තංගල්ලේ උද්‍යානයක අශෝභන ලෙස හැසිරුණු යුවළක් දැලේ

1103

වයස අවුරුදු 13 ක බාල වයස්කාර දැරියක නිත්‍යානුකූල භාරකාරත්වයෙන් තොරව අපහරණය කිරීම සහ පැහැර ගෙන යෑමේ චෝදනාව යටතේ 30 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මාතර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය පැවසීය.

දැරිය එදින පාසල් යන බව පවසා නිවසින් පිටව ගොස් මාතර බෝධිය අසලට පැමිණ 30 හැවිරිදි පෙම්වතා හමු වී පාසල් ඇඳුම ද මාරු කර වෙනත් පාට ඇඳුමකින් මාතර බස් නැවතුම් පොළට දෙදෙනාම පැමිණ ඉන් අනතුරුව මාතර තංගල්ල බසයකින් තංගල්ල ප‍්‍රදේශයට පැමිණ ඇත.

පසුව මොවුන් දෙදෙනා තංගල්ල ප‍්‍රදේශයේ උද්‍යනයක අශෝභන ලෙස හැසිරෙමින් සිටින බවට ලද තොරතුරකට අනුව තංගල්ල පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් දැරිය සහ 30 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන දැරිය සහ සැකකරු පිළිබඳ මාතර මූලස්ථාන පොලිසිය දැනුවත් කර ඇත. මාතර මූලස්ථාන පොලිසියේ නිලධාරීන් පිරිසක් තංගල්ල පොලිස් ස්ථානය වෙත පැමිණ සැකකරු සහ දැරිය අත්ඩංගුවට ගෙන මාතර පොලිස් ස්ථානය වෙත රැුගෙන ඒමෙන් පසු විමර්ශන කටයුතු සිදු කර ඇත.

දැරිය වෛද්‍ය පරීක්ෂණන් සඳහා මාතර මහ රෝහල වෙත ඉදිරිපත් කර ඇති බවත් 30 හැවිරිදි සැකකරු මාතර මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටත් නියමිත බව මාතර මූලස්ථාන පොලිසිය පැවසීය. කොට්ඨාස භාර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සොයිසා මහතා ගේ උපදෙස් සහ නියෝග මත මාතර මූලස්ථාන පොලිස් පරීක්ෂක රොෂාන් හෙට්ටිආරච්චි මහතාගේ මෙහෙයවීමෙන් ළමා හා කාන්තා කාර්යාංශයේ අධිකරණ කටයුතු භාර නිලධාරී උ.පො.ප. කපිල සමන්ත, කා.පො.කො. (8299* සඳමාලී, කා.පො.කො. (11221) මධුෂානී යන නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු සිදු කර ගෙන යයි.

මාතර – අමල් තුෂාර

advertistmentadvertistment
advertistmentadvertistment