තලෙයිබාන් – අයිසිස් මත්ද්‍රව්‍ය ජාලය මර්දනයට ඒකාබද්ධ මෙහෙයුමක්

246

තලෙයිබාන් සහ අයිසිස් මත්ද්‍රව්‍ය ජාලය මර්දනය කිරීම සඳහා ඉන්දියාව, ශ‍්‍රී ලංකාව සහ මාලදිවයින ඒකාබද්ධව මෙහෙයුම් ත‍්‍රිියාත්මක කිරීමට තීරණය කර ඇතැයි ඉන්දීය නාවික හමුදාපති අද්මිරාල් කරට්බීර් සිං හෙළිකර ඇත. ‘‘ඉහත කී ත‍්‍රස්ත සංවිධානවල ආදායම් මාර්ගය නතර වෙලා. මේ නිසා ඔවුන් මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවනවා’’ යැයි හෙතෙම අනාවරණය කළේය.

ඒ නිසා අයිසිස් තාලිබාන් මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය කිරීමට අදාළ මෙහෙයුම් සඳහා පුහුණුකිරීම්වලට ඉන්දීය නාවික හමුදාව කටයුතු කරයි. මෙම ත‍්‍රස්තවාදී මත්ද්‍රව්‍ය ජාලය මාක‍්‍රාන් වෙළෙඳ කලාපයේ සිට නැගෙනහිර අප‍්‍රිකාව වෙත යන බව ද ඔහු පළ කරනු ඇත.

මේ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ බෝට්ටු පැමිණෙන බවට තොරතුරු ලත් විගස ශ‍්‍රී ලංකාව, මාලදිවයින යන රටවල සහායෙන් ක‍්‍රියාන්විත මෙහෙයුම් ක‍්‍රියාත්මක කෙරෙන බව ඉන්දීය නාවික හමුදාතිවරයා දන්වා තිබේ.

ශ‍්‍රී ලංකාව බලගතු ත‍්‍රස්ත සංවිධානයක් පරාජය කළා. ඒ නිසා ශ‍්‍රී ලංකාවේ සහය අවශ්‍ය යැයි හෙතෙම කීවේය.

ගෝවේ සමුද්‍ර සමුළුව අමතමින් ඔහු මේ බැව් හෙළිකර ඇත.

ගතවූ කාලය තුළ ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව එම මත්ද්‍රව්‍ය ජාලයට අයත් බෝට්ටු 12 ක් අල්ලාගෙන තිබුණි.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment