තණමල්විල හරි පුදුම ඉස්කෝලේ

1229

ගංජා වගාවට ප්‍රසිද්ධියක් ලබා ඇති තණමල්විල ප්‍රදේශයේ ශෝකජනක සමාජය සූරාකෑම පිළිබඳ ප්‍රවෘත්තියක් අද අපි ඔබට කියමු. තණමල්විල පාසලක එකොළොස්වැනි ශ්‍රේණියක ඉගෙනුම ලබන ශිෂ්‍යාවක එම විදුහලේම සිසුන් 22නකු විසින් අවස්ථා 7කදී දූෂණය කරනු ලැබීම එම පුවත වේ. සිසුන් පාසලේ වැසිකිළියේදී ද කිරිඳි ගංඉවුරේදී ද මෙම සමූහ දූෂණය සිදුකර තිබේ. මුල් අවස්ථාවේදී දැරිය කෙළෙසා ඇත්තේ බලහත්කාරයෙන් මත්පැන් පොවා ඇය මත් කිරීමෙනි. එම අවස්ථාවේදී හෝ ඊට පසු අවස්ථාවකදී දැරිය දූෂණය කිරීම වීඩියෝ කර ඇති සිසුන් පසුව එම වීඩියෝ දර්ශන ප්‍රසිද්ධ කරන බවට තර්ජනය කරමින් දැරිය කෙළෙසා ඇත. ඇය මුල් වතාවට අපයෝජනය වී ඇත්තේ ඇගේ පෙම්වතා වෙතිනි. ඔහුද එම පාසලේ සිසුවෙකි. ඔහු ඇය රවටා ගෙන යහළුවකුගේ නිවසට රැගෙන ගොස් තවත් සිසුන් කිහිපදෙනකු සමඟ කෙළෙසා තිබේ. අසරණ ගැහැනු ළමයි නිරන්තරයෙන්ම ප්‍රේමය කෙරෙහි විශ්වාසය තබති. ඒ වෙනුවෙන් ඕනෑම දෙයක් පරිත්‍යාග කිරීමට ඔවුහු සූදානම්ය. මේ ඛේදවාචකයේ සමාජමය පැතිකඩ විමසන කෙනකුට ඒ බව පෙනී යයි. පෙම්වතා කෙරෙහි විශ්වාසය තබා ඔහු වෙතින් දූෂණය වීම ලංකාව වැනි ආසියාතික රටවල ඉතා ප්‍රසිද්ධය. යුරෝපයේද මේ තත්ත්වය මෙසේම තිබුණත් කන්‍යාභාවය නමැති සංකල්පය ඒ රටවල සංස්කෘතියේ ගාමක බලවේගයක් නොවන බැවින් නව යොවුන් දැරියක පිරිමියෙකු අතින් දූෂණයට පත්වීම කවුරුත් ගණන් ගන්නේ නැත. එහෙත් ලංකාව සහ ඉන්දියාව යන රටවල් දෙකේදී මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්ය. කන්‍යාභාවය යනු මේ රටේ එක්තරා සමාජ ස්ථරයක ගාමක බලවේගය වේ. ක්‍රි.ව. 2000න් පසු ධනපති පන්තිය මේ කාරණය ගැන වැඩි තැකීමක් කරන්නේ නැත. එහෙත් ආසියාවේ පිරිමි හැකි සෑම විටකම තම බිරියට මේ කාරණයෙන් දමා ගසති. තණමල්විල ඉස්කෝලේ ස්ත්‍රී දූෂක සිසු පිරිස ඊයේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී. සමහරවිට හිරගෙදර තුළදී මේ නව යොවුන් දරුවන් වැඩිහිටි සිරකරුවන් වෙතින් දරුණු ලෙස අපයෝජනය වීමට ඉඩ තිබේ. හිරගෙදර යනු කාම කාන්තාරයකි. එම කාන්තාරයේ ලිංගික පොද වැස්සක් වැටෙන තුරු හිරකරුවෝ බලා සිටිති.

තණමල්විල සිද්ධියෙන් තවත් වැදගත් පැත්තක් තිබේ. මේ සිද්ධිය පාසලේ විදුහල්පතිවරයා ඇතුළු විනය පරීක්ෂක මණ්ඩලය විසින් දැනගෙන තිබුණ ද ඔවුන් එය වසන් කර තිබේ. ලිංගික අපහරණයක් දිගින් දිගටම වසන් කරනු ලැබීමෙන් දණ්ඩ නීති සංග්‍රහය යටතේ ඔවුන් බරපතළ වරදක් කර ඇති බව අපගේ අදහසය. තණමල්විල විදුහල්පතිවරයා එම විදුහලට නවකයෙකි. ඔහු විදුහල්පති ලෙස එම පාසලේ වැඩ භාරගෙන ඇත්තේ මීට මාසයකට පෙරය. අපට දැන ගැනීමට ඇති පරිදි ශිෂ්‍යාව තම දෙමාපියන්ට ලිංගික අපයෝජනය ගැන දැනුම් දීමෙන් පසු මේ පිළිබඳව පොලිසියට ගියොත් තමා සියදිවි නසාගන්නා බව දන්වා ඇත. සියදිවි නසා ගැනීම යනු ඉතා බාල සහ ඉතා භයානක තර්ජනයකි. සියදිවි නසා ගැනීමට අවශ්‍ය කරන උපකරණ රැසක් අප වටා ඇත. එල්ලී මිය යෑමට අවශ්‍ය ලණු, පැන මිය යෑමට අවශ්‍ය ගැඹුරු ළිං, වස වර්ග සහ කිරිඳි ගඟ යනාදිය මේ දැරියගේ නිවස අසල තිබෙන්නට ඇත. දැරියගේ දෙමාපියන් විදුහල්පතිවරයා හමු වූ බවත් මේ සිද්ධිය පොලිසියට දැන්වීමෙන් තොරව රහසින් සමථයකට පත්කර ගැනීමට කැමති බවත් පවසා ඇත. සමහරවිට මුල් අවස්ථාවේදී මේ සිද්ධිය ප්‍රසිද්ධියට පත්වුණේ නම් ගම්වැසියන් පාසල ගිනි තැබීමට පවා ඉඩ තිබිණ. එය මේ රටේ වෙසෙන ඇතැම් මීහරකුන් ප්‍රශ්න විසඳන ක්‍රමයයි. වාහනයක් හැපුණු විට එය ගිනි තැබීමෙන් මහ පාරේදීම නඩුව විසඳීම වැඩි දෙනාගේ කැමැත්තය. කෙසේ හෝ වේවා පාසලේ විදුහල්පති සහ විනය මණ්ඩලය විසින් දෙමාපියන්ගෙන් හා සිසුන්ගෙන් ලියුම් රැගෙන සිද්ධිය යටපත් කරගෙන තිබේ. අපට පෙනෙන පරිදි මේ විදුහල්පතිතුමාටත් පාසලේ විනය පරීක්ෂක මණ්ඩලයටත් ගුරු වෘත්තිය තුළ අනාගතයක් නැත. මේ දූෂණයට එකී විදුහල්පතිත් විනය පරීක්ෂක මණ්ඩලයත් සම්බන්ධ නැති වුවද අපරාධය පිළිබඳ තොරතුරු වසන් කිරීමෙන් එම පිරිස කිසිසේත්ම නිවැරදි කළ නොහැකිය.

සෑම දවසකම ශ්‍රී ලංකාව තුළ බාලවයස්කාර දරුවන් තිදෙනෙක් දූෂණය කරනු ලැබේ. මෙය ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතී. පාසල් තුළ ගැහැනු දරුවන් හෝ පිරිමි දරුවන් අපයෝජනය වීම ඉතා අඩු නමුදු වතුකරයේ ලයින් කාමර තුළත් තේ පඳුරු යටත් කුඩා දරුවන් දූෂණය කරනු ලැබේ. බොහෝවිට නව යොවුන් දරු දැරියන් කෙළෙසනු ලබන්නේ ඔවුන්ගේ සමීපතමයන් වෙතිනි. උදාහරණයක් ලෙස පියා, මාමා, බාප්පා, සීයා යන ස්ථරය මේ ක්‍රියාවලියේ පළමු ස්ථරය ලෙස දැක්විය හැකිය. දරුවාගේ හෝ දැරියගේ මවගේ දෙවන විවාහයේ සැමියා, මාමාගේ මිතුරා, පියාගේ මිතුරා, සහෝදරයාගේ මිතුරා යනාදීහු මෙකී අපයෝජනයෙන් දෙවන ස්ථරයට අයත් විත්ති පාර්ශවය ලෙස දැක්විය හැකිය. සාමාන්‍යයෙන් වශයෙන් ගත් කල ඉන්දියාව, අප්‍රිකානු රටවල් සහ ලතින් ඇමරිකානු රටවල්වල සිදු කෙරෙන ළමා අපයෝජන තරම් ප්‍රමාණයක් මේ රටේ සිදුවන්නේ නැත. එහෙත් දැනට ළමා අපයෝජන සිදුවෙමින් පවත්නා ලෝකය දෙස බලනවිට පෙනී යන්නේ නුදුරේදීම එම රටවල් ඉක්මවා ගොස් කුසලානය හිමිකර ගැනීමට අපේ රටට හැකිවන බවය. ස්ත්‍රී දූෂකයන් සම්බන්ධයෙන් මේ රටේ පැනවෙන දඬුවම් බෙහෙවින් අප්‍රාණික බව අපගේ වැටහීම වේ. ස්ත්‍රී දූෂකයකුට දෙන දඬුවම ප්‍රධාන පාරට රිවස් කිරීමට දෙන දඬුවමට වැඩිවිය යුතුය. එල්ලුම් ගස නැති නිසා අපරාධකරුවෝ නිදහසේ මිනී මරති. මිනිහෙක් මරා අවුරුදු කිහිපයක් හිරේ ලැග දඬුවම අවසන් කර ගෙදර ඒමට මේ රටේ සිටින ඕනෑම කෙනෙකුට පුළුවන. අපරාධවලට මුල අපේ රටේ දඬුවම්වල තිබෙන සැහැල්ලුගතිය ය.

advertistmentadvertistment
advertistmentadvertistment