ත්‍රිමාණ ක්‍රමයට නිවාස මුද්‍රණය කරයි

654

ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍රයක් ආධාරයෙන් නිවාස 100ක් ඉදිකිරීම ඇමෙරිකාවේ අයිකොන් මුල්කන් නැමැති සමාගම සමත්ව තිබේ.ටෙක්සාස් ප්‍රාන්තයේ මෙම නිවාස ඉදිකර ඇත.වර්ග අඩි 1500ත් 2000ත් අතර ප්‍රමාණයේ නිවාස ඉදිකර තිබේ.එක් නිවසක වටිනාකම ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 04ත් 06ත් අතර වේ.අඩි 45ක් පළල ටොන් 4.75ක් බර ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍රයක් ආධාරයෙන් මෙම නිවාස ඉදිකරනු ලබයි.අත්තිවාරම සාමාන්‍ය ක්‍රමයට ඉදිකරන අතර බිත්ති පමණක් ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍රය භාවිතා කරමින් මුද්‍රණය කරයි.එම යන්ත්‍රයට වැලි ,කොන්ක්‍රීට් ඇතුළු ඉදිකිරීම් අමුද්‍රව්‍ය යොදා බිත්ති මුද්‍රණය කරයි.මෙම නිවසක් සති 03කින් පමණ ඉදිකළ හැකි බව අයිකොන් සමාගම පවසයි.නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතිය 2022 වසරේ නොවැම්බර් මාසයේ දී ආරම්භ කර තිබේ.දැනට ඉදිකර ඇති නිවාස වලින් විශාල ප්‍රමාණයක් අලෙවි වී ඇතැයිද අයිකොන් සමාගම සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment