ඇල්පිටිය දිවිතුර ප්‍රදේශයේ වත්තක වළ දමා තිබූ 18 හැවිරිදි තරුණයකුගේ මළ සිරුරක් ඊයේ (07 දා) පස්වරුවේදී හමු වී ඇති බැව් ඇල්පිටිය පොලිසිය පවසයි.
මෙකී තරුණයා පෙරේදා දින (05) සිට අතුරුදන්ව සිට ඇත. ගම්මුන් විසින් අතුරුදන් වූ තරුණයා සොයා විශේෂ මෙහෙයුමක් ද සිදුකොට තිබුණි. දිවිතුර වත්තේ කඳු මුදුනක තරුණයාගේ මළසිරුර වළ දමා තිබූ අතර සුනඛයකු ඉව අල්ලමින් එම ස්ථානයේ ගැවසී ඇත. තරුණයාගේ හිස් කබල වළෙන් මතු වී තිබූ බව පොලිසිය පවසයි.
ඇල්පිටිය මහෙස්ත්‍රාත්වරයාගේ නියෝගයකට අනුව මළ සිරුර ගොඩ ගැනීම සිදුකරන අතර මෙම තරුණයා ඝාතනය කොට වළ දමා ඇති බවට පොලිසිය සැක කරයි.
ඇල්පිටිය පොලිසිය මේ පිළිබඳ පරීක්ෂණ පවත්වයි.
ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි, – ගාල්ල, නියාගම – වින්සන් විජේසිංහ