තල් ලොක්කා දූෂිතයි කියමින් යාපනයේ විරෝධතා

426

සේවකයෝ ජනපතිටත් ලියති

ජනාධිපතිවරයා විසින් තල් සංවර්ධන මණ්ඩලයේ නව සභාපතිවරයා වශයෙන් පත් කළ පුද්ගලයා දූෂිත පුද්ගලයකු බව කියමින් තල් සංවර්ධන මණ්ඩලයේ යාපනය කාර්යාලයේ සේවක සේවිකාවෝ 6 දා යාපනයේදී විරෝධතාවයක නිරත වූහ.

තල් සංවර්ධන මණ්ඩලය සඳහා එක් සතියක් ඇතුළතදී සභාපතිවරුන් දෙදෙනකු පත් කිරීමට ජනාධිපතිවරයාට සිදු වූ අතර දෙවනි වරට පත්කරන ලද තැනැත්තා දූෂිත පුද්ගලයකු මෙන්ම සමාජ විරෝධී ක්‍රියා ගණනාවකට සම්බන්ධ අයකු බවට ද යාපනයේ තල් සංවර්ධන මණ්ඩලයේ සේවක සේවිකාවෝ චෝදනා කළහ. වහාම ජනාධිපතිවරයා විසින් ඔහු ඉවත් කළ යුතු බව කියමින් විරෝධාතාකරුවෝ ජනාධිපතිවරයාට ලිපියක් යැවීමට ද කටයුතු කළහ. දෙවනි වරට පත් කළ පුද්ගලයාගේ ජීවිතයේ ඉතිහාසය සොයා බලන ලෙසත් එම ලිපියේ සඳහන් කර ඇත.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment