තවමත් නිසි ගවේෂණයකට ලක් නොවුණු – වෙලන්ගිරිය රජමහා විහාරය

183

දෙවනපෑතිස් රජතුමා වයඹ පළාතේ ප‍්‍රධාන වාරි කර්මාන්තයක් වන දැදුරුඔයේ ගව්වෙන් ගව්වට විහාර ඉදිකළ බව ජනප‍්‍රවාද අනුව කියැවේ. දෙවනපෑතිස් රජතුමා හැරෙන්නට අතීත රජවරුන් සිද්ධස්ථාන ගණනාවක් ගොඩනඟා ඇති බව සාහිත්‍ය ග‍්‍රන්ථවල සඳහන් වේ.

 අතීතයේ වෙළෙඳුන් කණ්ඩායමක් වෙළෙඳාම් කිරීමට යන අවස්ථාවේ වෙළෙඳුන් අතෙහි තිබුණ ධාතු කරඬුවක් වෙලන් පඳුරක් මත තබා රාත‍්‍රි නින්දට ගොස් පසුදින එය රැුගෙන යෑමට බලන විට වෙලන් පඳුර ද සමඟ ධාතු කරඬුව බිමට ගිලී ගොස් තිබුණ බැවින් වෙල්ලන්ගිලිය වී පසුව වෙල්ලන්ගිරිය බවට පත්වූ බව ජනප‍්‍රවාද කථාවල සඳහන් වෙයි. මෙම ප‍්‍රදේශයේ පිහිටා තිබෙන වෙල්ලන්ගිරිය රජමහා විහාරස්ථානය බොහෝ පුරාවෘත්තීන්ගෙන් ගහණ භූමියක පිහිටා ඇත.

තවමත් නිසි  ගවේෂණයකට  ලක් නොවුණු - වෙලන්ගිරිය රජමහා විහාරය

ආයුර්වේද ප‍්‍රතිකාර සඳහා භාවිතයට ගන්නා වෙල්ලන්ගිරිය ශාකය මෙම ප‍්‍රදේශයේ බහුලව තිබෙන හෙයින් වෙල්ලන්ගිරිය බවට පත්වූ බව ද ගොවියකු සී සාමින් සිටින විට පැරණි ගිරයක් කුඹුරෙන් හමු වූ නිසා වෙල්ලන්ගිරිය වූ බව ද ජනප‍්‍රවාදය අනුව පැරැුණ්නෝ පවසති.

 ඓතිහාසික වශයෙන් ප‍්‍රදේශයේ අනෙකුත් විහාරස්ථානවලට වඩා පුරාවිiාත්මක වටිනාකමක් ඇති වෙල්ලන්ගිරිය විහාරස්ථාන භූමියේ සිදු කළ කැණීම්වලදී කළු ගලින් නෙළන ලද බුදු පිළිම කොටස්, සඳකඩපහණ, කොරවක් ගල්, ගල්ලෑලි, අනුරාධපුර යුගයට අයත් ගඩොල් විශේෂ, හඳුනා නොගත් ගොඩනැඟිල්ලක කොටස්් ආදිය ද හමුවී ඇත.

 විහාරස්ථානයේ අතීතය පිළිබඳව කියාපාන ප‍්‍රධාන සාධකය වශයෙන් සඳකඩපහණ හැඳින්විය හැකිය. පොළොන්නරු යුගයේ සඳකඩපහණවල ගවරූප ඉවත්ව ගොස් ඇතත් වෙල්ලන්ගිරිය සඳකඩපහණ තුළ ඇති ඇත්, ගව, සිංහ රූප ආදිය දක්නට ලැබෙන නිසා එය අනුරාධපුර යුගයේ ඉදිකරන ලද සඳකඩපහණක් බව දැකගත හැකිය.

තවමත් නිසි  ගවේෂණයකට  ලක් නොවුණු - වෙලන්ගිරිය රජමහා විහාරය

මෙම විහාරස්ථාන භූමියෙන් හමුවී ඇති කොරවක් ගල් හා ඒවායේ හැඩතල පැරණි ගඩොල් ආදිය අනුව බලන විට වෙල්ලන්ගිරිය රජමහා විහාරස්ථානය අනුරාධපුර යුගයට අයත් විහාරයක් බව පෙන්වා දිය හැකිය.

 වෙල්ලන්ගිරිය විහාරස්ථානය අතීතයේදී විදේශ ආක‍්‍රමණිකයන්ගේ කොල්ලකෑම්වලට ලකවී ඇතැයි සිතිය හැකිය. අතීතයේ පුළුල් භූමියක පැවැති වෙල්ලන්ගිරිය රජමහා විහාරස්ථානය, වර්තමානය වනවිට මෙහි භූමිය අක්කර හතකට පමණ සීමාවී ඇත. මෙහි තැනින් තැන ගල්කණු රාශියක් දක්නට ඇත.

 මෙම විහාරස්ථානයේ සඟ පරපුර පිළිබඳව කතා කිරීමේදී වර්ෂ 1850 – 60 වැනි කාලවල මෙහි වැඩවාසය කොට තිබෙන්නේ කරඹේ සුනන්ද ස්වාමීන් වහන්සේය. ඉන්පසුව 1940 දී පමණ කුලියාපිටිය විiා විනෝද පිරිවෙන, කුද්දෙටියාව ශ‍්‍රී සුනන්දාරාමය, ඊරියගොල්ල අභයසිංහාරාමය ආදී විහාරස්ථාන ගණනාවක ආධිපත්‍ය හෙබවූ පළුවැලගාලේ සරණපාල නාහිමිපාණන් වහන්සේ මෙහි වැඩවාසය කොට ඇත. 1971 දී උන්වහන්සේ වයඹ පළාතේ ප‍්‍රධාන සංඝනායක පදවියෙන් ද පිදුම් ලබා ඇත. උන්වහන්සේගේ ශිෂ්‍යයකු වූ පන්නරේ ගුණානන්ද, මුු`ගුණුවටවන විමලධර්ම යන හිමිවරුන් වැඩවාසය කර ඇත.

 දැනට මෙහි වර්තමාන විහාරාධිපති ලෙස අලපලාදෙනියේ සුමනසිරි හිමියෝ කටයුතු කරති. වර්තමානයේ ශික්ෂූන්වහන්සේලා වාසය කරන සංඝාවාසය 1980 දී ඉදිකරන ලද ගොඩනැඟිල්ලකි. ඇපලදෙණියේ සුමනසිරි හිමියන්ගේ අනුශාසකත්වයෙන් විහාරස්ථානයේ දියුණුව උදෙසා සංවර්ධනය වෙමින් පවතී. අටපට්ටම් හැඩයෙන් යුක්ත මහල් දෙකකින් සමන්විත නව විහාර මන්දිරයත් ධර්ම ශාලාවත් ශ‍්‍රී ගුණානන්ද දහම් පාසලත් ශ‍්‍රී ගුණානන්ද පෙර පාසලත් මෙම විහාරස්ථානයට ඇතුළත් වෙයි.

 දුම්මලසූරිය –  සෝමවීර ගම්ලත්

advertistmentadvertistment
advertistmentadvertistment