තරගයේ වාසිය ඉන්දියාව  දෙසට හැරේ

78

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර බර්මින්හැම්හි පැවැත්වෙන 5 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වැනි දිනය නිමාවන විට ඉන්දීය කණ්ඩායම කඩුලු 7 ක් අතැතිව සත්කාරකයන්ට වඩා ලකුණු 257 ක් ඉදිරියෙන් සිටියේය.

 තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ලබාගත් ලකුණු 415ට පිළිතුරු ලෙස එංගලන්ත ක්‍රීඩකයෝ සියලු දෙනා පළමු ඉනිම තුළ ලකුණු 284 කට දැවී ගියහ.

 ලකුණු 132 ක වාසියක් සමග දෙවැනි ඉනිම ඇරඹූ ඉන්දීය කණ්ඩායම තුන්වැනි දිනය නිමා වනවිට කඩුලු 3 ක් දැවී ලකුණු 125 ක් රැස් කරගෙන සිටි අතර නොදැවී පන්දුවට පහර දෙන චේටෙෂ්වර් පුජාරා ලකුණු 50 ක් සහ රිෂාබ් පාන්ඩ් ලකුණු 30 ක් ලබාගෙන සිටියහ.

 ජේම්ස් ඇන්ඩර්සන්, බෙන් ස්ටොක්ස්, සිටුවර්ට් බ්‍රෝඩ් දැවී ගිය කඩුලු තුනේ හිමිකරුවෝ වෙති.

 ලකුණු සාරාංශය

 ඉන්දියාය පළමු ඉනිම 416

 එංගලන්තය පළමු ඉනිම 284

 ඉන්දියා දෙවැනි ඉනිම 125/3

advertistmentadvertistment
advertistmentadvertistment