ප‍්‍රශ්නය – අර්ශස් වර්ග හයක් තිබෙන බව පසුගිය සතිවල ඔබ සඳහන් කළා. ඒ සමගම වාතජ අර්ශස් රෝගය ගැනත් කතා කළා.
වෛද්‍ය ඒ.ඒ.ජේ පුෂ්පකුමාර – අද මා කියන්නේ පිත්තජ අර්ශස් රෝගය ගැනයි. ශරීරයේ පිත ඇවිස්සීමෙන් මෙය හටගන්නවා.
ප‍්‍රශ්නය – මෙය හටගැනීමට හේතු මොනවාද?
වෛද්‍ය ඒ.ඒ.ජේ පුෂ්පකුමාර – අධික කසට රසයෙන් යුතු ආහාර, අධික කටුක රසයෙන් යුතු ආහාර, අධික තිත්ත රසයෙන් යුතු ආහාර, අධික වියළි ස්වභාවයෙන් යුතු ආහාර, අධික ශීතල ආහාර, අධික සැහැල්ලූ ගුණයෙන් යුතු ආහාර, අප‍්‍රමාණ ලෙස පරිහරණය කිරීම මේ රෝගයට පළමුවන හේතුවයි. ඊට අමතරව තමන්ට අවශ්‍ය ප‍්‍රමාණයට අඩුවෙන් හෝ තමන්ට අවශ්‍ය ප‍්‍රමාණයට වැඩියෙන් හෝ අහාර අනුභවයට දැඩිව පුරුදු වී සිටීම පෙරකී පළමු හේතුවට සමබන්ධ වෙනවා. දෙවනුව අධික ලෙස මත්පැන් පානය, අධික ලෙස මෛථූන්‍යයෙහි යෙදීම, ශරීරයට දැරීමට නොහැකි තරම් උපවාස කිරීම, අධික ශීත දේශගුණයන්ට නිරාවරණය වීම, අධික ශීත කාලවලට නිරාවරණය වීම, ශරීරයට දැරිය නොහැකි තරමට ව්‍යායාම්වල යෙදීම, මහත්සේ දුක් ගැනීම, හිරිපොද වලට නිතර නිරාවරණය වීම, තාපයට සහ සූර්යතාපයට නිතර නිරාවරණය වීම යනාදියත් පිත්තජ අර්ශස් රෝගය හටගැනීමට හේතු වෙනවා. මේ සියලූ රෝග කාරක වලට අමතරව අධික ක්‍රෝධ සිතුවිලි සහිතව සහ මහත් වූ ඊර්ෂ්‍යා පරවශ චිත්තයෙන් යුතුව ජීවත්වීමත් මේ රෝගය දිගටම පැවතීමට හේතුවක් වනවා.
ප‍්‍රශ්නය – පිත්තජ අර්ශස් ගෙඩිවල ස්වභාවය කුමක්ද?
වෛද්‍ය ඒ.ඒ.ජේ පුෂ්පකුමාර – මේ ඇතැම් ගෙඩියක ඉහළ කොටස නිල් පාටයි. සමහර ගෙඩි රතු පාටයි. තවත් සමහර ගෙඩි කළු පැහැතියි. මේවායේ පෘෂ්ටය මෘදුවන අතර සැරව මහත්සේ දුගඳයි. ආයුර්වේදයේ එන පරිදි මේවයේ ස්වරූපය ශුක ජීව හා සමානයි. (ගිරවකුගේ දිවේ පෙනුම හා සමානයි) සමහර පිත්තජ අර්ශස් ගෙඩි පීකුදු කැබලි හා පෙනුමින් සමාන වන අතර කූඩැල්ලන්ගේ පෙනුමගත් ගෙඩිත් ඒ අතර තිබෙනවා.
ප‍්‍රශ්නය – මෙහි රෝග ලක්ෂණ මොනවාද?

වෛද්‍ය ඒ.ඒ.ජේ පුෂ්පකුමාර – අධික දැවිල්ල, අධික වේදනාව, උණ, අධික ලෙස දහදිය දැමීම, පිපාසය, ක්ලාන්තය, ශාරීරික අපහසුතාව සිහිසුන්වීම සහ මානසික ව්‍යාකූලතාව, කහ රතු හෝ නිල් පැහැයෙන් යුතු දියාරු උණුසුම් මළ, පහ වීම. සමේ නියපොතුවල සහ ඇස්වල වර්ණය කොළ පැහැයට හුරු කහ පැහැයට හැරීම තමයි මෙහි රෝග ලක්ෂණ.
ප‍්‍රශ්නය -මෙයට කරන ප‍්‍රතිකාර මොනවාද?
වෛද්‍ය ඒ.ඒ.ජේ පුෂ්පකුමාර – අර්ශස් රෝගයට කරන ප‍්‍රතිකාර ප‍්‍රධාන මූලධර්ම හතරක් මත පදනම් වෙනවා. සැත්කම් කිරීම, ක්ෂාර යොදා අර්ශස් ගෙඩි මර්දනය කිරීම, අග්නි කර්මය, ඖෂධ යෙදීම යන මූලධර්ම හතර තමයි මෙහිදී වැදගත් වෙන්නේ. මෙහිදී අප වැඩි වශයෙන් අවධානය යොමු කරන්නේ දෙවන සහ සිව්වැනි ක‍්‍රමවේද වෙතයි.
නොමිලේ විස්තර සඳහා – 0777620948