තණමල්විල අවුරුදු 16 දැරිය අපයෝජනයට ලක් කිරීම: – අපක්ෂපාතී පරීක්ෂණයක් ආරම්භ කළා

125

හම්බන්තොට රෝහල් අධ්‍යක්ෂිකා අයන්ති ජයවර්ධන

තණමල්විල ප්‍රදේශයේ අවුරුදු දහසයක පාසල් දැරියක සිසුන් 21 දෙනකු විසින් අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වෛද්‍ය පරීක්ෂණය සඳහා දැරිය හම්බන්තොට මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ වෛද්‍යවරයකු බැණ තර්ජනය කොට දැරිය මානසික පීඩනයට ලක් කළ බවට දැරියගේ මව විසින් කරන ලද චෝදනා සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් ආරම්භ කළ බව හම්බන්තොට රෝහල් අධ්‍යක්ෂිකා අයන්ති ජයවර්ධන මහත්මිය සඳහන් කළාය. එම පරීක්ෂණය රෝහල් මට්ටමින් ක්‍රියාත්මක බව අධ්‍යක්ෂවරිය කීවාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපයෝජනයට ලක් වූ දැරියගේ මව, ළමා ආරක්ෂණ අධිකාරියට සහ තණමල්විල පොලිසියට පැමිණිලි කර ඇති අතර දැරියගේ මව මාධ්‍යයට මෙලෙස සඳහන් කළාය. මගේ දරුවා කට උත්තරයක් ගන්න හම්බන්තොට මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ මුල් වචන දෙක තුනෙන්ම දරුවාට තර්ජනය කොට මහ හයියෙන් කඩාගෙන පැන්නා. ‘තමුසේ බොරු කිව්වොත් පරිවාසයට දානවා කිව්වා. තමුසේ හදන්නේ කොල්ලන්ව හිරේ දාන්නද’ කියල අහලා අත උස්සලා දරුවට ගහන්න හැදුවා.

මම දරුවට ගහන්න එපා කිව්වම මටත් ගහන්න අත ඉස්සුවා. ඉතින් දරුවා හොඳටම බය වුණා. පැය දෙකක් පමණ ප්‍රශ්න කළා. ඒ අතරේ දරුවා විනාඩි දෙකකට වගේ කීප වතාවක් මට එළියට දුන්නා. ඒ හැම වෙලාවකම දරුවා උඩ තට්ටුවෙන් පනින්න දුවගෙන ගියා. මම දරුවා අල්ලගත්තා. මේවට දරුවා බය වෙච්ච නිසා පොලිසියට දීපු කට උත්තරෙත් වෙනස් වුණා, යනුවෙන් මව මාධ්‍යයට සඳහන් කර තිබිණි.

තිස්සමහාරාම – අමිල සම්පත් ශ්‍රී පල්ලියගුරු

advertistmentadvertistment
advertistmentadvertistment