තලිබාන් අන්තවාදීන් හසාරා ප‍්‍රජාවට අයත් පිරිමින් 09 දෙනකු මරා දැමූ බවට චෝදනා

807

ඇෆ්ගනිස්ථානයේ පාලන බලය අල්ලා ගත් පසු හිංසනයෙන් තොර පිළිවෙතක් අනුගමනය කරමින් සිටින තලිබාන් අන්තවාදීන් විසින් ඉකුත් ජුලි මස 4 වැනිදා සිට 06 වැනිදා දක්වා කාලය තුළදී එරට සුළු ජන කොටසක් වන ‘හසාරා’ ප‍්‍රජාවට අයත් පිරිමි පුද්ගලයන් 9 දෙනෙකුට දරුණු වධ හිංසා දී මරා දමා ඇති බව ඇම්නෙස්ට් ජාත්‍යන්තර මානුෂීය සංවිධානය පවසයි. ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර ගාස්නි පළාතේ පිහිටි ‘මලිස්ටාන්’ දිස්ත‍්‍රික්කයේදී මෙම මිනීමැරුම් සිදුව ඇති බව පෙරේදා (19දා* දිනයේ එම සංවිධානය විසින් නිකුත් කර තිබූ වාර්තාවක සඳහන් කර තිබේ.

තලිබාන් අන්තවාදීන් හසාරා ප‍්‍රජාවට අයත් පිරිමින් 09 දෙනකු මරා දැමූ බවට චෝදනා


‘හසාරා’ ප‍්‍රජාව ඇෆ්ගනිස්ථානයේ තුන්වැනි විශාල සුළු ජන කොටස වන අතර ඉකුත් සතිවල ඇෆ්ගන් රජයේ හමුදාව හා තලිබාන් අන්තවාදීන් අතර සටන් පැවතියදී ‘ගාස්නි’ පළාතේ වෙසෙන එම ප‍්‍රජාවට අයත් වැසියන් අසළ පිහිටි කඳුකර ප‍්‍රදේශයකට පැන ගොස් සිටි අතර ඔවුන් පසුව නැවත සිය නිවෙස් වෙත පැමිණෙන විට තලිබාන් අන්තවාදීන් විසින් ඔවුන්ගේ නිවෙස් කොල්ල කා තිබූ බවද වාර්තා වී ඇත. රටේ පාලන බලය අල්ලා ගත් පසු තමන් සාමකාමී කණ්ඩායමක් බව ලෝකයාට ඇඟවීමට තලිබාන් අන්තවාදීන් විසින් උත්සාහ දැරුවද ඔවුන්ගේ සැබෑ ස්වරූපය මෙම මිනීමැරුම්වලින් පෙන්නුම් කෙරෙන බව විචාරකයෝ පවසති. මරා දමා ඇති පුද්ගලයන්ගෙන් 06 දෙනෙකුම මරා දමා ඇත්තේ හිසට වෙඩි තැබීමෙන් බව වාර්තා වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment