තලෙයිබාන් රජය මුස්ලිම් උත්සවයක් තහනම් කරයි

178

ඇෆ්ගනිස්ථාන තලෙයිබාන් පාලනය විසින් මුස්ලිම් ජනතාව සමරන නවුරූස් උත්සවය සැමරීම තහනම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව මධ්‍යම දයිකුන්ඩි ප්‍රදේශයේ ජනතාව වසන්තයේ උදාව ලෙස සමරනු ලැබූ මෙම උත්සවය මෙවරත් සැමරීම තහනම් වී ඇත. එම තහනමට පිටින් උත්සවය සමරනු ලැබුවහොත් ඊට දඩුවම් විදීමට සිදුවන බව ද දැනුම්දී තිබේ. මේ සම්බන්ධයෙන් ඇෆ්ගනිස්ථානයේ ආගමික කටයුතු අමාත්‍යාංශය දයිකුන්ඩි හි මුස්ලිම් පල්ලි 35ක් වෙත ගොස් පවසා ඇත්තේ මෙය බටහිර ගැති උත්සවයක් බවය.නමුත් ඇෆ්ගනිස්ථානයේ සියා සහ සුන්නි මුස්ලිම් ජනතාව, ඉරාන ය, මධ්‍යම ආසියාවේ සහ මැදපෙරදිග රටවල මුස්ලිම් ජනතාව විසින් වසර තුන්දහසකට පෙර සිට මෙම උත්සවය සමරනු ලබයි.ඒ සදහා ප්‍රසිද්ධ නිවාඩු දිනයක් ද එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම්කර ඇත.මීට පෙරද තලෙයිබාන් පාලනය විසින් 1996සිට 2001 පාලන කාලය තුළ මෙම උත්සවය සැමරීම තහනම් කර තිබේ. ඇ

advertistmentadvertistment
advertistmentadvertistment