තලප්පාව සහිත මහා කවියා

292

භාරතීය නිදහස් සටන පිණිස රබීන්ද්‍රනාත් තාගෝර්, සරෝජනී නායිදු වැනි සාහිත්‍යධරයන් පන්හිඳෙන් කළ මෙහෙය ඉමහත්ය. එවැනි වටපිටාවක් තුළ භාරතයේ උස් නිදහස පිණිස දෙමළ ජනයා අවදි කළ අඬහැරය බවට පත් වන්නේ දෙමළ සාහිත්‍යයේ මහා කවියා වන භාරතී ය. වසර 39 ක් වැනි කෙටි කලක් ජීවත් වන ඔහු මරණින් මතු ද නොමියෙන කවියකු ලෙස ඉන්දියානු සමාජයේ ඉමහත් සම්භාවනාවට පත් වන්නේය. දෙමළ ජනතාවගේ මහා කවියා, විප්ලවයේ කවියා, පුනරුදයේ කවියා යනුවෙන් ඔහු ලද විරුදාවලි කිහිපයකි. ”තලප්පාව සහිත කවියා” යනුවෙන් ද භාරතීය ජනතාව විසින් ඔහුව හඳුන්වන ලදී. අසල්වැසි ඉන්දියාවේ ජීවත් වූ එම අසිරිමත් කවියා පිළිබඳව කරන ලද දීර්ඝ අධ්‍යයනයකින් අනතුරුව සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා විසින් රචනා කරන ලද පර්යේෂණාත්මක ග‍්‍රන්ථය ”දෙමළ මහා කවි භාරතී” නමින් ගොඩගේ ප‍්‍රකාශනයක් ලෙස පසු ගියදා මුද්‍රණයෙන් නිකුත් විය. මෙරට සාහිත්‍ය සමාජය තුළ එතරම් කතාබහට ලක් නොවුණ මෙම සුවිශේෂී කවියා පිළිබඳ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් සම්පාදිත එකී ග‍්‍රන්ථය ප‍්‍රධාන කොටස් දෙකකින් යුක්තය. ඒ අනුව ග‍්‍රන්ථයෙන් අඩක් දෙමළ මහා කවි භාරතී දිවි පුවත පිණිස වෙන් කොට ඇත. ඉතිරි කොටස වෙන් වන්නේ ඔහුගේ කවිය පිණිසය.

තලප්පාව සහිත මහා කවියා


”දල්ලක් කොළයක් වලාකුළක් සේ

 අහෝ මා ඔසවන්න!

 නැතහොත් මගේ ජීවිතය

 කටු මතට වැටෙනු ඇත

 ලේ ගලනු ඇත…”

 ‘මහාකවි භාරතී සියවස’ යන මාතෘකාව යටතේ මුල් වරට සිංහල පාඨකයන්ට භාරතීගේ කවි හඳුන්වා දීමේ ගෞරවය හිමි වන්නේ ශී‍්‍ර ලංකා ප‍්‍රගතිශීලී ලේඛක සංගමයටය; එහි ප‍්‍රධාන ලේකම් පේ‍්‍රම්ජී ඤාණසුන්දරම් මහතාටය, ඔවුන් විසින් 1982 දී මහාකවි භාරතී සියවස් සමරුව නිමිත්තෙන් ‘භාරතී පද්‍ය’ නම් කුඩා කෘතියක් පළ කරන ලදී. එවක රුපියල් විස්සකට මා විසින් මිලදී ගන්ට යෙදුණු එම කෘතිය මගේ පොත් රාක්කයේ තිබිණ. එ දවස එය කියවන්ට තරම්වත් උනන්දුවක් මා තුළ තිබුණේ නැත.

 මා භාරතී හඳුනා ගත්තේ 1989 දී ය; තමිල්නාඩු ප‍්‍රාන්තයේදී මහා පොණ්ඩිචේරි කොලනියේ දී ය. මැරීනා බීච්හි ප‍්‍රතිමාවකි, පාර්ලිමේන්තුව අබියස තවත් ප‍්‍රතිමාවකි. තමිල්නාඩු එට්ටයපුරම්හි කෞතුකාගාරයකි. පොණ්ඩිචේරි ඊශ්වරන් කෝවිල් පාරේ තවත් කෞතුකාගාරයකි. ජනතාවගේ මේ සා බුහුමනට, ආදර ගෞරවයට පාත‍්‍ර වූ කවියා කවරෙක්ද? 1982 පටන් මගේ පොත් රාක්කයේ උන් භාරතී ය.

 මම භාරතී ගැන සොයන්ට පටන් ගතිමි. චෙන්නෛ නුවර පොත් සාප්පුවල වරු ගණන් රස්තියාදු වෙද්දී භාරතීගේ කවි එකතු සහ භාරතී ගැන රචිත ලිපි එකතු රාශියක් සොයාගත හැකි විය. දෙමළෙන් සහ ඉංගී‍්‍රසියෙන් භාරතී ගැන ප‍්‍රාමාණික කෘති ගණනාවක් පළ කර තිබුණේ මා යාපනය විශ්වවිද්‍යාලයේ උගන්වන කාලයේ එහි උපකුලපති ධුරය දැරූ මහාචාර්ය කේ. කෛලාශපති නමැති මහා පඬිවරයා ය. ‘භාරතී පද්‍ය’ සංස්කාරකවරුන් සිය කෘතිය පිළිගන්වා තිබුණේ ද කෛලාශපති නාමයට ය.

 භාරතී දිවිය

 දෙමළ මහාකවි භාරතී, කි‍්‍ර. ව. 1882 දෙසැම්බර් 11 වැනිදා දකුණු ඉන්දියාවේ, තමිල්නාඩු ප‍්‍රාන්තයේ එට්ටයපුරම් නම් ග‍්‍රාමයේ දී උපත ලැබී ය. උප්පැන්න සහතිකයේ ඔහුගේ නම සඳහන් වූයේ සින්නසුවාමි සුබ්බරමණිය බාරතී යනුවෙනි. භාරතීගේ වංශය බ‍්‍රාහ්මණ ය; ජාතිය දෙමළ ය; ආගම හින්දු ය. බි‍්‍රතාන්‍ය යටත් විජිතයෙහි ප‍්‍රාදේශීය පාලකයන් වූයේ ඉන්දීය සමින්දාර්වරුන් ය. භාරතීගේ පියා වූ සින්නසාමි අය්යර් සේවය කළේ එට්ටයපුරම් සමින්දාර්වරයාගේ රාජ සභාවේ ය. සින්නසාමි බ‍්‍රාහ්මණ වංශික වියතෙකි; ව්‍යාපාරිකයෙකි. එට්ටයපුරම්හි මුල්ම රෙදිමෝල ආරම්භ කරන්ට යෙදුණේ ඔහු විසිනි. භාරතීගේ මව, ලක්ෂ්මී අම්මාල් ගෘහණියක වූවා ය. මෙම දෙමහල්ලෝ සිය කුඩා දරුවා ඉංගී‍්‍රසි මාධ්‍ය පාසලක් වූ තිරුනෙල්වේලියේ එම්. ඞී. ටී. හින්දු විද්‍යාලයට ඇතුළත් කළහ. ඔහු එහිදී 9 වැනි ශ්‍රේණිය දක්වා අකුරු කළේය. භාරතී ඉගෙනීමට දක්ෂයෙක් විය. පුත‍්‍රයාගේ පැවැත්ම සම්බන්ධව දැඩි නීති රීති පැනවූ පියාට වුවමනා වී තිබුණේ භාරතී ඉංගී‍්‍රසි භාෂා උගතකු, ගණිතයෙහි ප‍්‍රවීණයකු හෝ ඉංජිනේරුවකු කිරීමටය. භාරතී පාසල් සමයෙහි පටන් කවියටත් ගීතයටත් සංගීතයටත් පි‍්‍රය කළේය. භාරතී, බරණැස හින්දු විද්‍යාලයේ දී සංස්කෘත, හින්දි සහ ඉංගී‍්‍රසි යන භාෂාත‍්‍රය පිළිබඳ හසල දැනුමක් ලබාගෙන මැටි‍්‍රක්‍යුලේෂන් විභාගයෙන් ද සමත් විය.

තලප්පාව සහිත මහා කවියා
මහා කවි භාරතීගේ අත්අකුරු

චෙන්නෛහි ඉතා ජනපි‍්‍රය දිනපතා පුවත්පතක් වූ ‘ස්වදේශමිත‍්‍රන්’ හි කර්තෘ ජී. සුබ‍්‍රමණියා අය්යර් විසින් 1904 දී භාරතී උපකර්තෘවරයකු වශයෙන් සිය පුවත්පතට බඳවා ගන්නා ලදී. භාරතී තුළ ඉන්දීය ජාතික නිදහස් සටන පිළිබඳ හැඟීම් මෝදු වෙමින් තිබුණේ ය. සිය හැඟීම් පළ කරන්ට ‘ස්වදේශමිත‍්‍රන්’ හි ඇති ඉඩකඩ සීමාසහිත බව දුටු භාරතී එයින් අස්වී ‘චක‍්‍රවර්තිනී’ නමැති සඟරාවේ කර්තෘ ධුරය භාර ගත්තේ ය. ඉන්දීය ජාතික නිදහස් සටනේ දිව්‍ය මන්ත‍්‍රය වූ ‘චන්දේ මාතරම්’ නමැති බංකිම්චන්ද්‍ර චැටර්ජිගේ ගේය කාව්‍යය දෙමළ බසට පරිවර්තනය කළ භාරතී එය ‘චක‍්‍රවර්තිනී’ සඟරාවේ පළ කළේය.

 මෙ සමයෙහි දී භාරතී, සිය බාහිර ස්වරූපය වෙනස් කර ගත්තේ ය. ඔහු උඩු රැවුලක් වවන්ට විය. හිසෙහි තලප්පාවක් (turban) බැඳ ගත්තේ ය. එම තලප්පාව ඔහුට කෙතරම් අනන්‍ය වී ද යත් ජනයා ඔහුට ‘මුණ්ඩාසු කවිඥර්’ එනම්, ‘තලප්පාව සහිත කවියා’ යැයි ආමන්ත‍්‍රණය කරන්ට පටන් ගත්හ. ජීවිතයෙහි අවසන් අදියරෙහි, එනම් 1919 මාර්තු මාසයේ දී චෙන්නෛ නුවර රාජගෝපාලාචාරීන්ගේ නිවසට පැමිණි මහත්මා ගාන්ධි මුණගැසීමේ මහඟු අවස්ථාව භාරතීට හිමි විය.

 භාරතී ටි‍්‍රප්ලිකේන්හි පිහිටි පර්තසාරතී කෝවිලට නිතර යන්ට පුරුදුව සිටියේ ය. යාචකයකු වැනි වූ ඔහු කිසිවෙක් හඳුනා නො ගත්තේය. ඔහු කෝවිලේ ඇතකුට දිනපතා ආහාර දීමට පුරුදු වී සිටියේ ය. ඇතා මද කිපී සිටි දිනක ද ඔහු ආහාර දීම සඳහා ළං විය. ඇතා පහර දුන්නේ ය. ඇතා ඔහු පාගා දමන්ට පෙර ඉවතට ඇද ගන්නා ලද්දේ කෝවිලේ වෛෂ්ණව බ‍්‍රාහ්මණයකු විසිනි. අසාධ්‍ය ලෙස ගිලන් වූ භාරතී 1921 සැප්තැම්බර් 11 වැනි දා අලූයම 01ට අවසන් හුස්ම හෙළුවේ ය. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 39 කි. භාරතීගේ මළගමට පැමිණ සිටියේ මිනිසුන් 14 දෙනකු පමණි.

 භාරතී උපන්නේ වසර දහස් ගණනකට අඛණ්ඩ සහ අවිච්ඡීන්න සාහිත්‍ය සම්ප‍්‍රදායකට උරුමකම් කියූ තමිල්නාඩු පොළොවෙහි ය.

 භාරතී උපදින්නට පෙර සුවිශිෂ්ට දෙමළ පද්‍ය කාව්‍ය සාහිත්‍යයක් බිහි වී තිබුණේ ය. තිරුවල්ලූවර් කවියා ‘තිරුක්කුරල්’ නම් අමරණීය සදුක්ති කාව්‍ය ග‍්‍රන්ථය රචනා කර තිබිණ; ඉලංගෝ අඩිගල් කවියා ‘සිලප්පදිකාරම්’ නමැති රමණීය වීර කාව්‍යය රචනා කර තිබිණ; ‘රාමායණය’ ප‍්‍රතිරචනය කළ කම්බන් කවියා කවිත්වය විසින් වාල්මීකි ද සමතික‍්‍රමණය කළේ ය. එවන් මහාකවීන්ගේ අනුප‍්‍රාප්තිකයා වූ භාරතී, දෙමළ මහාකවියා බවට පත් වීමෙන් පෙනෙන්නේ ඔහු සතුව පැවති ප‍්‍රගල්භ ප‍්‍රතිභාව යි.

 භාරතී දෙමළ සාහිත්‍ය ඉතිහාසයේ ප‍්‍රථම වරට දෙමළ කවිය වෙත ඉංගී‍්‍රසි කවියේ ගුණ සුවඳ ගෙන ආවේ ය. භාරතී මවුබස තරමට ම ඉංගී‍්‍රසි බස ප‍්‍රගුණ කර තිබිණ. ඉංගී‍්‍රසි පුවත්පත් සහ සඟරාවල කර්තෘත්වය හෙබවීමට ඔහුට හැකි වූයේ එබැවිනි. දෙමළ ජනයා යකඩ සපත්තුවෙන් පාගා චප්ප කර දමමින් උන් ඉංගී‍්‍රසීන් පිළිකුල් කළත් භාරතී ඉංගී‍්‍රසි භාෂාවටත් ඉංගී‍්‍රසි සාහිත්‍යයටත් ආලය කළේ ය.

 භාරතීගේ පද්‍යකාව්‍යවලට ගීතාත්මක බව සහ සෞන්දර්යාත්මක බව ආදේශ වූයේ ඉංගී‍්‍රසි රොමැන්ටික් කවීන්ගේ නිර්මාණ ඔස්සේ යැයි මහාචාර්ය කේ. කෛලාශපති පවසන්නේ ය. (On Bharathi, 1987, Madras, p. 46) බයිරන්, ෂෙලී, කීට්ස්, ටෙනිසන් වර්ඞ්ස්වර්ත් යනු රොමැන්ටික් කවීන් කිහිප දෙනෙකි.

 භාරතී සොබාදහම ගැන ලියද්දී වර්ඞ්ස්වර්ත්ගෙන් ආභාසය ලැබී ය. වර්ඞ්ස්වර්ත් සොබාදහමෙහි බැතිමතකු වූයේ යම් සේ ද එසේ මහ භාරතී ද සොබාදහමෙහි බැතිමතෙක් වීය. භාරතීගේ ‘කුයිල් පාට්ටු’ කීට්ස්ගේ ode to a nightingale අනුව ගිය පද්‍ය කාව්‍යයක් බව පැවසේ. මෙම කවි පංති දෙකෙහි ම කොවුලා සුන්දරත්වයේ සහ සත්‍යයේ සංකේත ලෙස භාවිතා කර තිබේ. ඉංගී‍්‍රසි නිදහස් කවියෙහි (free Verse) ප‍්‍රණේතෘවරයා වූයේ වෝල්ට් විට්මන් ය. ඔහු සකලවිධ ඡන්දස් නියමයන්ගෙන් ඉංගී‍්‍රසි කවිය මුදා ගත්තේ ය. ඒ නිසා ඔහු නිදහසේ කවියා (Poet of Democracy)  ද විය. භාරතී ද දෙමළ ඡුන්දස් ශාස්ත‍්‍රයෙන් දෙමළ කවිය මුවා ගැනීම සඳහා විට්මන්ගේ ආභාසය ලැබුවේ ය. දෙමළ සමාජයට විට්මන් හඳුන්වා දීම සඳහා ‘කට්ටුෙරෙකල් වෝල්ට් විට්මන්’ (වෝල්ට් විට්මන් අනාවරණය) යනුවෙන් ලිපියක් ද ලිවී ය. විට්මන් ආභාසයෙන් භාරතී දෙමළ නිදහස් කවිය නිර්මාණය කළ ද කවියෙහි රිද්මය සපුරා අත්හළේ නැත.

 ෂෙලී, භාරතීට තදින් ම බලපෑ රොමැන්ටික් කවියා ය. ෂෙලී මෙන් ම භාරතී ද දෙවියන්ගේ රජදහනක් මිහි පිට මැවීමට තැත් කළ අතර තම කවියෙහි බලමහිමයෙන් ලොව කුරිරුකම් පරාජය වී සුන්දරත්වය සහ සත්‍යය මේ මහපොළොවෙහි ස්ථාපිත වෙතියි විශ්වාස කළේ ය. විචාරකයන් පවසන්නේ ‘භාරතී, ෂෙලීගේ දෙවොලේ බැතිමතකු සේ සැරිසරා ඇති බව’යි. ෂෙලී – භාරතී රචනා අතර අන්‍යොන්‍ය වශයෙන් පවතින සමානකම් රැුසක් විචාරකයන් විසින් පෙන්වා දෙනු ලැබ ඇත. මතු දැක්වෙනුයේ එයින් කිහිපයකි. ෂෙලීගේ Ode to the West Wind හි ආ මතු දැක්වෙන අදහස්

 දල්ලක් කොළයක් වලාකුළක් සේ

 අහෝ මා ඔසවන්න!

 නැතහොත් මගේ ජීවිතය

 කටු මතට වැටෙනු ඇත

 ලේ ගලනු ඇත.

 සමකාලීන ඉන්දීය කවීන් අතුරින් භාරතීගේ කවි සමාන වූයේ මලයාලම් බසින් කවි ලියූ කේරළ කවියකු වන කුමාරන් අසා:‘*න්ගේ කවියට බව විචාරක මතය වේ. ඔවුන්ගේ නිර්මාණ එකිනෙකාට බලපෑවේ නැත. එහෙත් ඔවුන්ගේ සිතුවිලි, කි‍්‍රයාකාරකම් සමාන විය. එබැවින් ඔවුන් සසඳමින් දෙමළ විද්වතුන් ලිපි රාශියක් ලියා තිබේ. දෙමළ රොමැන්ටික් කාව්‍ය ව්‍යාපාරයෙහි පුරෝගාමියා භාරතී වූයේ යම් සේ ද එසේ ම මලයාලම් රොමැන්ටික් කාව්‍ය ව්‍යාපාරයෙහි පුරෝගාමියා වූයේ අසා:‘*න් ය.

 භාරතී සහ අසා:‘*න් යන දෙදෙනා ම රවීන්ද්‍රනාත්

 තාගෝර්ට අප‍්‍රමාණ ගෞරවයක් දැක්වූහ. භාරතී, තාගෝර් හැඳින්වූයේ ‘ජගත් ගුරු’ කියා ය. 1917-1920 කාලයේ භාරතී, තාගෝර් කෘති රැුසක් දෙමළට පරිවර්තනය කළේ ය.

 තාගෝර් ගැන ‘දිව්‍ය කෝකිලම්’ නමින් කවි පන්තියක් රචනා කළ අසා:‘*න්, 1922 කේරළයට පැමිණි අවස්ථාවේදී ඔහු ඉදිරියෙහි ඒ කවි පෙළ ගායනා කළේ ය.

 තාගෝර් – භාරතී දෙදෙනාට ම කවිය පූජනීය මාධ්‍යයක් විය. ඔවුන්ට කවිය යාඥා විධියකි; මන්ත‍්‍රයකි; ආත්මාවබෝධය ලබා ගැනීමේ ක‍්‍රමයකි.

 1919 – 1948, මහත්මා ගාන්ධි යටතේ සංවිධානය වූ ඉන්දීය ජනතා නිදහස් සටනේ අතිශය උණුසුම් කාල පරිච්ෙඡ්දය විය. සිවිල් නීති කඩ කිරීම, අධිරාජ්‍යවාදී නම්බුනාම ප‍්‍රතික්ෂේප කිරීම, අධිරාජ්‍යවාදී ව්‍යවස්ථාදායක මණ්ඩල, අධිකරණ ශාලා සහ අධ්‍යාපන ආයතන වර්ජනය කිරීම ආදී විප්ලවීය ව්‍යාපාරවල උණුසුම ඉන්දියාවේ සතර දිග් භාගයට දැනෙන්නට විය. මේ නිදහස් කාහල නාදය ඉන්දීය කවිය තුළ ද දෝංකාර දුන්නේ ය.

 රවීන්ද්‍රනාත් තාගෝර්, වංග බසින් ද වල්ලතෝල්, මලයාලම් බසින් ද ද්විවේදී, හින්දි බසින් ද ඉක්බාල්, උර්දු බසින් ද මහ්ජූර්, කාශ්මීරි බසින් ද භාය්වීරසිං, පංජාබ් බසින් ද කේශ්වසුද්ද, මරාති බසින් ද නිදහස් සටන පණ ගන්වද්දී භාරතී දෙමළ බසින් කවි ලියමින් දෙමළ ජනයා පුබුදු කළේ ය. භාරතී දෙමළ ප‍්‍රජාවගේ විප්ලවීය චින්තනයේ සංකේතය විය. ඔහු දෙමළ සංස්කෘතියේ පුනරුදයක් ඇති කරමින් සිටියේ ය; නිද්‍රෝපගත දෙමළ ජනයා දේශපාලනය කරා කැඳවමින් සිටියේ ය.

 භාරතීගේ ජාතික හැඟීම් නිර්භය විය; සෘජු විය. ඒවා දීර්ඝ කාලීන විදේශාධිපත්‍යයකින් පීඩිත ව සිටින්නකු තුළ පහළවන අදහස් ය. ඒ වනාහි විදේශීයන් අන්ධ ලෙස අනුකරණය කළ යුගයකි. භාරතී, බොහෝ ජුගුප්සාජනක දේ දුටුවේ ය. ඒ, ධනයට – බලයට – කුලයට ගැති වීම, මිථ්‍යා විශ්වාසවල එල්බ ගැනීම, මව්බසට නිගරු කිරීම ආදියයි. ඒවාට එරෙහි වූ ජී. කේ. ගොඛලේ, එල්. එම්. තිලක්, වී. ඕ. චිදම්බරම් ආදීන්ගේ චින්තනය භාරතීට බලපෑවේය. බි‍්‍රතාන්‍යයන් පලවා හැරිය හැකි වන්නේ ඔවුන්ට එරෙහ ව පොදු ජනතාව අවදි කිරීමෙන් පමණක් බව භාරතී වටහා ගෙන තිබිණ. ඔහු ඒ සඳහා කවි සහ ගීත රාශියක් රචනා කළේ ය.

 (සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා විසින් රචිත ”දෙමළ මහා කවි භාරතී” කෘතියෙහි ඇතුළත් කරුණු ඇසුරෙන් සකස් කරන ලද සංක්ෂිප්ත ලිපියකි.)

තලප්පාව සහිත මහා කවියා
භාරතී සිය බිරිඳ වෙල්ලම්මාල් සමඟ

දෙමළ මහා කවි භාරතී නමින් සඳහන් සිය ග‍්‍රන්ථය පිණිස අධ්‍යාශය සහ අනුමෝදනාව සටහන් කර සිටින සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන් එහිලා පහත සඳහන් ප‍්‍රකාශය ඉදිරිපත් කොට ඇත.

 ”මහා කවි භාරතී සියවස” යන මාතෘකාව යටතේ මුල්වරට සිංහල පාඨකයන්ට භාරතීගේ කවි හඳුන්වාදීමේ ගෞරවය හිමි වන්නේ ශ‍්‍රී ලංකා ප‍්‍රගතිශීලී ලේඛක සංගමයටය; එහි ප‍්‍රධාන ලේකම් පේ‍්‍රම්ජී ඥාණසුන්දරම් මහතාටය. ඔවුන් විසින් 1982 දී මහා කවි භාරතී සියවස් සමරුව නිමිත්තෙන් ”භාරතී පද්‍ය” නම් කුඩා කෘතියක් පළ කරන ලදී. එවක රුපියල් විස්සකට මා විසින් මිල දී ගන්නට යෙදුණු එම කෘතිය මගේ පොත් රාක්කයේ තිබිණ. එ දවස එය කියවන්නට තරම්වත් උනන්දුවක් මා තුළ තිබුණේ නැත. මා භාරතී හඳුනාගන්නේ 1989 දීය; තමිල්නාඩු ප‍්‍රාන්තයේ දී සහ පොණ්ඩිචෙරි කොලනියේ දී ය. මැරීනා බීච් හී ප‍්‍රතිමාවකි. පාර්ලිමේන්තුව අභියස තවත් ප‍්‍රතිමාවකි. තමිල්නාඩු එට්ටයපුරම්හී කෞතුකාගාරයකි. පොණ්ඩිචෙරි ඊශ්වරන් කෝවිල් පාරේ තවත් කෞතුකාගාරයකි. ජනතාවගේ මේ සා බුහුමනට, ආදර ගෞරවයට පාත‍්‍ර වූ කවියා කවරෙක්ද? 1982 පටන් මගේ පොත් රාක්කයේ උන් භාරතීය. මම භාරතී ගැන සොයන්නට පටන් ගතිමි. චෙන්නෛ නුවර පොත් සාප්පුවල වරු ගණන් රස්තියාදු වෙද්දී භාරතීය ගේ කවි එකතු සහ භාරතී ගැන රචිත ලිපි එකතු රාශියක් සොයාගත හැකි විය. දෙමළෙන් සහ ඉංග‍්‍රීසියෙන් භාරතී ගැන ප‍්‍රාමාණික කෘති ගණනාවක් පළ කර තිබුණේ මා යාපනය විශ්වවිද්‍යාලයේ උගන්වන කාලයේ එහි උප කුලපති ධුරය දැරූ මහාචාර්ය කෛලාශ පති නමැති මහා පඬිවරයාය. ”භාරතී පද්‍ය” සංස්කාරකවරුන් සිය කෘතිය පිළිගන්වා තිබුණේද කෛලාශපති නාමයට ය.

 සංස්කරණය – රුවන් ජයවර්ධන

advertistmentadvertistment