තණමල්විල භූ කම්පනයක්

314

තණමල්විල ප‍්‍රදේශයේ රිච්ටර් මාපක 2.4ක භූ කම්පනයක් පෙරේදා (24 දා) රාත‍්‍රී සිදුවී ඇත.

මේ භූ කම්පනය මහකනදරාව, හක්මන හා පල්ලේකැලේ භූ කම්පන මානවල සටහන්වී ඇතැයි භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ නිල්මිණි තල්දෙන මහත්මිය ‘දිවයින’ට ඊයේ (25 දා) පැවසුවාය.

පෙරේදා (24 දා) රාත‍්‍රි 9.20ට පමණ මෙම භූ කම්පනය සිදුවී ඇත. එහි බලපෑම ප‍්‍රදේශවාසීන්ට ද දැනී ඇතැයි ද ඇය කීවාය.

මේ ප‍්‍රදේශයේ මීට පෙරත් මෙවැනි භූ කම්පන සිදුවී ඇති බවට වාර්තාවී ඇති බවත් මේ වනතෙක් මේ රටේ ජීවිත හා දේපළ හානිවන භූ චලනයන් වාර්තා වී නැති බවත් ඇය කීවාය. පෘතුගීසීන් රට පාලනය කරන කාලයේ මෙරට තුළ ජීවිත දේපළ හානි සිදුවුණු ප‍්‍රබල භූ චලනයක් වාර්තා වී ඇති බවට ලිඛිත සටහන් ඇතත් එහි ප‍්‍රබලත්වය මැන බැලිය හැකි උපකරණ එම වකවානුවේ නොතිබීම නිසා එහි ප‍්‍රබලත්වය ගණනය වී නැතැයිද ඇය තවදුරටත් පැවසුවාය.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment