තමිල්නාඩුවේ දිස්ත්‍රික්ක 6ක විදුලිය කැපීමෙන් ජනතාව දුකට පත්වෙති

252

තමිල්නාඩුවේ දිස්ත්‍රික් 6ක විදුලිය කැපීම නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයකට මුහුණ පා ඇත.කුඩ්ඩලෝර්, කරුර්, තිරුපතුර්, තිරුවත්තමලයි, කන්‍යා කුමාරි සහ නේති යන දිස්ත්‍රික්කවල සෑම දිනකම විදුලිය කපන බව හෙළි වී තිබේ. සවස් යාමයේ සිට මැදියම් රාත්‍රිය දක්වා විදුලිය කපන අතර තමිල්නාඩු ටැන්ජෙඩ්කෝ සමාගම ඒ ගැන ප්‍රතිචාර නොදක්වන බව ද නිව්ස් අඩවිය කියා සිටී. එහෙත් තමිල් නාඩු බලශක්ති ඇමැති සෙන්නිල් බාලජි පැවසූවේ මෙගාවොට් 750ක බලශක්තියක් දකුණු ප්‍රදේශවලට නොලැබෙන නිසා විදුලිබලය අඩුවීමක් පවතින බවයි. මේ අතර ගල් අඟුරු හිඟකම නිසා ඉදිරි සතිවල දී දැඩි විදුලි කැපීමකට මුහුණ දීමට ජනතාවට සිදු වේ. තමිල්නාඩු විදුලිබල සමාගම විදුලිය කපන බව ජනතාවට පවසන්නේ නැත.


advertistmentadvertistment