තඹුත්තේගම කොල්ලයට රාජාංගණයේ පොහොට්ටු මන්ත්‍රී ඇතුළු 3 ක් රිමාන්ඩ්

195

තඹුත්තේගම පෞද්ගලික බැංකුවක තැන්පත් කිරීම සඳහා ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු රැගෙන ආ රුපියල් දෙකෝටි විසිතුන්ලක්‍ෂයක් කොල්ලකෑමට උත්සාහ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රාජාංගණය ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණ මන්ත්‍රීවරයකු තඹුත්තේගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මුදල් කොල්ලකෑමට ගත් උත්සාහයේදී පොලිසියට කොටුවූ කොල්ලකරුවන් දෙදෙනාගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු මත ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.

කොල්ලය සඳහා පැමිණි දෙදෙනාට ඒ සඳහා යතුරුපැදිය ලබා දී ඇත්තේ අත්අඩංගුවට ගත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා විසින් බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. එම යතුරුපැදිය මන්ත්‍රීවරයා විසින් වෙනත් පුද්ගලයකුගෙන් ඉල්ලා කොල්ලකරුවන් දෙදෙනාට ලබා දී ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

මන්ත්‍රීවරයා කොල්ලකරුවන් දෙදෙනාට යතුරුපැදිය ලබා දුන්නේ සැලසුමකට අනුවද එසේ නැතහොත් බැංකු කොල්ලය පිළිබඳ නොදැනුවත්වද යන්න පිළිබඳව අනාවරණය කර ගැනීම සඳහා තඹුත්තේගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment