තලෙයිමන්නාරමට ගිය දුම්රිය වනගත ප්‍රදේශයක නතර වීමෙන් මගීන්ට දැඩි දුෂ්කරතා

949

මැදවච්චියේ සිට තලෙයිමන්නාරම දක්වා ධාවනය වූ දුම්රිය එන්ජිමක හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් නිසා එම දුම්රිය වවුනියාවේ ආණ්ඩියාපුලියන්කුලම ගම්මානයේ පිහිටි වනගත ප්‍රදේශයක පෙරේදා (15 දා) නතර වී තිබේ.දුම්රියේ ගමන් කළ මඟීන් මේ ප්‍රශ්නය නිසා දැඩි දුෂ්කරතාවකට මුහුණ පෑ අතර ඔවුන් විශාල දුරක් පයින් ගොස් බස් රථවල නැඟී මන්නාරමට ගොස් තිබේ.ක්‍රියා විරහිත වූ එන්ජිම යථා තත්ත්වයට පත් කිරීම සඳහා අනුරාධපුරයේ සිට ඉංජිනේරු කණ්ඩායමක් දුම්රිය නතර වී ඇති ආණ්ඩියාපුලියන්කුලම ප්‍රදේශයට පැමිණ තිබේ. නතරවූ දුම්රිය නිසා මැදවච්චියේ සිට මන්නාරමට දුම්රිය ධාවනය කරවීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment