තමාට ට්‍රම්ප්ව පරාජය කිරීමට තිබූ බව ඇමෙරිකානු ජනාධිපති බයිඩන් පවසයි

391

තමාට ඉකුත් නොවැම්බර් මාසයේ පැවති ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ව පරාජය කර නැවත වාරයක් ජනාධිපති ධුරයට පත් වීමට ඉඩ තිබූ බව තමා සිතන බව ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසා තිබේ.

ඇමෙරිකානු දිනපතා පුවත්පතක් වන ‘යූ එස් ඒ ටුඩේ” පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ජනාධිපති බයිඩන් මේ බව සඳහන් කර ඇති අතර කෙසේ වුවද තවත් වසර හතරක කාලයක් ජනාධිපති ධුරය දැරීමට තරම් තමාට කායිකව හා මානසික ශක්තියක් ඇති බවට විශ්වාසයක් නොමැති බවද අවධාරණය කර තිබේ. “මෙතෙක් මා පැමිණි ගමන හොඳයි, එහෙත් මගේ වයස අවුරුදු 86ක් වන විට මා කුමන තත්ත්වයක ඇත්දැයි සිතාගත නොහැකි බව 82 හැවිරිදි ජනාධිපති බයිඩන් එහිදී සඳහන් කර තිබේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ


advertistmentadvertistment