ශ‍්‍රී ලංකාව විසින් මිලදී ගත් ඇමෙරිකානු ”ෆයිසර්” එන්නත් මාත‍්‍රා 608,000 ක් 18 දින අලූයම කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙනැවිත් ඇති බව ගුවන් තොටුපළ කාර්ය භාර නිලධාරීවරයා ප‍්‍රකාශ කළේය.
ශ‍්‍රී ලංකාව විසින් මිලදී ගැනීම ස`දහා ඇනවුම් කර ඇති ”ෆයිසර්” එන්නත් මාත‍්‍රා 50 ලක්ෂයක ( මිලියන 05) ප‍්‍රමාණය අතුරින් මේ වනවිට ලක්ෂ 10 ක (මිලියන 01) එන්නත් මාත‍්‍රා තොගයක් ශ‍්‍රී ලංකාව වෙත ලැබී ඇති බව ශ‍්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී දිනූෂ දසනායක මහතා පැවසීය.
එම ඉතිරි එන්නත් ලක්ෂ 40 ක තොගයේ පළමු එන්නත් තොගය මෙලෙස කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙනැවිත් ඇති බවත් ඉතිරි එන්නත් මාත‍්‍රා තොග ද ලබන නොවැම්බර් මාසය අවසන් වීමට ප‍්‍රථම ශ‍්‍රී ලංකාවට ලැබීමට නියමිත බවත් ශ‍්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරීවරයා පැවසීය.
18 දින ගෙන ආ මෙම ”ෆයිසර්” එන්නත් තොගය, පෙට්ටි 53 ක අසුරා තිබුණි.
මේවා මුලින්ම නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර සිට ගුවන් මගින් කටාර් රාජ්‍යයේ දෝහා වෙත ගෙනැවිත් තිබුණි.
ඉන්පසුව එතැන් සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානයෙන් 18 දින අලූයම 2.15 ට කටුනායක ගුවන් තොටුපළ වෙත රැුගෙන විත් තිබුණි.
කටුනායක ටී.කේ.ජී.කපිල