තවත් ඔමික්‍රෝන් ආසාදිතයෝ 41ක්: ඉක්මනට බූස්ටරය ගන්න

72

මෙරටින් තවත් ඔමික්‍රෝන් ආසාදිතයන් 41දෙනකු හමු වී ඇති බව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප‍්‍රතිශක්ති සහ අසාත්මිකතා ඒකකයේ අංශ ප‍්‍රධානී වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

මෙම පිරිස සම්බන්ධව කොවිඞ් පරීක්ෂණ සාම්පල ලැබුණේ ප‍්‍රධාන වශයෙන් ගුවන්තොටුපොළ ආශ‍්‍රිත පර්යේෂණාගාරවලින් සහ ගම්පහ සහ කොළඹ නගර බල ප‍්‍රදේශවල පදිංචි පුද්ගලයන් සම්බන්ධව බව ද පැවසූ ඒ මහතා මෙම රෝගීන් සියලූ දෙනාම විදේශගතව සිට පැමිණි පුද්ගලයන් බව ද කීවේය. මෙම පිරිසත් සමග මෙරට සමස්ත ඔමික්‍රෝන් ආසාදිතයන් සංඛ්‍යාව 45ක් දක්වා ඉහළ ගොස් ඇත. එම ආසාදිතයන් සියලූ දෙනාම විදේශගතව සිට පැමිණි පුද්ගලයන්ය. මෙම තත්ත්වය පාලනය සඳහා හැකි ඉක්මනින් සියලූම දෙනා බූස්ටර් එන්නත් මාත‍්‍රාව ලබාගන්නා ලෙසට ද වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කරයි.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment