තණමල්විල සිසුවියගේ සිද්ධිය හා ජේඑම්ඕ ගේ හිරිහැර මන්ත්‍රීවරියන්ගේ සංසදය හෙළාදකී

114

තණමල්විල ප්‍රදේශයේ 16 හැවිරිදි දැරියක සමූහ දූෂණයට ලක් කිරීමේ අමානුෂික සිදුවීම් මාලාව සහ වින්දිතයාගේ මව විසින් චෝදනා කරන පරිදි අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් දැරියට වාචික හා මානසික හිරිහැර කිරීම දැඩි ලෙස හෙළා දකිමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය නිවේදනයක් නිකුත් කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සිය නිවේදනය මගින් පෙන්වා දෙන්නේ මෙම දැරියට මුහුණ දීමට සිදු වූ අමානුෂික සිදුවීම් මාලාව තුළින් මීට අදාළ වගකිවයුතු බලධාරීන් තම රාජකාරිය නිසි පරිදි ඉටු කිරීම පැහැර හැර ඇති ආකාරය පෙන්නුම් කරන බවයි. ඒ අනුව මෙවැනි අනීතික සිදුවීම්වලදී හෘද සාක්ෂියට එකඟව වගකීමෙන් හා වගවීමෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාව ඇය අවධාරණය කර සිටියි.

කාන්තා සහ ළමා අයිතිවාසිකම් මෙලෙස උල්ලංඝනය කිරීම් කිසිසේත්ම පිළිගත නොහැකි බවත් ඒ සඳහා කිසිදු ඉඩක් නොතැබිය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය පවසයි.

එවැනි සිදුවීම් වැළැක්වීමට සහ ශ්‍රී ලංකාවේ සෑම ගැහැනු දරුවකුගේම අයිතිවාසිකම් සහ ගෞරවය ආරක්ෂා කිරීමට අවශ්‍ය සියලු පියවර තහවුරු කිරීම සඳහා ඉදිරියටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය පෙනී සිටින බව මෙම නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment