ත‍්‍රස්ත මර්දන පනත මුළුමනින්ම අහෝසි කිරීම රජය ප‍්‍රතික්‍ෂේප කරයි

220

ත‍්‍රස්ත මර්දන පනත මුළුමනින්ම අහෝසි කරන ලෙස මානව හිමිකම් කොමිසම කළ ඉල්ලීම රජය ප‍්‍රතික්‍ෂේප කර ඇත.

මෙම පනත අහෝසි කළහොත් පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අන්තවාදීන් 310කට නිදහස් වීමට අවස්ථාව ලැබෙන බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය.

2019 අපේ‍්‍රල් 21දා සිදු වූ පාස්කු ප‍්‍රහාරයට අදාළ අන්තවාදීන් අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරීමට හැකි වූයේ මෙම පනත නිසාය.

මෙම පනත අහෝසි කරන ලෙස යුරෝපා සංගමය හා ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ ද රජයෙන් ඉල්ලා තිබුණි.

එම පනත අහෝසි කරන ලෙස ඉල්ලා ඇති ස්විස් රජයද දැඩි නීතිරීති සහිත ත‍්‍රස්ත මර්දන පනතම එරට ක‍්‍රියාත්මක කරයි.

කීර්ති වර්ණකුලසූරිය
 

advertistmentadvertistment
advertistmentadvertistment