තලේබාන් භීෂණය මැද ඇෆ්ගන් විලාපය

1172

තලේබාන් සංවිධානය කාබුල් පාලනය අල්ලා ගැනීමෙන් පසුව ජීවිතාරක්ෂාව පතා ඇමෙරිකානු ගුවන් හමුදා යානයක තෙරපී සිරවී සාඩින් ටින් එකක මාළු මෙන් ඇෆ්ගනිස්තානයෙන් පලා යන ඇෆ්ගන් සරණාගතයන් පිරිසකගේ පළමු ඡුායාරූප බි‍්‍රතාන්‍ය ඬේලි මේල් පුවත්පතේ පළකර තිබිණි. ගුවන් යානයක මෙපමණ පිරිසක් හිරවී ගමන් කළ පළමු අවස්ථාවද මෙය විය හැකිය. ඉරිදා කාබුල් සිට කටාර් දක්වා පියාසර කළ ඇමෙරිකානු ගුවන් හමුදාවට අයත් සී – 17 ගුවන් යානයෙන් ගමන් කළ මෙම පිරිස දැන් කටාර් හි ගොඩබැස ඇත. ඉරිදා පස්වරුවේ මෙම යානය ගුවන්ගත වීමට සූදානම් වන විට, බියට පත් ඇෆ්ගනිස්ථාන වැසියන් සිය ගණනක් ගුවන් යානය වෙත දිව ගොස් එයට බලහත්කාරයෙන් මෙන් ගොඩවී ඇත්තේ ඔවුනට රටින් පිටවීම හැර අන් විකල්පයක් නොමැති නිසාය. තලේබාන්වරුන් අතින් මරණයට පත්වීමට වඩා ගුවන් යානයක තට්ටේ එල්ලී යෑම වඩා සැප යැයි සිතන පිරිස් සිටින බව කාබුල් නුවර හමීඞ් කාර්සායි ගුවන්තොටුපළෙන් ලැබෙන දර්ශන අනුව පෙනී යයි. එලෙස ඇමෙරිකානු ගුවන් යානාවල එල්ලී යෑමට උත්සාහ කළ කිහිපදෙනෙක් අහසින් පොළොවට පතිත වන දර්ශන සැබැවින්ම ලෝකවාසීන් කම්පනය කර ඇත.

 ඉරිදා දිනයේ මෙම ඇමෙරිකානු භාණ්ඩ ප‍්‍රවාහන යානයට ඇෆ්ගන් වැසියන් කාන්තාවන් සහ කුඩා දරුවන් ඇතුළුව ගුවන් යානය සිය ගණනක් ඇතුළු අතර මානුෂික හේතූන් මත සියලූ දෙනා රැුගෙන කාර්ය මණ්ඩලය යෑමට තීරණය කළ බව ඇමෙරිකානු ආරක්ෂක නිලධාරියකු පවසා තිබේ. මෙහි ඇෆ්ගනිස්ථානයේ සිවිල් වැසියන් 640 ක් පමණ සිටි බවත් ඔවුන් ගමනාන්තය වෙත පැමිණ ඇති බවත් එම නිලධාරියා වැඩිදුරටත් ස`දහන් කර තිබේ. මුලදී, ගුවන් යානයේ සිටි ගුවන් ප‍්‍රවාහන පාලකයකු පවසා තිබුණේ එහි 800 පමණ පිරිසක් සිටින බවය. නමුත් ගමනාන්තයේදී සිදු කළ ගණනය කිරීම් අනුව මෙම පිරිස 640ක් බව තහවුරු වී ඇත. මෙවැනි යානයක සොල්දාදුවන් 150 දෙනකු පහසුවෙන් ගමන් කළ හැකි පරිදි පහසුකම් සලසා ඇති අතර කිලෝ අසූදහසකට ආසන්න බරකින් යුත් බඩු ප‍්‍රමාණයක් ද ගෙන යා හැකිය. එම නිසා මේ පිරිස අපහසුවෙන් හෝ ප‍්‍රවාහනය කළ හැකි විය. පෙන්ටගනයේ ප‍්‍රකාශක ජෝන් කර්බි පවසන්නේ දහස් ගණන් ඇෆ්ගන් ජාතිකයන් ඇතුල්වීම නිසා ගුවන් තොටුපළ තුළ අධික තදබයක් ඇතිව තිබෙන නමුත් ගුවන් තොටුපළේ තත්ත්වය ඇමෙරිකානු හමුදාවලට පාලනය කළ හැකි බවයි. එසේම කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයන් දෙදෙනකු වෙඩිතබා ඝාතනය කර ඇති බවත් ජෝන් කර්බි කියයි.

තලේබාන් භීෂණය මැද ඇෆ්ගන් විලාපය

ඉදිරි දින 30 ඇතුළත තලේබාන් ත‍්‍රස්තවාදීන් කාබුල් අගනුවර වට කරනු ඇති බවත්, දින 90 ක් යෑමට පෙර, අගනුවර සම්පූර්ණ බලය ඔවුන් අතට පත් වනු ඇති බවත් ඇමෙරිකන් බුද්ධි අංශ අනතුරු ඇඟවීම් කර තිබුණේ මීට සතියකට පමණ පෙරය. නමුත් ඉකුත් ඉරිදා කාබුල් ජනපති මන්දිරයේ සිට තලේබාන් නායකයෝ ඉස්ලාමික එමීරය ප‍්‍රකාශයට පත්කරන විට පෙන්ටගනය සලිත විය. ඇමෙරිකානු ජනපතිවරයාට සැ`ගවෙන්නට තැන් සොයාගත නොහැකි විය. පසුගිය අපේ‍්‍රල් මාසයේදී විශේෂ ප‍්‍රකාශයක් කළ ජනාධිපති ජෝ බයිඩන් ‘‘වෙනත් රටක නිමක් නැති සිවිල් ගැටුමක ඇති ඇමෙරිකානු මැදිහත්වීම” සාධාරණීකරණය කළ නොහැකි බව පවසමින් ඇමෙරිකානු හමුදා ඉන් ඉවත් කර ගැනීම වෙනුවෙන් පෙනී සිටියේය. ඇෆ්ගනිස්ථානයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය නිල වශයෙන් ඉවත් වීමේ දිනය ලෙස අගෝස්තු 31 ස`දහන් කර තිබුනත් එයට සති දෙකකට පෙරම තලේබාන් සංවිධානය කාබුල්හි ජනාධිපති මන්දිරයේ හිඳගත් අතර 2001 දී අහිමි වූ පාලනය පහසුවෙන්ම අත්කරගෙන තිබේ. ඩොලර් ටි‍්‍රලියන 2 ක් සහ ආසන්න වශයෙන් එක්සත් ජනපදයේ ජීවිත 2,500 ක් බිලිදී ඇමෙරිකාව ලබාගත් ජය කුමක්ද? එය ඔවුනට බලවත් අවමානයකි. යළි ඇෆ්ගනිස්තානය තලේබාන්වරුන් අතට පත්වීම තුළින්ම ජනපති බයිඩන් ගේ නොසැලකිලිමත්කම හා ඔහුගේ පරිපාලනයේ පළමු අසාර්ථකත්වය පැහැදිලිව හෙළිකරන බව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත පවසයි. එහෙත් ඇමෙරිකානු ජනපතිවරයා ස`දුදා දිනයේ පවසා ඇත්තේ ඇෆ්ගනිස්ථානයෙන් එක්සත් ජනපද හමුදාව ඉවත් කර ගැනීමට ගත් තීරණය තමා දැනුත් අනුමත කරන බවයි.

තලේබාන් භීෂණය මැද ඇෆ්ගන් විලාපය
කාබුල් නුවර තලේබාන් බලය

එහෙත් බි‍්‍රතාන්‍ය ආරක්ෂක ලේකම් බෙන් වොලස් පවසන්නේ ඇෆ්ගනිස්ථානය තලේබාන් සංවිධානය විසින් අත්පත් කර ගැනීම හරහා ‘‘ජාත්‍යන්තර ප‍්‍රජාවේ අසාර්ථකත්වය” පැහැදිලිව පෙන්නුම් කරන අතර කාබුල් නුවරට සිදු කළ බටහිරයන්ගේ මැදිහත්වීම සම්පූර්ණ වී නැති බවත් එය බාගෙට නිමකළ කාර්යක් හා සමාන බවයි. එහෙත් චීනය පවසන්නේ වෙනස් කතාවකි. තලේබාන් පාලනය සමඟ ‘‘මිත‍්‍රශීලී හා සහයෝගී” සබඳතා ගැඹුරු කර ගැනීමට චීනය සූදානම් එරට විදේශ අමාත්‍යාංශය ප‍්‍රකාශකයා පවසයි. රුසියාවද තලේබාන්වරුන්ට මිත‍්‍රත්වයේ හස්තය දිගු කර ඇති අතර කාබුල් නුවර රුසියානු තානාපති කාර්යාලය ආරක්ෂාව ස`දහාද තලේබාන් සාමාජිකයන් පැමිණ සිටිති. කාබුල් හි රුසියානු තානාපතිවරයා පවසා ඇත්තේ අශ්රොෆ් ඝානි ගේ පාලනයට වඩා ස්ථාවර බවක් හා ආරක්ෂාවක් තලේබාන් බලය අල්ලා ගැනීමෙන් පසු උදාවී ඇති බවයි. එසේම හිටපු ජනපතිවරයා රටින් පලා යනවිට ඔහුගේ කාර් තුනක් හා හෙළිකොප්ටරයක්ද සමග විශාල මුදල් ප‍්‍රමානයක්ද රැුගෙන ගිය බවට රුසියානු තානාපතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.

 පකිස්තානය චීනය හා රුසියාව කාබුල් ආණ්ඩුව වෙනස්වීම ගැන විරෝධයක් නොදක්වයි. ඇමෙරිකානු තලේබාන් විරෝධය රුසියාව අනුමත නොකරයි. මේ අනුව ඉදිරියේ ලෝක බල අරගලය වඩා හො`දින් ඇෆ්ගන් භූමියේ දක්නට ලැබෙනු ඇත. ඇත්තෙන්ම රුසියාව ඇෆ්ගන් තලේබාන් ව්‍යාපාරයට උදව් කරන බව ඇෆ්ගනිස්ථානයේ සිටි ඇමෙරිකානු හමුදාවේ ප‍්‍රධානියා වන ජනරාල් ජෝන් නිකොල්සන් 2018 වසරේදී පවසා තිබිණි. රුසියාව අවි ආයුධ මගින් පවා තාලේබාන් කැරලිකරුවන්ට ආධාර කරන බව ජනරාල් නිකොල්සන් වැඩිදුරටත් පවසා තිබිණි. තජිකිස්තාන් දේශසීමාව ඔස්සේ තාලේබාන් ව්‍යාපාරය සඳහා රහසිගතව අවි සැපයෙන බවත් එහෙත් එය කොපමණ ප‍්‍රමාණයකින් සිදුව ඇද්ද යන්න තමාට කිව නොහැකි බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබිණි. එසේනම් දැන් රුසියාව නව ආණ්ඩුවට විරුද්ධ නොවන බව පැහැදිලිය. වසර ගණනාවක සිට ‘‘රුසියාව ඇෆ්ගන් භූමියෙහි ඇමෙරිකාවට එරෙහිව ‘දෙවැන්නකුට’ මුවා වෙමින් කරන යුද්ධයක (a proxy war නිරත වෙමින් සිටි බව පැහැදිලිය.

 2001 ට පෙර පැවති තලේබාන් පාලන කාලයේදී කාන්තාවන්ට පාසල් යෑම හෝ නිවසින් පිටත වැඩ කිරීම තහනම් කර තිබුණු අතර ඔවුන් සියල්ලන්ම බුර්කාව පැළඳ සිටිය යුතු විය. කාන්තාවන් පිටතට යන සෑම අවස්ථාවකම පිරිමි ඥාතියකු සමඟ ගමන්කළ යුතු විය. එසේම සංගීතය තහනම් කර තිබූ අතර සොරුන්ගේ අත් කපා ද`ඩුවම් දෙන අතර ස්ත‍්‍රී දූෂකයන් ගල් ගසා මරණ ලදී. එහෙත් දැන් තලේබාන් සංස්කෘතික කොමිෂන් සභාවේ සාමාජිකයකු වන එනමුල්ලා සමන්ගානි පවසන්නේ ඉදිරියේදී රාජ්‍ය පාලනය ස`දහාද කාන්තාවන්ට එක්විය හැකි බවයි. ජනයා තම පාලනයට බියෙන් ගුවන් යානාවල එල්ලී පලා යෑමට උත්සහ කිරීම හරහා තලේබාන් මතය වෙනස්වී ඇත්ද? ඇත්ත නැත්ත ඉදිරි කාලයේදී හො`දින් බලා ගත හැකිය.

 – චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment