්ථානයක් වන්නේ කර්ණාටකයේ ශ‍්‍රීන්ගේරි ශරදඹ දේවස්ථානයයි. කේරල ප‍්‍රාන්තයේ එරන්කුලං දිස්ත‍්‍රික්කයේ උතුරු පරාවුර් ප‍්‍රදේශයේ තවත් ප‍්‍රසිද්ධ ශ‍්‍රී සරස්වතී දේවස්ථානයක් පිහිටා ඇති අතර එය දක්ෂිණ මොකන්බික දේවස්ථානය උතුරු පරාවුර් නම් වේ. තමිල්නාඩුවේ තීරුවාරුර් සිට කිලෝමීටර 25ක් පමණ දුරින් කූතනුර් හි උතුම් ශ‍්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ උදෙසා වූ දේවස්ථානයක් පිහිටා ඇත. උතුම් ශ‍්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ ”බ‍්‍රාහ්මණි” ලෙසින් හඳුනාගත් තවත් දේවස්ථාන රැුසක් ගුජරාටි, හිමාචල් ප‍්‍රදේශ්, රාජස්ථාන් සහ ඉන්දියාවේ උතුරු ප‍්‍රදේශවල පිහිටා ඇත.

 බටහිර බෙංගාල ප‍්‍රදේශයේ උතුම් ශ‍්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ ”වසන්ත් පන්චමි” නම උත්සවයේදී වන්දනාමාන කරති. හින්දු ජනයා මෙම උත්සවය සෑම වසරකම 5 වන දිනයේදී සමරති, එනම් පෙබරවාරි මාසයේදීයි. හින්දු ජනයා මෙම උත්සවය දේවස්ථානවල, නිවෙස්වල සහ අධ්‍යාපනික ආයතන වැනි ස්ථානවලදී මහත් භක්තියෙන් යුතුව සමරනු ලබති.

 ගෝව, මහාරාෂ්ට සහ කර්ණාටක වැනි ප‍්‍රදේශවල උතුම් ශ‍්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ උදෙසා පුද පූජාවන් ආරම්හ වන්නේ මහා සප්තමිහි සරස්වතී අව්හන්වලින් වන අතර එය අවසන් වන්නේ විජයදශමි සමග සරස්වතී උදාසන් හෝ විසර්ජන්වලිනි.

 සරස්වතී පූජා නියමාවලිය (පඤ්චාංගය)

 සරස්වතී පූජා අව්හාන් – මහා සප්තමි – ත‍්‍රිරත්න ව‍්‍රතන්, අන්ද්‍රා ප‍්‍රදේශයේ ඇරඹේ.

 සරස්වතී පූජා (ප‍්‍රධාන පූජාව) – දුර්ගාඅශ්ටමි

 සරස්වතී උත්තර පූජා – මහනවමි

 සරස්වතී විසර්ජන් හෝ උදාසන් – විජය දශමි

 සරස්වතී කාර්තික් පුර්නිම, ගුජරාටයේ සිද්ධපුර් (ශ‍්‍රීස්තල්) හි පුරාණයේ පතන් රාජ්‍යය පාලනය කළ සොලන්කි රජුගේ සමයේ සිට පැවත එයි.

 කේරලයේ සහ තමිල්නාඩුවේ නවරාත‍්‍රි උත්සවයේ අවසාන දින තුන වන අශ්ටමි, නවමි සහ දශමි ”සරස්වතී පූජා” ලෙස නම් කර වෙන්වන්නේ උතුම් ශ‍්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ උදෙසා පුද පූජාවන් පැවැත්වීම සඳහාය. උත්සවය ආරම්භ වන්නේ පූජා ව්‍ය්පු (වන්දනාමාන සඳහා ස්ථාපනය) කරමින්ය. පූජාව සඳහා පොත් අන්තර්ගත කිරීම අශ්ටමි දිනයේදී සිදු කෙරේ. එය නිවැසියන්ගේ නිවසක් වේවා, කුඩා ළමුන්ගේ පෙරපාසලක් වේවා, ප‍්‍රාදේශීය දේවස්ථානයක් වේවා, පොත් කියවීම සඳහා ගනු ලබන්නේ තෙවන දිනයේ (විජය ලක්ෂ්මි දිනයේ) උදෑසන වන්දනාමාන කිරීමෙන් පසුවය. එය නම් කරන්නේ ”පූජා එඩුප්පු” (පූජාවෙන් ලබාගන්නවා) ලෙසින්ය. කුඩා ළමුන් මෙම දිනවල තරමක් සතුටු වනුයේ ඔවුන්ගෙන් පාඩම් වැඩ අපේක්ෂා නොකරන බැවිනි. විජය දශමි දිනය කේරළයේදී සමරන්නේ ”එස්හතින්නිරුතු” හෙවත් ලිවීම සඳහා ආරම්භය ලෙසින් කුඩා ළමුන් පෙරපාසල් ඇතුළත් කිරීමට පෙරය. මෙය ”විද්‍යාරම්භාම්” ලෙසින්ද නම් වේ. මෙම දිනයේදී ළමුන් සහල් ඇතිරූ තැටියක දඹරඟිල්ලෙන් වැඩිහිටියකු හෝ ගුරුවරයකු යටතේ පළමු වරට අකුරු ලියයි.

 බුරුමයේ ක‍්‍රි.ව.1080 දී පමණ කරවූ බව සලකන ශ්වේසිගන් මොන් ශිලා ලිපියේ උතුම් ශ‍්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේගේ නාමය පිළිබඳව පහත ආකාරයෙන් සඳහන් වේ.

 ”ඥානය සහ කථිකත්වය සරස්වතී නම් වන අතර ශ‍්‍රී ත‍්‍රිභූවනදිත්යධම්මරාජ රජුගේ මුඛයේ වැජඹෙයි.”

 -තැන් තුන් විසින් පරිවර්තනය කර ඇත.

 මියන්මාරයේ බෞද්ධ කලාවන්ගේ උතුම් ශ‍්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේට ”තුරතදී” (හෝ තයේතාදී) නාමයන් හඳුන්වා ඇත. මියන්මාරයේ සිසුන් ඔවුන්ගේ විභාග ආදීයට පෙර උතුම් ශ‍්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ වැඳ පුදා ආශීර්වාද ලබා ගනියි. මියන්මාරයේ මහායාන නිකායේ ධර්ම ග‍්‍රන්ථ ආරක්ෂා කරන උතුම් දේව මෑණියන් වහන්සේ ලෙස ද උතුම් ශ‍්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ වැඳුම් පිදුම් ලබති.

 කාම්බෝජයේ අන්ග්කොරිඅන් හි හින්දු ජනයා විසින් උතුම් ශ‍්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේට පුදා පූජා පවත්වනු ලැබේ. එය දස වන සියවස සහ එකොලොස් වන සියවසට අයත් යැයි සැලකෙන අභිලේඛනවල සඳහන් වේ. උතුම් ශ‍්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ සහ උතුම් ශ‍්‍රී බ‍්‍රහ්ම දෙවියන් වහන්සේ 7 වන සියවසයේ සිටම කාම්බෝජියානු අභිලේඛන ශිල්පවල සඳහන් වේ. උතුම් ශ‍්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ කථනයට, ලිවීමට සහ සංගීතයට අධිපති වීම පිළිබඳ වර්ණනා කර සහ ප‍්‍රශංසා කර ඛ්මෙර් කවි ලියා ඇත. එම කවි වලින් උතුම් ශ‍්‍රී සරස්වතී දේවමෑණියන් වහන්සේටත් වඩා වර්ණනා කර තිබුණේ ඕතොමෝගේ ස්වාමියාණන් වන උතුම් ශ‍්‍රී බ‍්‍රහ්ම දෙවිදුන්ය. උතුම් ශ‍්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ යසොවර්මන් යුගයේ ඛ්මෙර් සාහිත්‍යයේ ”වගිස්වරි” සහ ”භාරති” යන නාමයන්ගෙන් ද හඳුන්වා ඇත.

 තායි පැරණි සාහිත්‍යයේ උතුම් ශ‍්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ කථනයට සහ ඉගෙනීමට අධිපති දෙවියන් ලෙසත්, උතුම් ශ‍්‍රී බ‍්‍රහ්ම දෙවියන්ගේ භාර්යාව ලෙසත් සඳහන් වී ඇත. තායිලන්තයේ හින්දු සහ බෞද්ධ දෙවිවරුන් එක ලෙසින්ම වන්දනාමාන කරනු ඇත. තායිලන්තයෙන් උතුම් ශ‍්‍රී සරස්වතී දේවමෑණියන්ගේ සහ අනෙකුත් ඉන්දියානු දෙවි දේවතාවන්ගේ ප‍්‍රතිමා හමු වී ඇත. යන්ත‍්‍ර (සුර) සමග උතුම් ශ‍්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ සහ මොණරා ද තායිලන්තයෙන් හමු වී ඇත.

 උතුම් ශ‍්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ ඉතා වැදගත් හින්දු දේව මාතාවකි. ඉන්දියාවේ හින්දු සාහිත්‍යය හා සමානවම ඉන්දුනීසියාවේත් උතුම් ශ‍්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේගේ ප‍්‍රතිමාශිල්ප සහ ලක්ෂණ දැකිය හැක. ඉන්දුනීසියාවේ ද උතුම් ශ‍්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ ඥානයට, නිර්මාණශීලී කලාවට, ප‍්‍රඥාවට, භාෂාවට ඉගෙනීමට සහ පාරිශුද්ධියට අධිපති දේව මාතාව ලෙස වැඳුම් පිදුම් ලබති. ඉන්දුනීසියාවේ වෙසෙන හින්දු ජනයා ඔවුන්ගේ ප‍්‍රධාන උත්සවයක් ලෙස සලකමින් උතුම් ශ‍්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේට පූජා උපහාර දක්වන්නේ සරස්වතී දිනයේදීය. එම දිනය ”පවුකොන්” දින දර්ශනයේ 210 දිනට ආසන්නව යොදා ගනියි.

 සරස්වතී දිනයේදී ජනයා මල් පූජා කිරීම සහ සුපරිශුද්ධ පාඨයන් දේවස්ථානවලට පූජාකිරීම සිදු කරති. සරස්වතී දිනයට පසු දවස ”බන්යු පිනරුහ්” නම් වන පවිත‍්‍රීකරණ දිනයයි. මෙම දිනයේදී හින්දු ජනයා මුහුදට, පරිශුද්ධ දිය ඇලිවලට සහ ගංගාවන්ට ගොස්, ඒවා උතුම් ශ‍්‍රී සරස්වතී දව මෑණියන්ට පුද කර, උදෑසනම බැතිමතුන් එම ජලයෙන් පවිත‍්‍ර වෙති. ඉන් පසුව ඔවුන් යම් යම් දේ බෙදා ගනිමින් ”බෙබෙක් බෙටුටු” හා ”නාසි කුනින්ග්” වැනි මංගල්‍යයන් පවත්වති.

 සරස්වතී දිනය උත්සවයන්ට ඉතා දීර්ඝ ඉතිහාසයක් පවතී. ආසන්න දශක කිහිපයෙහිම මෙම උත්සවය ඉන්දුනීසියාවේ හින්දු ජනයා අතර වඩාත් දන්නා උත්සවය බවට පත් විය. එලෙසින්ම මෙම උත්සවය නාට්‍යාංග සහ නර්තන අංගයන්ගෙන් පිරි උත්සවයක් වේ.

 උතුම් ශ‍්‍රී ගණ දෙවියන් හින්දු දෙවියන් අතරින් ඉතා ශ්‍රේෂ්ඨ දෙවි කෙනෙකු වන අතර ”ගණපති” සහ ”විනායක” යන නම්වලින්ද හැඳින්වේ. උතුම් ශ‍්‍රී ගණ දෙවියන්ගේ අනුරූ ඉන්දියාවෙන්, ශ‍්‍රී ලංකාවෙන් සහ නේපාලයෙන් හමු වී ඇත. හින්දු ජනයා ඉතා භක්තියෙන් යුතුව ගණ දෙවියන් නමස්කාර කරන අතර ජෛන සහ බෞද්ධ බැතිමතුන්ද උතුම් ගණ දෙවියන්ට නමස්කාර පුද පූජා පවත්වයි.

 උතුම් ශ‍්‍රී ගණ දෙවියන් වහන්සේ ඉතා පහසුවෙන් හඳුනාගත හැකි වනුයේ අලියකුගේ හා සමාන හිසෙනි. උතුම් ශ‍්‍රී ගණ දෙවියන් වහන්සේ මිනිසුන්ගේ කරදර බාධක ඉවත් කර දෙන දෙවි කෙනෙකු වන අතර කලාව සහ විද්‍යාවටත් නුවණ සහ ප‍්‍රඥාවටත් අධිපති දෙවියන් වහන්සේ ලෙස සැලකෙයි. බොහෝ පුද පූජා සහ උත්සව ආරම්භ කරනුයේ උතුම් ශ‍්‍රී ගණ දෙවියන් නමස්කාර කිරීමෙනි. යම්කිසි ලිවීම් කටයුතු කිරීම්වලදී උතුම් ශ‍්‍රී ගණ දෙවියන්ගේ ආශීර්වාදය ලබා ගන්නේ උන් වහන්සේ ඉගෙනීමටත් සාහිත්‍යයටත් අධිපති දෙවියන් වන නිසාවෙනි. උතුම් ශ‍්‍රී ගණ දෙවියන්ගේ උපත, දක්ෂතාවයන් සහ උන්වහන්සේගේ දක්ෂ මූර්ති ශිල්පයත් සමහර පුරාවෘත්ත කතාවල සඳහන් වෙයි.

 උතුම් ශ‍්‍රී ගණ දෙවිඳුන් ක‍්‍රි.පූ. 4 සහ ක‍්‍රි.පූ. 5 වන සියවස්වලදී පමණ කාලවලදී උත්කර්ෂවත් දෙවිකෙනෙකු ලෙස පිළිබිඹු වී ඇත. නව(9) වන සියවසයේදී ”සමන්ත‍්‍රා සංස්කෘතිය” (හින්දු නිකායකි) අනුව උතුම් ශ‍්‍රී ගණ දෙවියන් වහන්සේ ප‍්‍රධාන දෙවියන් වහන්සේලා පස්දෙනා අතර රූපාත්මකව අන්තර්ගත විය. ”ගණපත්ය” නම් නිකායක භක්තිකයන් පිරිසක් උතුම් ශ‍්‍රී ගණ දෙවියන්ව අතිශ්‍රේෂ්ඨ දෙවි කෙනෙකු ලෙස වැඳුම් පිදුම් කර ඇත. ප‍්‍රමුඛ ධර්ම ග‍්‍රන්ථ වන”ගණේෂ පුරාණ”, ”මුද්ගල පුරාණ” සහ ”ගණපති අතර්වශිර්ස” නම් ග‍්‍රන්ථ උතුම් ශ‍්‍රී ගණ දෙවියන් උදෙසා සමර්පිත ග‍්‍රන්ථ වෙයි.

 උතුම් ශ‍්‍රී ගණ දෙවියන් වහන්සේ විරුදාවලි කිහිපයකින් හැඳින්වෙන අතර ”ගණපති” සහ”විග්නේෂ්වර” යන නම් ඉතා ප‍්‍රසිද්ධ නාමයන් වෙයි. උන්වහන්සේට ගෞරවයක් එක් කිරීම සඳහා නාමයට මුලින් ”ශ‍්‍රී” යන පදය යෙදෙයි.

 සංස්කෘත සමාසයන්ට අනුව ”ගණ” යන පදයෙන් අදහස් වනුයේ, සමූහයක්, කණ්ඩායමක් හෝ නියත පද්ධතියක් වන අතර ”ඒෂ” යන්නෙන් සමිඳුන් හෝ උතුම් දක්ෂයා යන තේරුම දෙයි. එබැවින් උතුම් ශ‍්‍රී ගණ දෙවියන් ඉන්දියාවේ ”ගණේෂ” යන නාමයෙන් හැඳින්වෙයි. උතුම් ශ‍්‍රී ගණ දෙවියන් තම පියාණන් වූ උතුම් ශ‍්‍රී ශිව දෙවියන් වහන්සේගේ පරිවාර ජනයාගෙන් කොටසකින් ජන සමූහයා සංවිධානය කළ නිසාවෙන්ද ”ගණ” යන නාමය උතුම් ශ‍්‍රී ගණ දෙවියන් සමග බැඳී පවතී. ඇතැම් කර්තෘවරුන් පහදා දෙන ආකාරයට ”උත්තම ගණ දෙවියන්” යන්නෙහි අර්ථය ”උත්තම ධාරකයා” හෝ ”උත්තම ගණ නිමැවුම්කරුවාණන්” (යම් මූලිකාංග නිමැවීම වැනි) යන අර්ථයන් වෙයි.

 ”විනායක” යන නාමය පුරාණ සහ බෞද්ධ තන්ත‍්‍රවලදී උතුම් ශ‍්‍රී ගණ දෙවියන් සඳහා භාවිතා කළ ප‍්‍රසිද්ධ නාමයකි. මහාරාෂ්ට‍්‍රයේ උතුම් ශ‍්‍රී ගණ දෙවියන් උදෙසා දේවාල අටකින් සමන්විත ”අශ්ටවිනායක” නම් දේවාලය නිසා මෙම නාමය උතුම් ශ‍්‍රී ගණ දෙවියන් උදෙසා නමස්කාර පූර්වකව යොදා ගන්නා ලදී. ”විග්නේෂ” සහ ”විග්නේශ්වර” යන නාමයන් උතුම් ශ‍්‍රී ගණ දෙවියන් උදෙසා භාවිතා කරන්නේ විශේෂයෙන් හින්දු ජනයාගේ කරදර බාධක ඉවත් කර දෙන උතුම් දෙවියන් වහන්සේ නිසාවෙනි.

 දමිළ භාෂාවෙන් උතුම් ශ‍්‍රී ගණ දෙවියන් වහන්සේට ප‍්‍රමුඛ නාමයක් වන ”පිල්ල” සහ ”පිල්ලයාර්” යන නම්වලින් හඳුන්වනු ලැබේ. ඇනිටා රයිනා තාපන් සඳහන් කරන ආකාරයට පිල්ලයර් යන නමෙහි පිල්ලෙ යන මූලික පදයෙන් අදහස් වන්නේ ”හස්තියකුගේ තරුණ කාලය” වන අතර පාලි භාෂාවෙන් ”පිල්ලක” යන නමෙන් ”තරුණ හස්තියා” යන අරුත දෙයි.

 බුරුම බසෙන් උතුම් ශ‍්‍රී ගණ දෙවියන් වහන්සේ ”මහා පෙඉන්නේ” යන නාමයෙන් හඳුන්වනු ලබන අතර එය පාලි භාෂාවේ මහා විනයාකර යන නාමයෙන් ව්‍යුත්පන්න වී ඇත. තායිලන්තයේ උතුම් ශ‍්‍රී ගණ දෙවියන් වහන්සේ ”ප‍්‍රෆිකනෙට්” යන නාමයෙන් බොහෝ දෙනා හඳුන්වයි. ඉහතදී හැඳින්වූ නම්වලින් අදටත් ඉන්දුනීසියාවේ, තායිලන්තයේ, කාම්බෝජයේ සහ වියට්නාමයේ වැසියන් උතුම් ශ‍්‍රී ගණ දෙවියන් වහන්සේ ඔවුන්ගේ ප‍්‍රධාන දෙවියෙකු ලෙසින් මහත් භක්තියෙන් යුතුව වන්දනාමාන කරයි. එසේ උතුම් ශ‍්‍රී ගණ දෙවියන් වහන්සේට ඔවුන් වන්දනාමාන පුද සත්කාර කරනුයේ 7 වන සහ 8 වන සියවස්වල පටන්ය. ඉන්දියාවේ නම් 5 වන සියවස සහ ඊටත් පෙර සිටය.

 ශ‍්‍රී ලංකාවේ සිංහල බෞද්ධ ප‍්‍රදේශවල බැතිමතුන් උතුම් ශ‍්‍රී ගණ දෙවියෝ ”උතුම් ශ‍්‍රී විෂ්ණු දෙවියන්,” ”උතුම් ශ‍්‍රී කතරගම දෙවියන්” සහ ”උතුම් ශ‍්‍රී සුමන සමන් දෙවියන්” සහ අනෙකුත් දෙවිවරු සමග මහත් භක්තියෙන් යුතුව වන්දනා කරයි.

 ඉන්දියානු චිත‍්‍රවල උතුම් ශ‍්‍රී ගණ දෙවියන් ඉතා ප‍්‍රසිද්ධය. අනෙකුත් උතුම් දෙවි දේවතාවන් වහන්සේලාට වඩා උතුම් ශ‍්‍රී ගණ දිව්‍යරාජයාණන් වහන්සේ නිරූපණය කිරීමේදී විශාල පරාසයක වෙනස්කම් දක්නට ඇත. උතුම් ශ‍්‍රී ගණ දෙවියන් වහන්සේගේ චිත‍්‍ර මූර්ති ආදී නිර්මාණවල ඔවුන් වහන්සේ සිටගෙන සිටින, නර්තනයේ යෙදෙන, යක්ෂයන් සමග කරන සටන් විලාශ, කුඩා ළමයෙකු මෙන් පවුලේ අය සමග සෙල්ලම් කරන ආකාරය, ආසනයක් මත හිඳගෙන සිටීම සහ විවිධ සුදුසු ඉරියව්වලින් උතුම් ශ‍්‍රී ගණ දෙවිඳුන් නිරූපණය කර ඇත.

 6 වන සියවස පමණ වන විට ඉන්දියාවේ බොහෝ කොටස්වල උතුම් ශ‍්‍රී ගණ දෙවියන්ගේ රූප දක්නට ලැබුණි. 13 වන සියවසයේ වසර 900-1200 අතර කාලයේ නියමාකාරයෙන් ගණ දෙවි රූප නිර්මාණය විය. ඉන් පසු උතුම් ශ‍්‍රී ගණ දෙවියන් ස්වාධින දෙවිකෙනකු ලෙස සලකා ඔවුන් වහන්සේට ආවේනික සම්ප‍්‍රදායන් නිර්මාණය වී ඉතා හොඳින් එම සම්ප‍්‍රදායන් ස්ථාපනය විය. මෙම උතුම් ශ‍්‍රී ගණ දෙවි රූපවල උතුම් ශ‍්‍රී ගණ දෙවියන්ගේ පොදු ලක්ෂණ දක්නට ලැබේ. සත්‍ය වශයෙන්ම හඳුනාගත් උතුම් ශ‍්‍රී ගණ දෙවියන්ගේ ප‍්‍රතිමාවක් වසර 973-1200 කාලය තුළදී කරවූ එකක් බවට පෝල් මාර්ටින්-ඩුබොස්ට් විසින් හඳුනා ගත් අතර එයට සමාන වූ තවත් ප‍්‍රතිමාවක් ප‍්‍රතාපදිත්‍ය පාල් විසින් එය 12 වන සියවසට අයත් එකක් බව හඳුනාගෙන තිබේ. උතුම් ශ‍්‍රී ගණ දෙවියන්ගේ හිස හස්තියෙකුට සමාන වන අතර තරමක් විශාල උදරයක් ද නිරූපනය වේ. උතුම් ශ‍්‍රී ගණ දෙවියන්ගේ රූපවල ඔවුන් වහන්සේ අත් සතරක් සහිතව නිරූපනය කර තිබීම ඉතා සුලභව දැකිය හැක. උතුම් ශ‍්‍රී ගණ දෙවියන් වහන්සේ පහතින් පිහිටි දකුණු අතෙන් ඔවුන් වහන්සේගේම කැඩුණු ඇත්දලය සියුම්ව දරාගෙන සිටියි. උතුම් ශ‍්‍රී ගණ දෙවියන් වහන්සේ පහතින් පිහිටි වම් අතෙන් රස කැවිල්ලක් දරා සිටීම පුරාණයේ සිටම ඇති පිළිමවල දක්නට ඇත. 7 වන සියවසට අයත් යැයි නම් කෙරුණු මෙම ලක්ෂණවලට වඩාත් සමීප ලක්ෂණ දරණ පිළිමයක් ”එල්ලෝරා” ගුහාවෙන් හමුවී ඇත. උතුම් ශ‍්‍රී ගණ දෙවියන් වහන්සේගේ අනෙකුත් අත්වලින් දරා සිටින දේ පිළිබඳ යම් අපැහැදිලි භාවයක් ඇත. සම්මත වින්‍යාසන්ට අනුව පොරවක් හෝ හෙණ්ඩුවක් එක් අතකින් දරා සිටින අතර අනෙක් අතෙන් පාශයක් දරා සිටීම නිරූපනය වේ. ඇති විරල අවස්ථාවල උතුම් ශ‍්‍රී ගණ දෙවියන්ගේ හිස මිනිස් හිසක් ලෙසින් නිරූපනය ඇති අවස්ථා ද අල්ප වශයෙන් දක්නට ඇත.

 අතීත ආභාෂයන් අනුව අදටත් නිර්මාණය වන උත්තම ශ‍්‍රී ගණ දෙවියන්ගේ රූපවල නක්ෂත‍්‍ර ප‍්‍රතිමා නිරූපණ ලක්ෂණ දක්නට ඇත. නූතන උතුම් ශ‍්‍රී ගණ දෙවි රූප නිර්මාණයේදී අතීත ප‍්‍රතිමාවන්ගෙන් වෙනස් වන එක් ප‍්‍රධාන ලක්ෂණයක් නම් ඔවුන් වහන්සේගේ පහතින් පිහිටි දකුණු අතින් දරා සිටි ඇත්දළය ඉවත් වී ඒ වෙනුවට එය අභය මුද්‍රාව (ආරක්ෂාව නිරූපනය කරයි, බිය දුරුකිරීම නිරූපනය කරයි.) පෙන්නුම් කරයි. ඉතා ප‍්‍රසිද්ධ තේමාවක් වන උතුම් ශ‍්‍රී ගණ දෙවියන් වහන්සේගේ නර්තන විලාශය ද වර්තමානයේ ඉතා ජනප‍්‍රිය ය. (පෙර සඳහන් කළ පරිදි අත් සතරෙහි සමාන ලාක්ෂණික සංයුතියක් පවතියි.)

 උතුම් ශ‍්‍රී ගණ දෙවියන් වහන්සේ ඉතා අතීතයේ පටන්ම හස්තියෙකුගේ හිසෙන් නිරූපනය විය. උතුම් ශ‍්‍රී ගණ දෙවියන් වහන්සේට කෙසේ නම් හස්තියෙකුට සමාන හිසක් ලැබුණේ ද යන්න පුරාණ ජනප‍්‍රවාදවලට අනුව බොහෝ පැහැදිලි කිරීම් ඇත. ඉන් වඩාත් ප‍්‍රසිද්ධ වන්නේ උතුම් ශ‍්‍රී ගණ දෙවියන් වහන්සේ හස්ති හිස් පහක් දැරූ බවයි. සමහර ලියවීම්වලදී උතුම් ගණ දෙවියන් හස්තියෙකු මෙන් හිසක් සහිතව ඉපදුනු බවත්, නමුත් බොහෝ තැන්වල සඳහන් වන්නේ උතුම් ශ‍්‍රී ගණ දෙවියන් වහන්සේ උත්පත්තියෙන් පසු හස්තියෙකුගේ මෙන් හිසක් අත් කර ගත බවයි. තවත් එක පුරාවෘත්තයක් වන්නේ උතුම් ශිව දෙවියන්ගේ සිනහවෙන් උතුම් ශ‍්‍රී ගණ දෙවියන් නිර්මාණය වූ බවයි. උතුම් ශ‍්‍රී ගණ දෙවියන් වහන්සේ වඩාත් ආකර්ෂණීය විය යුතු යැයි සිතූ උතුම් ශිව දෙවියන් වහන්සේ උතුම් ශ‍්‍රී ගණ දෙවියන්ට හස්තියෙකුට සමාන හිසකුත් තරමක් විශාල උදරයකුත් ලබා දෙනු ලැබීය.

 උතුම් ශ‍්‍රී ගණ දෙවියන් වහන්සේ ”ඒකදන්ත” නමෙන් හඳුන්වා ඇති අතර එසේ හඳුන්වා ඇත්තේ එක් ඇත් දළයක් පමණක් තිබීම හේතුවෙනි. ගුප්ත සමයේ (4 වන සහ 6 වන සියවස්වල) කරවූ බවට විශ්වාස කරන ප‍්‍රතිමාවල තරමක් විශාල උදරය සුවිශේෂී ලක්ෂණයක් ලෙසින් නිරූපනය කර තිබිණි. උතුම් ශ‍්‍රී ගණ දෙවියන්ගේ මෙම ලක්ෂණය නිසා මුද්ගල පුරාණයේ ඔවුන් වහන්සේට වෙනස් නම් දෙකක් භාවිත කර තිබේ. එනම්, ”ලම්බෝදර” සහ ”මහෝදර” යන නාමයන්ය. සංස්කෘත බසෙන් මෙම නම් අරුත් දෙන්නේ එකම තේරුම එනම් උදරය ලෙසට ය. බ‍්‍රහ්මන්ද පුරාණයට අනුව පැවසෙන්නේ උතුම් ශ‍්‍රී ගණ දෙවියන් වහන්සේට ”ලම්බෝදර” යන නම භාවිත කරන්නේ උතුම් ශ‍්‍රී ගණ දෙවියන් වහන්සේ විසින් සියලූ ලෝකවල අතීතය, වර්තමානය සහ අනාගතය ගෙනහැර දක්වන නිසාවෙනි. උතුම් ශ‍්‍රී ගණ දෙවියන් වහන්සේගේ අත් ගණන විවිධ සඳහන්වල වෙනස්කම් දක්වන අතර අත් සතර සිට දහසය දක්වා ගණනක් තිබෙන බව වඩාත් දන්නා කරුණයි. උතුම් ගණ දෙවියනේ බොහෝ ප‍්‍රතිමාවල දක්නට ලැබෙන්නේ අත් සතරක් වන අතර එය පුරාණික ප‍්‍රභවයන්ගේ ද සම්මතයක් ලෙසින් ප‍්‍රතිමා ශිල්ප පාඨයන්හි දක්වා ඇත. උතුම් ශ‍්‍රී ගණ දෙවියන්ගේ ආදී රූපවල අත් දෙකක් සහිතව දක්වා තිබිණි. නමුත් 9 වන සහ 10 වන සියවස්වල මධ්‍ය ඉන්දියාවේ තිබූ සමහර උතුම් ශ‍්‍රී ගණ දෙවියන්ගේ රූපවල අත් දාහතරක් සහ විස්සක් බැගින් තිබූ අවස්ථා ද ඇත. ”ගනේෂ පුරාණ”යට අනුව උතුම් ශ‍්‍රී ගණ දෙවියන් ඔවුන් වහන්සේගේ කර වටා සර්පයකු දවටාගෙන සිට ඇත. අනෙකුත් වචනයෙන් විස්තර කිරීම්වල දැක්වෙන්නේ නාගයන් සහිත පූජනීය පටියක් ලෙසින් උදරය වටා බඳ පටියක් දවටාගෙන සිටින අතර අතින් ද දරාගෙන සිටියි. උතුම් ශ‍්‍රී ගණ දෙවියන්ගේ වළලූකරදී එය දඟර ගැසී හෝ සිංහාසනයක් ලෙසින් ඇත. උතුම් ගණ දෙවියන්ගේ නළලෙහි ඇතැම් විට තෙවන ඇසක් හෝ තිරස් රේඛා තුනකින් දැක්වෙන නිකායික ලකුණක් (තිලකයක්) ඇත. ”ගනේෂ පුරාණයෙහි” විස්තර කරන පරිදි උතුම් ගණ දෙවියන්ගේ නළලෙහි තිලක ලකුණ මෙන්ම අඩසඳ සංකේතයක් ද ඇති බවයි. මෙම සුවිශේෂ ලක්ෂණය නිසා උතුම් ශ‍්‍රී ගණ දෙවියන්ට ”බාලචන්ද්‍ර” යන නාමය ද භාවිතා කරයි. බොහෝ විට උතුම් ගණ දෙවියන් වහන්සේව රතු වර්ණයෙන් නියෝජනය කරයි. සමහර අවස්ථාවලදී විශේෂිත වර්ණ සංයෝජන භාවිතා වන අවස්ථා ද ඇත. හින්දු ප‍්‍රතිමා ශිල්ප පිළිබඳ ග‍්‍රන්ථයක් වන ”ශ‍්‍රීතට්ටවන්ධි” (ීරසඒඑඑඩ්බායස) හි විස්තර දක්වන ආකාරයට වර්ණ සංයෝජනය වී ඇත්තේ විශේෂිත යෝගී ඉරියව් අනුවය. උදාහරණයක් ලෙස සුදු වර්ණය යොදා ගන්නේ උතුම් ශ‍්‍රී ගණ දෙවියන්ගේ ”හෙරඹ-ගණපති” සහ ”රින-මෝචන-ගණපති” (උතුම් ශ‍්‍රී ගණ දෙවියන් වහන්සේ වහල් වැසියන්ගේ ගැලවුම්කරු වන බැවින්) සංකේතවත් කිරීමටය. ”ඒකදන්ත-ගණපති” යෝගී ඉරියව්ව නිල් පැහැයෙන් පෙන්නුම් කරනු ලබයි.

 ආදි සිතුවම්වල උතුම් ශ‍්‍රී ගණ දෙවියන් වහන්සේ කිසිදු රථයකින් (වාහනයකින්) තොරව නිරූපනය කර තිබිණි. ”මුද්ගල පුරාණය”ට අනුව උතුම් ශ‍්‍රී ගණ දෙවියන් භාවිත කළ වාහන පහ අතුරින් මීයා එක් වාහනයක් ලෙස දැක්වෙයි. ජෛන සඳහන්වලට අනුව උතුම් ශ‍්‍රී ගණ දෙවියන් වහන්සේ විවිධ වාහන භාවිතා කළ බව කියවේ. ඒවා නම් මීයා, අලියා, ඉබ්බා, බැටළුවා හෝ මයුරාය.

 බොහෝ විට උතුම් ශ‍්‍රී ගණ දෙවියන් වහන්සේ මීයා උපයෝගී කරගෙන ගමන්ගත් අවස්ථා පෙන්වා ඇති අවස්ථා ඇත. මාර්ටින්-දුබෝස්ට් පවසන ආකාරයට 7 වන සියවසට අයත් මධ්‍යම සහ බටහිර ඉන්දියානු ප‍්‍රදේශවල ඇති ප‍්‍රතිමා වහන්සේලා නිර්මාණය කිරීමේදී උතුම් ශ‍්‍රී ගණ දෙවියන්ගේ පාදය අසල ප‍්‍රධාන වාහනය ලෙසින් මීයා දක්වා ඇත. උතුම් ශ‍්‍රී ගණ දෙවියන් වහන්සේ නැගී යෑමට මීයා යොදා ගත් බවට ප‍්‍රථමයෙන්ම සටහන් වී ඇත්තේ ”මත්ස්‍ය පුරාණ”යේය. පසුව ”බ‍්‍රහ්මානන්ද පුරාණ” සහ ”ගනේෂ පුරාණ” ප‍්‍රභවවලද උත්තම ශ‍්‍රී ගණ දෙවියන් වහන්සේ මීයා වාහනය ලෙස භාවිතා බවට සඳහන් වේ. ”ගණපති අතර්වශිර්ස” හි ඇතුළත් වන ආකාරයට උතුම් ශ‍්‍රී ගණ දෙවියන් ගැන කියවෙන පද්‍යවල උතුම් ශ‍්‍රී ගැන දෙවියන්ගේ ධජයේ මීයා ඇතුළත්ව තිබූ බව සඳහන් වේ. මීයාගේ වාහනයට ”මූසකවාහන” ලෙස ද මීයා සහිත ධජයට ”ආඛුකෙටන” ලෙසද ”ගනේෂ සහස්රනාම” හි හඳුන්වා තිබේ.

 මීයගෙන් දාර්ශනික බව වගේම අභිප‍්‍රාය ද සංකේතවත් වන බව පැවසේ. ”මයිකල් විල්කොක්සන්” පවසන ආකාරයට මෙයින් සංකේතවත් වන්නේ තෘෂ්ණාව මැඬලීම සහ ආත්මාර්ථකාමී බව අඩු කිරීම යන්නයි. සංස්කෘත භාෂාව අනුව මීයා මූසික නමෙන් හඳුන්වන අතර එය ”මූස්” යන පදයෙන් සැදී ඇත. (මූස් යන්නෙන් සොරකම් කිරීම යන්න සංස්කෘත භාෂාවෙන් අදහස් වේ.) ”ක‍්‍රිෂාන්” නම් පුද්ගලයා පවසන ආකාරයට මීයා වගාවන්ට තර්ජනයක් වන සතෙකි. මෙම හේතුව නිසා උතුම් ශ‍්‍රී ගණ දෙවියන් මීයන්ගෙන් වන හානි මැඬ පැවැත්වීමට කටයුතු කරන ”ග‍්‍රාම දේවතා” යන නාමයෙන් ද ”විග්නේශ්වර” (අනතුරු වැළැක්වීමට අධිපති දෙවියන්) යන නමෙහි අරුත ගෙන දෙන පරිදි ද වන බව පැවසේ. මාර්ටින් දුබෝස්ට් යෝජනා කරන්නේ මීයා වැනි සංකේතයක් යොදා ගෙන ඇත්තේ වඩාත් රහසිගත ප‍්‍රදේශවලට පවා යෑමට ඇති හැකියාව නිසා බවයි.

 උතුම් ශ‍්‍රී ගණ දෙවියන් වහන්සේ ”විග්නේශ්වර”, ”විග්නරාජ” සහ මර්ති භාෂාවෙන් ”විඥ්නහර්ත” ලෙසින් හඳුන්වන්නේ පිළිවෙළින් අනාත්ම සහ ආධ්‍යාත්මික යන දෙකෙහිම බාධා ඉවත් කර දෙන බැවිනි. උතුම් ශ‍්‍රී ගණ දෙවියන් වහන්සේ වඩාත් වැඳුම් පිදුම් ලබන්නේ කරදර බාධක ඉවත් කර දෙන දෙවෝත්තමයාණන් ලෙසින්ය. පෝල් කොට‍්‍රයිට් පවසන ආකාරයට උතුම් ශ‍්‍රී ගණ දෙවියන්ගේ ධර්මයට අනුව හැඩගැසී ඔවුන් වහන්ස්ගේ භූමියෙහි ජීවත් වන පුද්ගලයන්ගේ කරදර බාධක ඉවත් කරදීම උතුම් ශ‍්‍රී ගණ දෙවියන් විසින් ඉටු කර දෙන බවයි. ක‍්‍රිෂාන් සඳහන් කරන ආකාරයට උතුම් ශ‍්‍රී ගණ දෙවියන්ගේ නාමයෙන් විදහා දක්වෙන පරිදි ඔවුන් වහන්සේ විවිධාකාර කාර්ය සංකේතයන්හි නියැලී සිටින බවට සඳහන් කරයි. උතුම් ශ‍්‍රී ගණ දෙවියන් වහන්සේ පුද්ගලයන් ජීවත් වන චරිතය දෙස බලා ඔවුන්ව ”විඥ්නකර්ටා” සිට (බාධක-ඇති වීමේ සිට) ”විඥ්නහර්තා” දක්වා ( බාධක-දුරලීම දක්වා) උපකාර වේ.

 උතුම් ශ‍්‍රී ගණ දෙවියන් වහන්සේ සාහිත්‍යයටත් අකුරුවලටත් ඉගෙනීමේ කටයුතුවලටත් අධිපති දෙවියන් වහන්සේ ලෙසින් වන්දනා පුද සත්කාර පවත්වයි. සංස්කෘත භාෂාවෙන් ”බුද්ධි” යන වචනයේ අර්ථය ඥානය, ප‍්‍රඥාව සහ කල්පනා කිරීමේ ශක්තිය ලෙසින් දැක්විය හැකිය. බුද්ධි යන සංකල්පය උතුම් ශ‍්‍රී ගණ දෙවියන්ගේ ආනුභාව සම්පන්න බව හා නිරන්තරයෙන් බැඳී පවතින අතර විශේෂයෙන් පුරාණ කාල පරිච්ජේදයේ බොහෝ කතාවලින් උතුම් ශ‍්‍රී ගණ දෙවියන්ගේ දක්ෂකමේ ප‍්‍රත්‍යාබලය සහ ඥානය සමග ඇති මැනවින් පෙන්නුම් කරයි. ”ගනේෂ පුරාණ” සහ ”ගනේෂ සහස‍්‍රනාම”වල දැක්වෙන පරිදි උතුම් ශ‍්‍රී ගණ දෙවියන් වහන්සේට ”බුද්ධිප‍්‍රිය” යන නාමය ද යොදා ගෙන ඇත. ”ගනේෂ සහස‍්‍රනාමහි” අවසානයෙහි දක්වා ඇති උතුම් ශ‍්‍රී ගණ දෙවියන්ගේ නාම 21ක් ඇතුළත් ලැයිස්තුවේ මෙම නාමය ද ඉතා වැදගත් සුවිශේෂී නාමයක් ලෙස දක්වා තිබේ. ”ප‍්‍රිය” යන වචනයෙහි අරුත කැමැත්ත වන අතර විවාහයෙන් පසු ආදරවන්තයාට සහ ස්වාමියාට ද ”ප‍්‍රිය” යන වචනය යොදා ගැනේ. එම නිසා ”බුද්ධිප‍්‍රිය” යන නමෙහි අර්ථය ”ඥානයට ඇති කැමැත්ත” හෝ ”බුද්ධියෙහි ස්වාමියාණන්” ලෙසින් ද දැක්විය හැක.

 හින්දු මන්ත‍්‍ර සමගින් ” ඕම්” නම් පදයෙන් උතුම් ශ‍්‍රී ගණ දෙවියන් වහන්සේ හඳුනාගත හැක. ” ඕම්කාරස්වරූප” යන යෙදුමෙන් ”මේ ආකාර (ස්වරූප) වේ” යන අරුත දෙන අතර මෙම සංකේතවත් ස්වරය උතුම් ශ‍්‍රී ගණ දෙවියන්ගේ පුද්ගලායිත මූලික නාදයයි. ”ගණපති අතර්වශිර්ස”ය මෙයට සාක්ෂි සපයයි. ”චින්මයානන්ද” එම පාඨය පහත ආකාරයට පරිවර්තනය කර ඇත.

 උතුම් ශ‍්‍රී ගණ දෙවියන් වහන්ස ඔබ වහන්සේ මේ බ‍්‍රහ්ම, විෂ්ණු සහ මහේස යන ත‍්‍රිත්වයයි. ඔබ වහන්සේ ඉන්ද්‍ර ය. ඔබ වහන්සේ ගින්දර සහ වායුවයි. ඔබ වහන්සේ සූර්යයා සහ චන්ද්‍රයා ය. ඔබ වහන්සේ බ‍්‍රාහ්මණයා ය. ඔබ වහන්සේ භූමිය, අවකාශය සහ දෙව්ලොව යන තුන් ලොවයි. ඔබ වහන්සේ ඕම්. (පැවසීමට ඇත්තේ මෙයයි, ඔබ වහන්සේ මේ සියලූ දෙයයි.)

 සමහර බැතිමතුන් උතුම් ශ‍්‍රී ගණ දෙවියන්ගේ ප‍්‍රතිමා ශිල්පීය ශ‍්‍රී ශරීර ලක්ෂණවල හැඩයන් සහ ”දෙවනගිරි” සහ දෙමළ ලියමන්වල ඇති ඕම් සමග සමාන ලක්ෂණ දක්වන බවට විශ්වාස කරති.

 ”කුන්ඩලිනී යෝග”වලට අනුව උතුම් ශ‍්‍රී ගණ දෙවිඳුන් වාසය කරන්නේ පළමු චක‍්‍රයේ ය. එය ”මූලධාරක” ලෙසින් හඳුන්වයි. ”මූල” යන්නෙන් ප‍්‍රධාන, මුල් යන අදහසත් ”ආධාර” යන්නෙන් පදනම, පාදය යන අදහස දැක්වෙයි. මූලාධාර චක‍්‍රය මූලික විද්‍යමානයක් හෝ උතුම් ශ‍්‍රී දෙවි දේවතාවන් වහන්සේලා වැඩම කර සිටින මූලිකයෙන් බාහිරට ව්‍යාප්ත වනු එකකි. මේ පිළිබඳව ”ගණපති අතර්වශිර්සය” ද සාක්ෂි දරයි. එහි සඳහන් පාඨය කොට්රයිට් විසින් මෙසේ දක්වා ඇත. ”නුඹ නිරතුරුව මූලික නාරටියේ (මුලධාර චක‍්‍රයේ) සංස්කාරික ප‍්‍රතානය තුළ හැසිරෙයි.” මේ අනුව යමින්, උතුම් ශ‍්‍රී ගණ දෙවියන් වහන්සේ ස්ථිරව වාසස්ථානයක් කර ගෙන සෑම ජීවියෙකු තුළම ඇති මූලචක‍්‍රයන් තුළ වැඩ සිටියි. උතුම් ශ‍්‍රී ගණ දෙවියන් වහන්සේ අනෙකුත් සියලූ චක‍්‍රවලට ද සහයෝගය සහ මගපෙන්වීම සිදුකරයි. එයින් ”ජීවන චක‍්‍රයේ නියාමනයේ බලපෑම් පාලනය සිදු කරයි.

ඉතිරි කොටස ලබන සතියේ…
 උපුටා ගැනීම අන්තර්ජාලයෙනි

advertistmentadvertistment
advertistmentadvertistment